9. තණ්හාජාලිනී සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ජාලිනිං යනු දැලක් වැනිවූයි, යම්සේ දැල හාත්පසින් මනාව මසන ලද්දේ අවුල්වියවුල් වේද තෘෂ්ණාව ද එසේයයි දැලක් සමානවූ බැවින් ජාලිනී යයි කියන ලදි, ත්රිවිධ භවයෙහි හෝ ඇතුළට බැස පැතිරී සිටි මේ තෘෂ්ණාවට ඒ ඒ තැන තමන්ගේ කොටසක් වූ දැලක් ඇතැයි යනුවෙන් ද ජාලිනී නම්වෙයි, සරිතං යනු ඒ ඒ තැන හැසිර සිටියේයි, විසටං යනු පැතුරුණු විසුරුණුයි, විසත්තිකං යනු ඒ ඒ තැන ඇළුණු, ලැගුණු එල්ලුණුයි, තවද විෂටමූල වූයේ ද විසත්තිකායි, විෂ ඵල ඇත්තේනුයි ද විසත්තිකායි ආදී ක්රමයෙන් ද මෙහි අර්ත්ථය දැක්විය යුතුයි, උද්ධසෙතා යනු මත්තෙහි බසින ලද්දේයි, පරියොනද්ධො යනු හාත්පසින් වෙළුනේයි, තන්තාකුලජාතො යනු නූලක් මෙන් අවුල් වූයේයි, යම්සේ නම් ඉවත දමනලද, මීයන් විසින් කැපූ පෙහෙරුන්ගේ නූලක් ඒ ඒ තැන අවුල් වේද, මේ අගය මේ මූලයයි අගින් හෝ අග මුලින් හෝ මුල ගණන් ගැනීමට දුෂ්කර වෙයි ද එමෙන්ම සත්ත්වයෝ මේ තෘෂ්ණාවෙන් වටවී අවුල් වියවුල් වූවාහු තමන්ගේ විමුක්තිමාර්ගය සෘජු කිරීමට නොහැකි වෙති, ගුලාගුණ්ඨිකජාතො යනු පෙහෙරුන්ගේ කැඳදැමු නූල ගුලාගුණ්ඨිකයැයි කියනු ලැබේ, ගුලා යනු කිරිල්ලියයි, ඇයගේ කැදැල්ල යයි ද ඇතමෙක් කියති, යම්සේ ඒ දෙකම අවුල් ද අගින් අග හෝ මුලෙන් මුල හෝ ගණන් ගැනීමට දුෂ්කර යයි මුල් ක්රමයෙන්ම යෙදිය යුතුය, මුඤ්ජබබ්බජභූතො යනු මුදුතණ මෙන් ද බබුස්තණ මෙන් ද වූයේ එබඳුවූයේයි, යම්සේ ඒ තණ අඹරා කළ රැහැන දිරුණු කල කිසිතැනක වැටුණු විට ඒ තණවල මේ අගය මේ මුලයයි අගින් අග හෝ මුලෙන් මුල හෝ වෙන්කර ගැනීමට දුෂ්කර වෙයිද එය වෙන් වෙන් පුරුෂත්වයෙහි සිට සෘජු කිරීමට හැකිවෙයි, බෝධිසත්වයන් හැර තමන්ගේ ස්වභාවයෙන් තෘෂ්ණා දැල පලා තමන්ගේ විමුක්ති මාර්ගය සෘජු කිරීමට සමත් වූ වෙනත් සත්ත්වයෙක් නම් නැත. එසේ මේ ලෝකය තෘෂ්ණා දැලින් වටවූයේ පහත් වූ නරක ස්වභාවය ඇති පහතට හෙලන සසර නොඉක්මවයි, එහි අපායො යනු නිරය තිරිසන් යෝනිය, ප්රේත ලෝකය, හා අසුරකායයි, මේ සියල්ලම අභිවෘද්ධි සංඛ්යාත අය නොපැවැත්ම නිසා අපායයි කියනු ලැබේ, එසේම දුක් ස්වභාවය නිසා දුග්ගති නමි, සැප එකතුවෙන් පහතට වැටෙන බැවින් විනිපාතො යි, සෙස්ස (සංසාර) වනාහි,
ස්කන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද
පිළිවෙල නොසිදී පැවැත්ම සසර යැයි කියනු ලැබේ.
