6. විනිබන්ධ සූත්‍ර වර්ණනාව
සැවැන්නෙහි චෙතසො විනිබන්ධා යනු සිත එකට බැඳ මිටක් කොට ගන්නාක් මෙන් ගනිත්යැයි චෙතසො විනිබන්ධා නමි, කාමෙ යනු වස්තුකාමයන්හි හා ක්ලෙශ කාමයන්හියි, කායෙ යනු තමන්ගේ සිරුරෙහියි, රූපෙ යනු බාහිර රූපයෙහියි, යාවදත්ථං යනු යම් පමණක් කැමති ද එපමණකි, උදරාවදෙහකං යනු බඩපුරවන්නාවූයි, එය වනාහි කුස පුරා සිටින බැවින් උදරාවදෙහක යයි කියනු ලැබේ, සෙය්යසුඛං යනු ඇඳ පුටුවල සුවය සහ සෘතු සුවයයි, පස්සසුඛං යනු යම්සේ හැරෙමින් නිදන්නාට දකුණුපස වම්පස වශයෙන් සුවයක් වේද එසේ උපන් සුවයයි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, අනුයුත්තො යනු යෙදී වසයි, පණිධාය යනු ප්‍රාර්‍ත්‍ථනා කොටයි, සීලෙන යනාදී තන්හි සීලං යනු සිවුපිරිසුදු සිල්ය, වතං යනු ව්‍රත සමාදානයයි, තපො යනු තපස් හැසීමයි, බ්රහ්මචරියං යනු මෛථුන විරතියයි, දෙවො වා භවිස්සාමි යනු මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි, දෙවඤ්ඤතරො ච යනු අල්පෙශාක්‍ය දෙවියන් අතුරෙහි කිසියම් දෙවියෙකියි.
7. යාගු සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වාතං අනුලොමෙති යනු සුළඟ අනුලොම්ව ගෙනයයි, වත්ථිං සොධෙති යනු ධමනීන් පිරිසුදු කරයි, ආමාවසෙසං පාවෙති යනු ඉදින් කුස තුළ ඉතිරි දෙයක් වේද එය පැසවයි.
8. දන්තකට්ඨ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අචක්ඛුස්සං යනු ඇස්වලට හිතනොවූයි, ඇස පිරිසුදු නොකරයි,
9. ගීතස්සර සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ආයතකෙන යනු දිගෙනි, පිරිපුන් පදව්‍යංජන බව ද ගාථාවෘත්තය ද වනසා පැවති දෙයිනි, සරකුත්තිම්පි නිකාමයමානස්ස යනු මෙසේ ගීතස්වරය කළයුතුයි ස්වරකෘත්යය කැමති වන්නාගේයි, සමාධිස්ස භඞ්ගො හොති යනු සමථ විදර්ශනා සිතේ විනාශය වෙයි.
10. මුට්ඨස්සති සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුක්ඛං සුපති යනු නොයෙක් සිහින දකිමින් දුකසේ නිදයි, දුක්ඛං පටිබුජ්ඣති යනු අවදි වන්නේද තැතිගෙන ලොමුදැහැ ගැනීම් ඇතිව අවදිවෙයි, මේ සූත්‍රයෙහි සිහිනුවණ මිශ්‍රකව කියන ලදි.
පළමුවැනි වර්ගයයි.
2. අක්කොසක වර්ගය
1. අක්කොසක සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයේ අක්කොසකපරිභාසකො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රොශ කරන්නේ භය දැක්වීමෙන් පරිභව කරන්නේයි, ඡින්නපරිපත්ථො යනු ලෝකෝත්තර බාධාව සිඳුණු බැවින් සිඳුණු බාධා ඇත්තේයි, රොගාතඞ්කං යනු රෝගයම දුෂ්කර ජීවිකාවක් ගෙන එන බැවින් රොගාතඞ්ක නම් වෙයි,
2. භණ්ඩනකාරක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අධිකරණකාරකො යන සතර අධිකරණයන්ගෙන් යම්කිසිවක් කරන්නායි, අනධිගතං යනු පෙර නූපන් විශේෂයකි,
3. සීල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දුස්සීලො යනු සිල් නැත්තේ, දුසිල්වූයේයි, සීලවිපන්නො යනු විපතට පත් සිල් ඇත්තේයි, බිඳුණු සිල් ඇත්තේයි, පමාදාධිකරණං යනු ප්‍රමාද කිරීමයි, මේ සූත්‍රය ද ගිහියන්ගේ වශයෙන් ආයේයි, පැවිද්දන්ට ද ලැබීමය, ගිහියා වනාහි යම් යම් ශිල්පයන්ගෙන් ජීවිකාව කරයි, කෘෂිවණික් වශයෙන්, පරපණ නැසීම් ආදි වශයෙන් පමාවූයේ ඒ ඒ දෙය සුදුසු කල්හි ඉටුකර ගැනීමට නොහැකි වෙයි, ඉක්බිති ඔහුගේ මූල ද නැසෙයි, නොනැසීම සඳහා නීති පණවා ඇති කල්හි පරපණ නැසීම සොරකම් ආදිය ද කරන්නේ මහත් වූ භොග පරිහානියට පැමිණයි, පැවිදි දුසිල් තැනැත්තේ ප්‍රමාද හේතුවෙන් ශීලයෙන් බුද්ධ වචනයෙන් ධ්‍යානයෙන් සප්ත ආර්‍ය්‍ය ධනයෙන් ද පිරිහීමට යයි, ගිහියාට, “අසවලා අසවල් කුලයෙහි උපන්නේ දුසිල් වූයේ පවිටුදම් ඇත්තේ අත්හළ මෙලොව පරලොව ඇත්තේ ලහබතක් පමණවත් නොදෙයි” යනුවෙන් සිවුපිරිස මැද අපකීර්ති ශබ්දයක් මතුවෙයි. පැවිද්දාට අසවලා සිල් රැකීමට අසමත් විය, බුද්ධ වචනය ගැනීමට නොහැකි විය, වෙදකම් ආදියෙන් ජීවත්වෙයි, අගෞරව සයෙන් යුක්තවූයේයයි මෙසේ (අපකීර්තියක්) පැනනගියි,
අවිසාරදො යනු ගිහියා අවශ්‍යයෙන්ම බොහෝ දෙනා රැස්වන තන්හි කිසිවෙක් මගේ කර්මය දන්නේ නම් මා අල්වා ගනිතැයි හෝ රාජකුලයට හෝ දක්වතියි බියසහිතව එළඹෙයි, හිසනැවුනේ පහතට නැවුණු කඳ ඇත්තේ ඇඟිලි අගින් බිම සාරමින් හිඳියි, නිර්භය වී කථාකිරීමට නොහැකි වෙයි, පැවිද්දා ද බොහෝ භික්ෂූන්ගේ රැස්වීමෙන් අවශ්‍යයෙන්ම යම් කිසිවෙක් මගේ කර්මය දනියි. ඉක්බිති මගේ පෙහෙවසත් පවාරණයත් අතහැර ශ්‍රමණ බවින් පහකොට එලවාදමතැයි බිය සහිතව එළඹෙයි, නිර්භය වී කථා කිරීමට නොහැකි වෙයි, ඇතැම් දුසිල් වූවෙක් එඩි ඇත්තේ මෙන් හැසිරෙයි හෙතෙමේත් අදහස් වශයෙන් මඞ්කුවූයේම වෙයි,
සම්මුළ්හො කාලං කරොති යනු මරණ මඤ්චකයෙහි වැදහොත්තහුට දුසිල්කම් පිළිගෙන පැවතුනු තැන (අරමුණු වශයෙන්) ආපථයට එයි, හෙතෙම ඇස් ඇර මෙලොව දකියි, ඇස්වසා පරලොව දකියි, ඔහුට එතර අපාය එළඹ සිටී, සැත් සියයකින් හිසට පහර දෙන්නාක් මෙන් හැඟෙයි, හෙතෙම වළක්වවු වළක්වවු හඬ නගමින් මැරෙයි, එහෙයින් සම්මුළ්හො කාලං කරොතියි කියන ලදි, පස්වැනි පදය පැහැදිලිමය, අනුසස් කථාව කියන ලද්දට වෙනස් ලෙසින් දතයුතුය.
4. බහුභාණි සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි බහුභාණිස්මිං යනු නුවණින් නොපිරිසිඳ බොහෝ කියනකල්හියි, මන්තභානිස්මිං යනු මන්තා යනු ප්රඥාවයි එයින් පිරිසිඳ කියන කල්හියි,