7. ද්වතීයවස්සකාර සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි තොදෙය්‍යස්ස යනු තුදිගම් වැසියාගේයි, පරිසතිං යනු රැස් වූ පිරිසේයි. පරෑපාරම්හං වත්තෙන්ති යනු අනුන්ට ගැරහීම පවත්වති, කියති. බාලො අයං රාජා යනාදිය ඔවුහු යම් ගැරහීමක් කරත්ද, එය දැක්වීම සඳහා කියන ලදි, සමණෙ රාමපුත්තෙ යනු උද්දකරාමපුත්‍රයන් කෙරෙහිය, අභිප්පසන්නො යනු ඉක්මවා පැහැදුණේයි, පරමනිපච්චාකාරං යනු බෙහෙවින්ම පහත් ක්‍රියාවයි, නීච වෘත්තියයි, පරිහාරකා යනු සේවකයෝයි, යමකො යනාදිය ඔවුන්ගේ නම්ය, ඔවුනතුරින් එකෙක් යමක නමි, එකෙක් මොග්ගල්ල නමි, එකෙක් උග්ග නමි. එකෙක් නාවින්දකී නමි, එකෙක් ගන්ධබ්බ නමි, එකෙක් අග්ගිවෙස්ස නමි, ත්‍යාස්සුදං යනු මෙහි අස්සුදං යනු නිපාත මාත්‍රයකි. ඔවුහු තමන්ගේ පිරිස හුන්කල්හි යන අර්‍ත්‍ථයයි, ඉමිනා නයෙන නෙති යනු මෙකරුණින් හඟවයි, දන්වයි, කරණීයාධිකරණීයෙසු යනු පණ්ඩිතයන් විසින් කළ යුතු දෙයෙහි හා අතිරේක කටයුතුවලයි, වචනීයාධිවචනීයෙසු යනු කිවයුතු දෙයෙහි ද අතිරේක කිවයුත්තෙහි ද යනුයි, අලමත්‍ථදසතරෙහි යනු මෙහි අර්‍ත්‍ථය දැකීමට සමත්හු අලමත්‍ථදසා නමි. ඔවුහු ඉක්මවා සිටියාහු අලමත්‍ථදසතරායි, ඒ අලමත්‍ථදස්තරයන්ගෙනි, අලමත්‍ථදස්තරො යනු අර්‍ත්‍ථය දැකීමට සමත් බැවින් ශ්‍රේෂ්ඨවූයේ දක්ෂයන්ගෙන් දක්ෂවූයේ පණ්ඩිතයන්ගෙනුත් අතිශයින් පණ්ඩිතවූයේයි අසන්නේ මෙසේ කීය. ඉක්බිති ඔහුට මනාව විමසන්නා වූ ඔවුහු එවං භො යනාදිය කීවාහුය, මෙසේ බමුණු තෙමේ තමන්ගේ සත්පුරුෂ බවින් ඒ එළෙය්‍ය රජු ද, ඔහුගේ සේවකයන් ද උද්දකරාම පුත්‍රයන් ද පැසසීය, අසත්පුරුෂයා අන්ධයකු වැනිය, සත්පුරුෂයා ඇස් ඇත්තෙකු වැනිය, අන්ධයා යම්සේ අන්ධ නොවූවකු මෙන්ම අන්ධයකු ද නොදකියි ද එසේ අසත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද නොදනියි. යම්සේ ඇස් ඇත්තා අන්ධයකු මෙන්ම අන්ධ නැත්තකු දකියි ද එසේ සත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද දනියි. තොදෙය්‍ය ද සත්පුරුෂ බවින් අසත්පුරුෂයන් දත්තේයයි මෙය අර්‍ත්‍ථ වශයෙන් සලකමින් සතුටු සිතැති බමුණු තෙමේ අච්ඡරියං භො ගොතම යනාදිය කියා තථාගතයන් වහන්සේ කී දෙය අනුමෝදන්ව පිටත්ව ගියේය.
