1. පළමුවැනි සම්මත්තනියාම සූත්ර වර්ණනාව
සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්රයෙහි අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මහතං යනු කුශල ධර්මයන්හි සම්පූර්ණත්වය වූ මාර්ගනියමයට බැසගන්නට නොසුදුසුවූයේ බදුන් නොවූයේයි, කථං පරිභොති යනාදියෙහි මෙය කවරනම් කථාවක්දැයි කියමින් කථාව පරිභව කරයි නමි, මෙතෙම කුමක් කියයි ද මෙතෙම කුමක් දනියිදැයි කියමින් කථිකයාට පරිභව කරයි නමි, අපි කුමක් දනිමුද අපට මෙය ඇසීමට කොයින් බලයක්දැයි කියමින් තමන් පරිභවයට ලක්කරයි නමි, විරුද්ධාකාරයෙන් යහපත් පැත්ත දතයුතුය.
2. දෙවැනි සම්මත්තනියාම සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී යනු නොදන්නා ලද දෙයෙහි මෙය මවිසින් දැනගන්නා ලදැයි මෙසේ මාන ඇත්තේයි.
3. තුන්වැනි සම්මත්තනියාම සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි මක්ඛි ධම්මං සුණාති යනු (ගුණ) මකුවෙක් වී ගුණ යටපත් කරන සිතෙන් ධර්මය අසයි, උපාරම්හචිත්තො යනු නින්දා රෝපන සිතැත්තේයි, රන්ධගවෙසි යනු ගුණ සිදුර ගුණ හිදැස සොයන්නේයි.
4. පළමුවැනි සද්ධම්මසම්මොස සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි න සක්කච්චං ධම්මං සුණන්ති යනු යොමුකළ කන් ඇත්තෝව මනාව කළ කටයුතු කරන්නෝ වී නො අසත්, න පරියාපුණ්නති යනු අසන ලද අයුරින් ධර්මය පිළිපදින්නෝ වුවද මනාකොට නොපිළිපදිති. පස්වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
6. තුන්වැනි සද්ධම්මසම්මොස සූත්ර වර්ණනාව
සවැන්නෙහි අප්පටිසාරිණො යනු ප්රතිෂ්ඨා නැත්තේයි, ආචාර්යවරු සූත්රාන්තයට පිළිසරණ නම් වෙති, ඔවුන්ගේ අභාවයෙන් පිළිසරණ නැත්තේ වෙයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇත්තේමය.
7. දුක්කථා සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පුග්ගලං උපනිධාය යනු ඒ ඒ පුද්ගලයා තබා, සාක්ෂ්ය කොටැයි අරුත්ය, කච්ඡමානාය යනු කියනු ලබන්නාවූයි, මෙහි සෙස්ස ද අටවැන්න ද පැහැදිලි අරුත් ඇත්තේමය.
9. උදායී සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ආනුපුබ්බිකථං කථෙස්සාමි යනු දානයට අනතුරුව ශීලයයි, ශීලයට අනතුරුව ස්වර්ගයයි මෙසේ දේශනා පිළිවෙළ කථාව හෝ යම් යම් සූත්ර පදයක් හෝ ගාථා පදයක් හෝ ඉදිරිපත් කරන ලද්දේ වේ ද ඒ ඒ දෙයට සුදුසු කථාවක් හෝ කියන්නෙමැයි සිත උපදවා අනුනට ධර්මය දේශනා කළයුතුය, පරියායදස්සාවී යනු ඒ ඒ අර්ත්ථයට ඒ ඒ කරුණ දක්වන්නේයි, මෙහි කාරණයට පරියායයි කියනු ලැබේ. අනුද්දයතං පටිච්ච යනු මහත් සම්බාධයකට පත් සත්ත්වයන් ඒ සම්බන්ධයෙන් මුදවන්නෙමැයි අනුකම්පාවට පැමිණෙයි, න ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ගෙන කටයුතු නොකරන්නේයි, තමන්ගේ සිවුපස ලැබීම බලාපොරොත්තු නොවන්නේයි අරුත්ය, අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච යනු තමන් උසස්කොට සැලකීම අනුන් පහත්කොට සැලකීම ආදී වශයෙන් තමන් ද අනුන් ද ගුණ නැසීමෙන් නොනසයි.
10. දුප්පටිවිනොදය සූත්ර වර්ණනාව
දසවැන්නෙහි දුප්පටිවිනොදයා යනු යම් සිනහසීම් ආදී කටයුතු ඇති කිරීමට (සුදුසු) තැන් වේ ද ඒවා නිමාවට නොපත්කල්හි අතරතුරදීම නොමනාව ඉදිරිපත් කරන්නේ නොමනාව යටපත් කරන්නේ වෙයි, පටිභානං යනු කියනු කැමැත්තයි, මේ කරුණු පස දුරුකිරීමට දුෂ්කරය, දුරුකිරීම පහසු නොවේ, උපාය කාරණයෙන් සුදුසු වූ ප්රත්යවෙක්ෂණ අනුශාසනා ආදියෙන් දුරු කිරීමට හැකිය.