පිළිවෙල නොසිදී පැවැත්ම සසර යැයි කියනු ලැබේ.
ඒ සියල්ල නොනවතී, නොඉක්මවයි, චුතියෙන් ප්රතිසන්ධිය ද ප්රතිසන්ධියෙන් චුතය දැයි මෙසේ නැවත නැවත චුති ප්රතිසන්ධීන් ගනිමින් තුන් භවයෙහි, සිවු යෝනියෙහි, පස් ආකාර ගතීන්හි සප්ත විඥානස්ථිතීන්හි නව සත්වාවාසයන්හි මහසමුදුර සුළඟින් ගසාගෙන යන නැවක් මෙන් ද යන්ත්රයෙහි යෙදු ගොනෙකු මෙන් ද කරකැවේමය,
අජ්ඣත්තිකස්ස උපාදාය යනු ආධ්යාත්මික වූ ස්කන්ධපංචකය නිසායි, මේ වූ කලී උපයෝගාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයයි, බාහිරස්ස උපාදාය යනු බාහිර වූ ස්කන්ධ පංචකය නිසාය. මෙය ද උපයෝගාර්ත්ථයෙහි සම්බන්ධ විභක්තියයි, අස්මිති භික්ඛවෙ සති යනු මහණෙනි, යම් මේ ආධ්යාත්මික වූ ස්කන්ධ පංචකය නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් එක්ව ගැනීමක් වේද ‘වෙමැයි’ වේද එය ඇතිවිට යන අරුත්ය. ඉත්ථස්මිති හොති යනාදියෙහි මෙසේ සමූහ වශයෙන් “මම”යි ගැනීම ඇතිවිට පැවැත්ම සමාන නොකිරීමෙන් ද සමාන කිරීමෙන් දැයි දෙපරිද්දකින් ගැනීමක් වෙයි, එහි සමාන නොකිරීමෙන් (අනුපනිධාය) යනු වෙනත් අයුරකට නොපැමිණ ස්වකීයත්වයම අරමුණුකොට මම වෙමියි (අදහස) වෙයි, ක්ෂත්රියාදීන් අතුරෙහි මෙම මේ ආකාරයයි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් වේයයි අර්ත්ථයයි, මේවූකලී සමාන නොකිරීමෙන් ගැනීමයි, සමාන කිරීමෙන් ගැනීම සමවශයෙන් ද අසමවශයෙන් දැයි දෙයාකාර වෙයි, එය දැක්වීමට එවස්මි යනුද අඤ්ඤථාස්මි යනු ද කියන ලදි, එහි එවස්මි යන මෙය සම වශයෙන් සමානකොට ගැනීමයි, මේ ක්ෂත්රියයා යම්සේද මේ බමුණා යම්සේද මම ද එසේය යන අරුත්ය, අඤ්ඤථාස්මි යනු මේ වනාහි අසමසේ ගැනීමයි, මේ ක්ෂත්රියයා යම්සේද මේ බ්රාහ්මණයා යම්සේද මම එයින් වෙනස්ය. පහත් හෝ උසස් හෝ වූයේ වෙමියි අර්ත්ථයි, මේවා වනාහි, වර්තමාන වශයෙන් තෘෂ්ණා විචරිතයෝයි,
“අසස්මි” යන ‘සතස්මි’ යන මේ දෙක “යම් හෙයකින් ඇත යන මෙය නිත්යභාවයට නමකි, කිඳා බස්නේනුයි සතංවේ. මෙය අනිත්යභාවයට නමකි. එහෙයින් සාශ්වත උච්ඡෙද වශයෙන් කියන ලදැයි දතයුතුය. සන්ති හොති යන මේ ආදියෙහි සියං යනු වේයයි මෙසේ අර්ත්ථය දතයුතුය. මෙහි අදහස මුල් චතුෂ්කයෙහි කියන ලද අයුරින් ගතයුතුය, අපිහසන්ති ආදි සතර මම වන්නේනම් මැනවි, මෙසේ ප්රාර්ථනා කිරීම් වශයෙන් දතයුතුය, භවිස්සං ආදී සතර අනාගත කාල වශයෙන් කියන ලදි, ඔවුන්ගේ අර්ත්ථය ද පළමු චතුෂ්කයෙහි කියන ලද පරිද්දෙන් දත යුතුය මෙසේ මේ: