3. සඞ්ගාරව සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි පගෙව යනු පළමුවමයි, කාමරාගපරියුට්ඨිතෙන යනු කාමරාගයෙන් ගන්නා ලද්දහු විසිනි, කාමරාගපරෙතෙන යනු කාමරාගයට අනුගත වූවහු විසිනි, නිස්සරණං යනු කාමරාග නිශ්ශරණය තෙවැදෑරුම් වෙයි, වික්ඛම්හන නිස්සරණය තදඞ්ග නිස්සරණය, සමුච්ඡෙද නිස්සරණය යනුවෙනි. එහි අසුභ භාවනාවෙහි ප්රථමධ්යානය වික්ඛම්හන නිස්සරණය නමි, විදර්ශනාව තදඞ්ග නිස්සරණය නමි, අරහත්මාර්ගය සමුච්ඡෙද නිස්සරණය නමි, ඒ ත්රිවිධ නිශ්ශරණයම නොදනියි අරුත්ය, අත්තත්ථමපි යනාදියෙහි අරහත්වය සංඛ්යාත තමන්ගේ අර්ත්ථය අත්තත්ථො නමි, ප්රත්යය දෙන්නවුන්ගේ අර්ත්ථය පරදා නමි, ඒ දෙකම උභයත්ථො නමි, මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ත්ථය යන්න දතයුතුයි:
මේ වනාහි විශේෂයයි, ව්යාපාදස්ස නිස්සරණං යනාදියෙහි වික්ඛම්හන නිස්සරණය සමුච්ඡෙද නිස්සරණය යන නිශ්ශරණ දෙකමය, එහි ව්යාපාදයාගේ වනාහි මෛත්රියෙන් ප්රථම ධ්යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථීන මිද්ධයාගේ ආලොක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්ගය ද සමුච්ඡෙද නිස්සරණයයි, යන නිශ්ශරණ දෙකමය, එහි ව්යාපාදයාගේ වනාහි මෛත්රියෙන් ප්රථම ධ්යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථිනමිද්ධයාගේ ආලෝක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණ යයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්ගයද සමුච්ඡෙද නිස්සරණයයි, ධර්ම ව්යවස්ථානය විචිකිච්ඡාවගේ වික්ඛම්හන නිස්සරණයයි, ප්රථම මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි,
“සෙය්යථාපි බ්රාහ්මණ උදපත්තො සංසට්ඨො ලාඛාය වා” ආදිවූ යම් උපමාවක් කියන ලද්දේ ද ඒ උපමා අතුරෙහි උදපත්තො යනු දිය බර ඇති භාජනයයි, සංසට්ඨො යනු වර්ණභේදය ඇති කිරීම් වශයෙන් එකට මුසුවූයේයි, උක්කට්ඨිතො යනු කියන ලද්දේයි, උස්සදකජාතො යනු උණුසුම්බවට පැමිණියේයි, සෙවාලපණක පරියොනද්ධො යනු තල ඇට ආදී භේද ඇති සෙවලින් හෝ නිල් මැඬියකුගේ පිටෙහි පැහැයෙන් හෝ දියමතුපිට වසා හටගත් ජලජ ශාකයෙන් වැසුනේයි, වාතෙරිතො යනු වාතයෙන් සැඑණේයි කැළඹුණේයි, ආවිලො යනු නොපහන් වූයේයි, ලුළිතො යනු සන්සුන්ව නොසිටියේයි, කලලීභූතො යනු මඩවූයේයි, අන්ධකාරෙ නික්ඛිත්තො යනු කොටු අතරක ආදී භේද ඇති ආලෝකය නැති තැනක් තබන ලද්දේයි, මේ සූත්රයෙහිදී භාග්යවතුන් වහන්සේ තුන් භවයන්ගෙන් දෙසුම ඉදිරිපත් කොට රහත්බව කුළුගැන්වීමෙන් නිමවා වදාළ සේක. බමුණා තිසරණයෙහි පමණක් පිහිටියේයි.
4. කාරණපාලී සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි කාරණපාලි යනු පාල යනු ඔහුගේ නමයි, රාජකුලයන්හි කර්මාන්ත කෙරේනුයි කාරණපාලි නම් වූයේය, කම්මන්තං කාරෙති යනු උදයෙන්ම නැගිට දොරටු අටලු ප්රාකාරයන්හි (නිමා) නොකළ දෙය කරවයි, දිරුණු තැන් පිළිසකර කරවයි, පිඞ්ගියානිං බ්රාහ්මණං යනු මෙසේ නම් ඇති අනාගාමි පෙලෙහි පිහිටි ආර්යශ්රාවක බමුණායි, හෙතෙම උදෑසනින්ම නැඟිට ගඳමල් ආදිය ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ගඳමල් ආදියෙන් පුදා නුවරට එයි, මෙය බමුණාගේ දිනපතා පිළිවෙතයි, හෙතෙම මෙසේ වත්කොට එන්නහු දුටුවේය, එතදවොච යනු මේ බමුණා නුවණැත්තෙකි, ඥානයෙන් උසස් වූවෙකි, කොහි උදෑසනින්ම ගොස් එන්නේදැයි සිතා පිළිවෙලින් සමීපයට ආවහු හැඳින භන්දකුතොනු භවං යනාදි වචන කීව්වේය.
එහි දිවාදිවස්ස යනු දහවලෙහි ද දහවලයි, මධ්යාහ්න කාලයයි අරුත්ය, පණ්ඩිතො මඤ්ඤති යනු පිඞ්ගියානි බමුණා ශ්රමණභවත් ගෞතමයන් පණ්ඩිතයෙකැයි හඟිත්ද නැතහොත් නැද්දැයි මෙය මෙහි අර්ත්ථයයි, කො චාහං භො යනු පින්වත ශ්රමණ භවත් ගෞතමයන්ගේ ප්රඥාවිශාරදත්වය දැනීමෙහි මම කවරෙක් නම් වේද, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි යනු කොයින් මම ශ්රමණ භවත් ගෞතමයන්ගේ ප්රඥාවිශාරදත්වය දැන ගන්නෙම්ද කවර කරුණින් දැන ගන්නෙම්දැයි මෙසේ සර්වප්රකාරයෙන් ම තමන් නොදන්නා බව දක්වයි, සොපි නුනස්ස තාදිසොව යනු යමෙක් ශ්රමණ භවත් ගෞතමයන්ගේ ප්රඥා විශාරදත්වය දන්නේද හෙතෙමේත් ඒකාන්තයෙන්ම දශපාරමිතාවන් පුරා සර්වඥ බවට පත් වූ එබඳු බුදුවරයෙක්ම වන්නේය, මහමෙර හෝ පොළොව හෝ අහස හෝ මනිනු කැමැත්තහු විසින් එපමණම වූ දණ්ඩක් හෝ රැහැනක් හෝ ලැබීමට වටියි, ශ්රමණ ගෞතමයන්ගේ ප්රඥාව දන්නහු විසින් ද ඔහුගේ ඥානයට සමාන වූම සර්වඥතාඥානය ලැබීමට වටීයයි දක්වයි, ගෞරව වශයෙන් මෙහි ආමෙණ්ඩිතය (විශ්මය ප්රකාශනය) කරන ලදි. උළාරාය යනු උතුම් වූ ශ්රේෂ්ඨවූයි, කො චාහං භො යනු පින්වත මම ශ්රමණ ගෞතමයන්ගේ සසුනෙහි කවරෙක් නම් වෙම්ද? කොච සමණං ගොතමං පසංසිස්සාමි යනු කුමන කරුණකින් ප්රශංසා කරන්නෙම්ද?