8. උපක සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි උපකො යනු ඔහුගේ නමයි, මණ්ඩිකාපුත්තො යනු මණ්ඩිකාවගේ පුතායි, උපසංකමි යනු හෙතෙම දෙව්දත් තෙරුන්ගේ උපස්ථායකයෙක් වූයේ කිමෙක්ද? ශාස්තෲන් වහන්සේ මා තමන් වෙතට එළඹුණු විට ගුණ කියන සේක්ද නැතහොත් නුගුණ කියන සේක්දැයි විමසනු සඳහා එළඹියේය, ‘දෙව්දත් නිරාගතවූවෙකි, කල්පයක් එහි සිටින්නෙකි, පිළියම් කළ නොහැකෙක්කි’යි අසා ශාස්තෲන් වහන්සේට නින්දා කරනු සඳහා එළඹියේ යයි ද කියත්, පරූපාරම්හං වත්තෙති යනු අනුන් ගැරහීම කරයි, සබ්බො සො න උප්පාදෙති යනු හෙතෙම කුසල්දහම් නොඋපදවයි, තමන්ගේ වචනය ඉටු කිරීමට සුදුස්සක් කිරීමට හෝ නොහැක්කේයි, අනුප්පාදෙන්තො ගාරය්හො හොති යනු කුසල්දහම් ඉටුකිරීමට නොහැක්කේ තමන්ගේ වචනය ඉටුකිරීමට සුදුස්සක් කිරීමට නොහැක්කේ ගැරහිය යුත්තෙක් වෙයි. ගැරහීමට පැමිණෙයි, උපවජ්ජො යනු දොස්නැගිය යුත්තේ ද වෙයි. වරදින් යුක්තවූයේ හෝ වෙයි, දොස් සහිතවූයේයි අරුත්ය,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වාදය ගෙන ඔහුගේම ගෙලෙහි බඳින සේක් පරූපාරම්හඤ්ච යනාදිය වදාළ සේක, උම්මුජ්ජමානකංයෙව යනු දියෙන් හිස ඔසවන්නකුමයි, එහි අපරිමාණපදා යනාදියෙහි එහි අකුශලයයි හඟවන පදයෝ ද අකුරු ද දම්දෙසුම් ද අප්‍රමාණමය, ඉතිපිදං අකුසලං යනු මෙය ද අකුසල්ය, මෙය ද අකුසල්ය යන මේ කරුණින් ද, මෙකරුණින් ද අකුසලයයි මෙසේ අකුසල් පැනවීමෙහි පැමිණි දෙය දැනුදු අප්‍රමාණය, තවද තථාගතයන් වහන්සේ අන් අයුරකින් ඒ ධර්‍මය දේශනා කරන්නේ නම් එසේද, ධර්‍ම දේශනාව අප්‍රමාණ වන්නේය, එහෙයින් කියන ලදි. “අපරියාදින්නා වාස්ස තථාගතස්ස ධම්මදෙසනා අපරියාදිණ්ණං ධම්මපදඛ්‍යංජනං” යනුවෙනි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුයි, යාව ධංසිවායං යනු යම්තාක් ගුණනැසීමක් වේද එයයි, ලොණකාරකදාරකො යනු ලොණකාර ගමේ දරුවෙකි, යත්‍ර හි නාම යනු යමෙක් නම් යනුයි, ආසාදෙතබ්බං මඤ්ඤිස්සති යනු නින්දා කළ යුත්තෙකැයි හඟින්නේය, අපෙහි යනු ඉවත් වෙව, මා ඉදිරියෙහි නොසිටුව යනුයි. මෙසේද කියා ගෙලෙන් අල්වා ගන්වමින් ඉවතට ඇද දැම්මේය.
9. සච්ඡිකරණීය සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කායෙන යනු නාමකායයෙනි, සච්ඡිකරණියා යනු ප්‍රත්‍යක්ෂ කළයුත්තේයි, සතියා යනු පුබ්බේනිවාසානුස්සතියෙනි, චක්ඛුනා යනු දිවැසිනි, පඤ්ඤාය යනු ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්‍ශනා ප්‍රඥාව, ප්‍රත්‍යක්ෂ කළයුතුය, විදර්‍ශනා ප්‍රඥාවෙන් මාර්‍ගප්‍රඥාව, මාර්‍ග ප්‍රඥාවෙන් ඵලප්‍රඥාව, ඵල ප්‍රඥාවෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාව ප්‍රත්‍යක්‍ෂ කළ යුතුය, පැමිණිය යුතුයයි අර්‍ත්‍ථයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම් සංඛ්‍යාත අරහත්වය ප්‍රත්‍යවෙක්ෂණා වශයෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුත්තේ නම් වෙයි.