5. පඤ්හපුච්ඡා සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අඤ්ඤාතුකාමො යනු දනුකැමැත්තේ වීයි, පරිභවං යනු පරිභව කරන්නේයි, මෙසේ ඔහුට පරිභව කරන්නෙමැයි පරිහව කිරීම සඳහා අසතැයි අරුත්ය.
6. නිරොධ සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අත්‍ථෙතං ඨානං යනු මේ කරුණ ඇත යනුයි, නො චෙ දිට්ඨෙ ච ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය යනු මේ අත් බැව්හිම ඉදින් රහත් බවට නොපැමිණෙන්නේද යනුයි, කබලිංකාරභක්ඛානං දෙවානං යනු කාමාවචර දෙවියන්ගේයි, අඤ්ඤතරං මනොමයං කායං යනු ධ්‍යාන මනසින් උපන් එක්තරා සුද්ධාවාස බ්‍රහ්ම ශරීරයකි, උදායි යනු ලාළුදායීය, හෙතෙම මනොමයයැයි අසා, අරූපාවචර බ්‍රහ්මයෙකු වියයුතුයයි වැළැක්වීය, තෙරණුවෝ යමකුගේ ඉදිරියෙහිම (ඔහුගේ) වචන භික්ෂුහු පිළිකෙවු කරත් ද (ඒ) සැරියුත් තෙරණුවෝ කුමක් දනිත් දැයි මෙසේ බාලයන්ගේ විශ්වාසයක් ඇතිවීම වළක්වනු සඳහා ඒ වචනය නොඉවසා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියහ.
අත්‍ථිනාම යනු නොයිවසීම් අර්‍ත්‍ථයෙහි නිපාතයකි, එහෙයින්ම මෙහි අජ්ඣුපෙක්ඛිස්සථ (බලාපොරොත්තුවන්නහු වෙවුයි) අනාගත (විභක්ති) වචනය කරන ලදි, “ආනන්දය. නුඹලා වෙහෙසනු ලබන ස්ථවිර භික්ෂුව බලාපොරොත්තුවහු, (මම) නුඹලාගේ මෙය නොඉවසමි”යි මෙය මෙහි අර්‍ත්‍ථයයි, කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ටම මෙසේ වදාළ සේක්ද යත්? ධර්‍මහාණ්ඩාගාරික බැවිනි, මෙසේ කියන සේක් ධර්‍මහාණ්ඩාගාරිකටම වැළැක්වීමේ භාරය වෙයි, තවද (ආනන්ද තෙරණුවෝ) සැරියුත් තෙරුන්ගේ යහළුවෙකි, ඒ නිසා ද මොහුට ඒ භාරය පැවරෙයි. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ගරහමින් මෙසේ කී සේක්ද? මෙය උන්වහන්සේට පමණක්ම ගැරහීමක් නොවේ. එක්රැස් වූ හැමටම ගැරහීමකැයි දතයුතුය, විහාරං යනු ගඳකිලියයි,
අනච්ඡරියං යනු ආශ්චර්‍ය්‍යයක් නොවේ. යථා යනු හේතුව හැඟවීමේ වචනයකි, ආයස්මන්තංයෙවෙත්‍ථ උපවාණං පටිභාසෙය්‍ය යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙකරුණම අරභයා දෙසූ කල්හි ආයුෂ්මත් උපවාණ තෙරුන්ටම පිළිතුර වැටහේවා එළඹේවායි දැක්වෙයි, සාරජ්ජං ඔක්කන්තං යනු දොම්නස පිවිසිණි, සීලවා යනාදියෙහි ක්ෂීණාශ්‍රව ශීලයෝම කියන ලදහ: ඛණ්ඩිච්චෙන යනාදිය සත්කාර ආදීන්ගේ හේතුවිමසීම් වශයෙන් කියන ලදි, කිම, ඛණ්ඩිච්ච (කැබැලි) ආදී කාරණයන්ගෙන් ඒ ඒ සබ්‍රහ්මචාරියාට සත්කාර කරන්නහුද යන මෙය මෙහි අදහසයි.
7. චෝදනා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වොදකෙන යනු වස්තු දැක්වීම, ඇවැත් දැක්වීම, එක්ව විසීම ප්‍රතික්ෂේප කිරීම, පිළිසඳර ප්‍රතික්‍ෂේප කිරීම යන චොදනා වස්තු සතරින් චොදනා කරන්නහු විසිනි, කාලෙන වක්ඛාමි නො අකාලෙන යනු මෙහි චුදිතයාගේ කාලය කියන ලදි, චොදකයාගේ නොවේ, අනෙකෙකුට චෝදනා කරන්නහු විසින් පිරිස මැද හෝ පෙහෙවස්ගෙහි හෝ පවාරණයෙහි හෝ අසුන්හල් බොජුන්හල් ආදියෙහි හෝ චොදනා නොකළයුතුය, දිවා ස්ථානයෙහි හුන්කල්හි චෝදනා කරන ආයුෂ්මත්හු “අවසරයි, ආයුෂ්මතුන්ට කියනු (චෝදනා කරනු) කැමැත්තෙමැ”යි මෙසේ අවසර ගෙන චෝදනා කළයුතු පුද්ගලයා සලකා යම් ලොල් පුද්ගලයෙකි. අසත්‍යය කියා භික්ෂූන්ට අයස පවරනු කැමැත්තෙක් නම් හෙතෙම අවසර ගැනීමකින් තොරව ද චොදනා කළයුත්තේය, භූතෙන යන සත්‍යයෙනි, ස්වභාවයෙනි, සණ්හෙන යනු මටවූ මුදුවූ දෙයිනි, අත්‍ථසංහිතෙන යනු අර්‍ත්‍ථ කැමැත්තෙන් හිත කැමැත්තෙන් යුක්ත වූවෙනි, අවිප්පටිසාරො උපදහාතබ්බො යනු නොමකවූයේ උපදවිය යුත්තේය, අලං තෙ අවිප්පටිසාරාය යනු ඔබගේ නොමකුබවට සුදුසුයි, මෙහි සෙස්ස පැහැදිලිමය, අටවැන්න යටකියන ලද ආකාරය ඇති බැවින් ප්‍රකටමය.