8. ලිච්ඡවිකුමාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සජ්ජානි ධනුනි යනු දුනුදිය අදින ලද නංවනලද දුනුයි, අද්දසු යනු දුටුවාහුය, භවිස්සන්ති වජ්ජි යනු වජ්ජි රජදරුවෝ වැඩෙති, අපජහා යනු අවැඩ ඇසුරු වූ මානයෙන් දැඩිවූවෝයි, පච්ඡාලියං ඛීපං යනු පිටුපසින් ගොස් පිටිපයින් ගසත්, රට්ඨිකස්ස යනාදියෙහි රට පරිභොග කරයිනුයි රට්ඨික නමි. පියා විසින් දෙන ලද ධනය පරිභෝග කෙරේයි පෙත්තනිකො නමි, සේනාවට ස්වාමියාය, ජ්‍යෙෂ්ඨයායි, සෙනාපති කො නමි, ගාමගාමිකස්ස යනු ගම්වල ස්වාමියාගේයි, අධිපතියාගේයි, පුග්ගාමණිකස්ස යනු සමූහයක ප්රධානයාගේයි, කුලෙසු යනු ඒ ඒ කුලයන්හියි, පෙච්චකාධීපච්චං කාරෙන්ති යනු තනිතනිව ප්‍රධාන තනතුර කරත්, කල්යාණෙන මනසා අනුකම්පන්ති යනු සොඳුරු සිතෙන් අනුග්‍රහ කරති. ඛෙත්තකම්මන්ත සාමන්ත සංවොහාරෙ යනු තමන්ගේ කර්මාන්තයන්ගේ සාමාන්තයෝ (අසල්වැසියෝ), සමීප කුඹුරු හිමියෝ වෙත්ද ඔවුහු ද රැහැන් දඬුවලින් භූමි ප්‍රමාණයන් ගන්නා වූ ව්‍යාපාරයන් ද යනුයි, බලිපටිග්ගාහිකා දෙවතා යනු කුල පරපුරින් ආවාවූ ආරක්ෂක දේවතාවෝයි, සක්කරොති යනු ඒ දෙවිවරුන් අග්රයාගු (කැඳ) බත් ආදියෙන් සත්කාර කරයි.
කිච්චකරො යනු ඇතිවූ කටයුතු කරන්නායි, යෙ චස්ස උපජීවිනො යනු යමෙක් ඒවා ඇසුරු කොට ජීවත් වෙත්ද ඔවුහුයි. උභින්නංයෙච අත්ථාය යනු දෙදෙනාටම යහපත සඳහා පිළිපන්නේ වෙයි, යන අරුත්ය. පුබ්බපෙතානං යනු පරලොව ගියවුන්ගේයි, දිට්ඨධම්මො ච ජීවිතං යනු යමෙක් මෙලොව ජීවත් වෙත්ද ඔවුන්ගේයි. මෙසේ පද දෙකින්ම අතීත හා වර්තමාන ඥාතීන්ම දක්වයි. විත්තිසංජනනො යනු සතුට දනවන්නේයි, ඝරමාවසං යනු ගිහිගෙහි වසන්නේයි, පුජ්ජො හොති පසංසියො යනු පිදිය යුත්තෙක් ද පැසසිය යුත්තෙක් ද වෙයි.
9-10. පඨමබුඩ්ඪපබ්බජිත ආදි සූත්‍ර වර්ණනා
නවවැන්නෙහි නිපුණො යනු තියුණු වූයේ සියුම් කරුණු දන්නේයි, ආකප්පසම්පන්නො යනු ශ්රමණා කල්පයෙන් යුක්තවූයේයි, දසවැන්නෙහි පදක්ඛිණග්ගාහී යනු දුන් අවවාදය පැදකුණු කිරීමෙන් ගන්නේයි, සෙසු සියලු තැන්හි පැහැදිලිමය.
පළමුවැනිවූ නීවරණ වර්ගයයි.
