6. කාලදාන සූත්ර වර්ණනාව
සවැන්නෙහි කාලදානානි යනු සුදුසු දානයෝයි, පැමිණි දානයෝයි, ගැලපෙන දානයෝයි අර්ත්ථයි, නවසස්සානි යනු අග්ර සත්යයෝයි, නවඵලානි යනු ආරාමයෙන් පළමුව හටගත් අග්රඵලයෝයි, පඨමං සීලවන්තෙසූ පතිට්ඨාපෙති යනු පළමුව සිල්තුන්ට දී පසුව තමා පරිභොග කරයි, වදඤ්ඤු යනු කියූදෙය දන්නාවූයි, කාලෙදින්නං යනු සුදුසු කල්හි දෙන ලද්දයි, අනුමොදන්ති යනු එකත්පසෙක සිටියාහු අනුමෝදන් වෙති, වෙය්යාවච්චං යනු කයින් වතාවත් කර්මය කරත්, අප්පටිවානචිත්තො යනු උකටලී නොවූ සිතැත්තේයි, යත්ථ දින්නං මහප්ඵලං යනු යම් තැනක දෙන ලද්ද මහත්ඵල වේද එහි දෙන්නේය.
7. භොජන සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි ආයුං දෙති යනු ආයුෂදානය දෙයි, වණ්ණං යනු ශරීරවර්ණයයි, සුඛං යනු කායික චෛතසික සුඛයයි, බලං යන ශරීර ශක්තියයි, පටිභානං යනු නිදොස් වූ ප්රතිභානයයි.
8. සද්ධා සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අනුකම්පන්ති යනු අනුග්රහ කරත්, ඛන්දිමාවමහාදුමෝ යනු කඳකින් යුත් මහ ගසක් මෙන්, මනොරමෙ ආයතෙන යනු සිත්කලු වූ රැස්වන තන්හියි, ඡායං ඡායත්ථිකා යන්ති යනු සෙවනින් වැඩ ඇත්තෝම සෙවනට එළඹෙති, නිවාතවුත්තිං යනු පහත් පැවැත්මයි, අත්ථදත්ථං යනු ක්රොධමාන දැඩි බවින් රහිතවූයි, සොරතා යනු සුරත බවින් පිරිසිදු ශීලයෙන් යුක්තවූයි, සඛිලං යනු විනීතවූයි.
9. පුත්ත සූත්ර වර්ණනාව
නවවැන්නෙහි භතොවා නො භරිස්සති යනු අප විසින් කිරිපෙවීම් අත්පා මැඩීම් ආදියෙන් පෝෂණය කරන ලද්දේ අප මහඑකල්හි අත්පාදෙවීම්, නැහැවීම්, කැඳබත් දීම් ආදියෙන් පෝෂණය කරන්නේය, කිච්චං වා නො කරිස්සති යනු තමන්ගේ වැඩ නවතා අපගේ රාජකුලාදියෙහි උපන් වැඩ ගොස් කරති, කුලවංසො චිරං ඨස්සති යනු අපසතු කෙත්වත් දරුවන් ආදිය නොනසා පුතුන් රකිනා කල්හි කුලවංසය බොහෝ කල් පවතින්නේය, අප විසින් පවත්වන ලද සලාක බත් ආදිය නොබිඳ පවත්වන්නේය, මෙසේද අපගේ කුලවංසය බොහෝකල් පවතින්නේය. දායජ්ජං පටිපජ්ජති යනු කුලවංසයට ගැලපෙන ප්රතිපත්තියෙන් තමන්ගේ දායාදයට සුදුසු දෙයක් කරන්නේ අප සතු දායාදය පිළිපදින්නේය, දක්ඛිණං අනුප්පදස්සති යනු ප්රාප්තිදානය (පින් පමුණුවන දානය දී) කොට තෙවැනි දිනයෙහි පටන් දන් දෙන්නේය,
සන්තො සප්පුරිසා යනු මෙතැන්හි මාපියන් කෙරෙහි මනාව පිළිපැදීමෙන් යහපත් වූ සත්පුරුෂයෝයි දතයුත්තාහ. පුබ්බෙකතමනුස්සරං යනු මවුපියන් විසින් පළමුව කරනලද ගුණය සිහිකරන්නාහුයි, ඔවාදකාරී යනු මවුපියන් දෙන ලද අවවාදය කරන්නාහුයි භතපොසී යනු යම් අය විසින් පෝෂණය කරන ලද්දේ ඔවුන්ගේ පෝෂණය කරන්නායි. පසංසියො යනු ඉහාත්මයෙහිම මහජනයා විසින් පැසසිය යුත්තේ වෙයි.
10. මහාසාල සූත්ර වර්ණනාව
දසවැන්නෙහි මහාසාලා යනු මහත් වෘක්ෂයෝයි, සාඛාපත්තාපලාසෙන වඩ්ඪන්ති යනු කුඩා අතුවලින් ද පත්ර සංඛ්යාත වූ පලාසයෙන් ද වැඩෙත්, අරඤ්ඤස්මිං යනු නොගම් පෙදෙසෙහිය, බ්රහා යනු මහත්ය, වනෙ යනු කැලයෙහියි, මෙහි සෙස්ස පැහැදිලිමය.
සිවුවැනි වූ සුමනා වර්ගයයි.
5. මුණ්ඩරාජ වර්ගය
1. භොගආදිය සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි භොගානං ආදියා යනු භෝගයන්ගේ ගැනීමට සුදුසු කාරණයෝයි, උට්ඨානවීරියාධිගතෙහි යන උපට්ඨාන සංඛ්යාත වූ වීර්යයෙන් ලබන ලද දෙයිනි, බාහාබලපරිචිතෙහි යනු බාහුබලයෙන් රැස්කළ දෙයිනි, සෙදාවක්ඛිත්තෙහි යනු දහදිය හෙලා උපදවන ලද දෙයිනි, ධම්මිකෙහි යනු ධර්මයෙන් යුක්ත දෙයිනි, ධම්මලද්ධෙහි යනු දශකුශලධර්මය විනාශ නොකොට ලද දෙයිනි, ජිනෙති යනු වැඩි කරයි, මහත්වූවක් කරයි, මෙහි ඉතිරිය චතුක්ක නිපාතයෙහි කියන ලද ක්රමයෙන්ම දතයුතුය, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
3. ඉට්ඨධම්ම සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි ආයුසංචත්තනිකා පටිපදා යනු දානශීලාදී වූ පුණ්ය ප්රතිපදාවයි, සෙසු තැන්හිද මේ ක්රමයමයි, අත්ථාභිසමයා යනු අර්ත්ථයාගේ එක්වීමෙනි, අර්ත්ථප්රතිලාභයෙනියි කියන ලද්දේ වෙයි: