2. දෙවැනි ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ආඝාතය මොවුන් කෙරෙහි දුරුකළයුත්තේයයි ආඝාතපටිවිනයා නමි, ආඝාතය මොවුන් විසින් දුරු කළ යුත්තේය යන්නෙන්ද, ආඝාතපටිවිනයා නමි, පටිවිනයො යනු දුරුකළයුතු වස්තූන්ට ද දුරුකරන කරුණුවලට ද මේ පර්යාය වචනයකි, මෙහි ඒ දෙකම වටියි, පුද්ගලයෝ පස්දෙනෙක් දුරුකරන කරුණුවලට වස්තු වෙති, උපමා පසකින් ප්‍රතිපත්ති පස දුරුකරන කරුණුයි, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං යනු කලින්කල සමථ විදර්‍ශනා සිතේ උපදින අවකාශ සංඛ්‍යාත වූ විවරය ද ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නභාව සංඛ්‍යාත වූ ප්‍රසාදය ද ලබයි,
රථියාය යනු අතුරු වීදියෙහියි, නන්තකං යනු වැරහැලිකඩයි, නිග්ගහෙත්වා යනු මැඬයි, යො තත්‍ථ සාරො යනු එහි යම් ස්ථිර තැනකි, තං පරිපාටෙත්වා යනු එය ඇද දමායි, එවමෙව ඛො යනු මෙහි පාංශුකූලිකයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, වීදියෙහි වැරහැලි කැබැල්ල මෙන් වෛරි පුද්ගලයායි, දුර්‍වලතැන මෙන් අපරිසිදුකාය සමාචාර ඇති බවයි, ස්ථිර තැන මෙන් පිරිසුදු වාග් සමාචාර ඇති බවයි, දුර්‍වල තැන හැරදමා ස්ථිර තැන ගෙන ගොස් මසා පඬු පොවා පෙරව හැසිරෙන කාලය මෙන් අපිරිසුදු කාය සමාචාරවත් බව මෙනෙහි නොකොට පිරිසුදු වචී සමාචාරවත් බව මෙනෙහි කොට වෛරී පුද්ගලයා කෙරෙහි සිත ඉපදීම නිවා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුය,
සෙවාලපණකපරියොනද්ධා යනු සෙවලින් ද ජලජ පැලෑටිවලින් ද වැසුණාවූයි, සම්මපරෙතො යනු ග්‍රීෂ්මයෙන් මැඬුණාවූයි, කිලන්තො යනු මාර්‍ගයෙහි වෙහෙසුණේයි, තසිතො යනු තෘෂ්ණාවෙන් මැඬුණේයි, පිපාසිතො යනු පැන් බොනු කැමැත්තේයි, අපබ්බුහිත්වා යනු ඉවත් කොටයි. පිචිත්වා යනු පහන්දිය බීයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් තැවුණු පුරුෂයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, සෙවල හා දිය පැලෑටි මෙන් අපිරිසුදු වාග් සමාචාරවත් බවයි, පහන්දිය මෙන් පිරිසුදු කායසමාචාරවත් බවයි, සෙවල හා දිය පැලෑටි ඉවත්කොට පහන්දිය බී යාම මෙන් අපිරිසුදු වාග් සමාචාරවත්බව මෙනෙහි නොකොට පිරිසුදු කායසමාචාරවත් බව මෙනෙහි කොට වෛර ඇත්තා කෙරෙහි සිත ඇතිවීම නිසා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුයි,
බොභෙස්සාමි යනු කළඹන්නෙමි, ලොලෙස්සාමි යනු අවුල් කරමි, අපෙය්‍යමපි නං කරිස්සාමි යනු බීමට නොහැකි වූවක් කරන්නෙමි, චතුගුණ්ඩිකො යනු දන දෙකින් ද අත්දෙකින් ද බිම පිහිටීමෙන් සතරට ගුලිවූවෙක් වීයි, ගොජිතකං පිචිත්වා යනු දෙනුන් මෙන් මුවෙන් අදිමින් පානය කොටයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් මැඬුනහු මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුයි, ගව පියසටහන මෙන් වෛරි පුද්ගලයායි, ගවපිය සටහනෙහි මදදිය මෙන් ඔහුගේ ඇතුළත මඳ ගුණයයි, සතරට ගුලිවූවහු මුවෙන් ඇද බීයාම මෙන් අපිරිසුදු කායවාග් සමාචාරවත්බව මෙනෙහි නොකොට හෙතෙම කලින් කල ධර්‍මශ්‍රවණය නිසා යම් චිත්ත විවර ප්‍රසාද සංඛ්‍යාත වූ ප්‍රීතියෙන් ප්‍රමුදිත බවක් ලබයි ද එය මෙනෙහි කොට සිත ඉපදීම නිවාදැමීම දැක්විය යුතුය,
ආබාධිකො යනු ඉරියව් බිඳීමෙන් විරුද්ධ නිමිත්ත නමැති ආබාධයෙන් ආබාධයට පත්වූයේයි, පුරතොපිස්ස යනු ඉදිරියෙහි ද වන්නේය, අනයව්‍යසනං යනු අවැඩ වැනසීමයි, එවමෙව ඛො යනු මෙහි ඒ අනාථගිලනා මෙන් සියලු පාප ධර්‍මයන්ගෙන් යුක්ත පුද්ගලයායි, දිගු මග මෙන් නොදත් අග් ඇති සසරයි, ඉදිරියෙන් ද පිටුපසින් ද ගම්වලට දුරබව මෙන් නිවනට දුර බවයි, ගැලපෙන බොජුන් නොලැබීම මෙන් ශ්‍රමණඵලයන් විදීමක් නොලැබීමයි, ගැලපෙන බෙහෙත් නොලැබීම මෙන් සමථ විදර්‍ශනාවන්ගේ නොලැබීමයි, සුදුසු උපස්ථායකයන් නොලැබීම මෙන් අවවාද අනුශාසනාවන්ගෙන් කෙලෙසුනට පිළියම් කරන්නවුන් නොලැබීමයි, ග්‍රාමන්ත නායකයකු නොලැබීම මෙන් නිවන පමුණුවන්නා වූ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නොලද බවයි, කිසියම් පුරුෂයකුගේ දැක කුළුණුබර උවටැන මෙන් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් වෙසෙන්නා කරුණාව උපදවා සිත නිවීම දතයුතුයි,
අච්ඡෙදිකා යනු පැහැදුණු දිය ඇත්තාවූයි, සාතොදිකා යනු මිහිරිදිය ඇත්තාවූයි, සීතොදිකා යනු තුනී සිසිල් දිය ඇත්තාවූයි, සෙතකා යනු රැළබිඳෙන තැන්හි සුදු පැහැය ඇත්තේයි, සුපතිත්‍ථා යනු සමකොට ඇත්තාහුයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් තැවුණු පුරුෂයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුයි, ඒ පොකුණ මෙන් පිරිසුදු සියලු ආචාර ඇති පුරුෂයායි, නා බී ගොඩවී ගස් සෙවනක වැදහෙව කැමති පරිද්දෙන් යාම මෙන් ඒ දොරටුවල යමක් කැමති වේද එය අරමුණු කොට සිත නිවාදැමීම දතයුතුය, තෙවැනි සිවුවැනි සූත්‍ර යට කියන ලද පරිද්දෙන්ම වෙයි.
5. පඤ්හපුච්ඡා සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අඤ්ඤාතුකාමො යනු දනුකැමැත්තේ වීයි, පරිභවං යනු පරිභව කරන්නේයි, මෙසේ ඔහුට පරිභව කරන්නෙමැයි පරිහව කිරීම සඳහා අසතැයි අරුත්ය.