2. සඤ්ඤා වර්ගය
1. පඨමසඤ්ඤා සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි මහප්ඵලා යනු විපාක ඵලයෙන් මහත්ඵලවූයේයි: විපාක ආනිසංශයෙන්ම මහානිසංසා නමි, අමතොගධා යනු නිවනට පිළිසරණ වූයි: සබ්බලොකෙ අනභිරතසඤ්ඤා යනු ත්‍රිවිධ ධාතූන් රැස්වන්නා වූ සියලු ලෝකයෙහි කළකිරුණු තැනැත්තාට උපදින සංඥාවයි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
3. පඨමවඩ්ඪි සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි වරදායී යනු උතුම් වූ වරය දෙන්නයි, මෙහි සෙස්ස සිවුවැන්නෙහි ද පැහැදිලි අරුත් ඇත්තේමය,
5. අලංසාකච්ඡ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අලංසාකච්ඡො යනු සාකච්ඡාවට සුදුසුවූයේයි, ආගතං පඤ්හං යනු අසන ලද ප්රශ්නයයි, ව්යාකත්තා හොති යනු විසඳන ලද්දේ වෙයි,
6. අලංසාජීව සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි අලංසාජීවො සමාන පැවැත්මට සුදුසුවූයේයි: සාජීවො යනු ප්‍රශ්න ඇසීම සහ ප්‍රශ්න විසඳීමයි. සියලුම සම බඹසරෙහි හැසිරෙන්නෝ ප්‍රශ්න ඇසුරෙහි පවතිත්, එහෙයින් එම ප්‍රශ්න ඇසීම සහ ප්‍රශ්න විසඳීම සමාන පැවැත්ම වන බැවින් “සාජීවො”යි කියන ලදි. කතං පඤ්හං යනු නිර්මාණය කරන ලද ප්රශ්නයයි,
7-10. පඨමඉද්ධිපාද ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි උස්සොළ්හි යනු දැඩි වීර්යයයි, අටවැන්නෙහි තමන්ගේ බෝමැඬෙහි අවබෝධ කළ, පැමිණෙන සෘද්ධිපාදයන් කියා මත්තෙහි තමන්ම ෂඩ් අභිඥාවන් කීවේය. නවවැනි දසවැනි සූත්‍රවල විදර්ශනාව කියන ලදි, සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වූ සඤ්ඤා වර්ගයයි.
3. අනාගතභය වර්ගය
1. පඨමචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි යතො ඛො භික්ඛවෙ යනු යටකී පරිද්දෙන්ම විදසුන් වඩා රහත්බවට පත් භික්ෂුවගේ ගුණ කියනු සඳහා දැන් මෙය අරඹන ලදි, එහි යතො ඛො යනු යම් කලෙක වනාහියි, උක්ඛිත්තපලිඝො යනු අවිද්‍යාව නමැති බාධාව ඔසවා ඉවත්කොට සිටියේයි, සංකිණ්ණපරිබො යනු සසර අගල විසුරුවා විනාශකොට සිටියේයි, අබ්බුළ්හෙසිකො යනු තෘෂ්ණා සංඛ්‍යාත වූ තණ්හා නමැති කණුව උදුරා සිඳ සිටියේයි, නිරග්ගළො යනු නීවරණ අගුළ විවරකොට සිටියේයි, පන්නද්ධජො පන්නභාරො යනු මාන නමැති ධ්වජය ද ස්කන්ධ අභිසංස්කාර ක්ලෙශභාරය ද හෙලා බහා සිටියේයි, විසංයුත්තො යනු සසරින් මිදුණේයි, සෙස්ස පෙළෙහි ආ ක්‍රමයෙන්ම දතයුතුය, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් කෙලෙසුන් ක්ෂය කොට නිරොධය නමැති යහනට ගොස් නිවන අරමුණු වූ ඵලසමාපත්තියට නංවා වසන්නාවූ භික්ෂුවගේ කාලය දක්වන ලදි,