9. කිලෙස පරිනිබ්බාන සූත්ර වර්ණනාව
නවවැන්නෙහි පළමු හා දෙවැනි පුද්ගලයෝ ශුෂ්ක විදර්ශක වූවාහු මෙහෙයවීම් සහිතව ප්රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවත්, ඔවුනතුරින් එක්කෙනෙක් විපස්සනා ඉන්ද්රියයන්ගේ බලවත් බැවින් මෙහිම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවීමට පත්වෙයි, එක් කෙනෙක් ඉඳුරන්ගේ දුබල බැවින් මෙහිදී නොහැකි වන්නේ අනතුරු අත්බවෙහිදී එම මූලකර්මස්ථානයම ලැබ මෙහෙයවීම් සහිතව ප්රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවා කෙලෙස් පිරිනිවනෙන් පිරිනිවෙයි. තෙවැනි සිවුවැනි පුද්ගලයෝ සමථයානික වූවාහුයි, ඔවුනතුරින් එක්කෙනෙක් මෙහෙයවීම් නොමැතිව ප්රයෝග රහිතව ඉඳුරන් බලවත් බැවින් මෙහෙදීම කෙලෙසුන් ක්ෂය කරයි, එක්කෙනෙක් ඉඳුරන් දුබල බැවින් මෙහිදී නොහැකිවන්නේ අනතුරු අත්බවෙහි දී ඒ මුලකර්මස්ථානයම ලැබ මෙහෙයවීමෙන් තොරව ප්රයෝග රහිතව කෙලෙස් ක්ෂය කරතියි දතයුතුය.
10. අරහත්තප්පතති සූත්ර වර්ණනාව
දසවැන්නෙහි සමථපුබ්බඞ්ගමා යනු සමථය පෙරටුකොට, ඉදිරිපත් කොටයි, මග්ගො සඤ්ජායති යනු පළමුවැනි වූ ලෝකෝත්තර මාර්ගය උපදියි, සො තං මග්ගං යනු එකචිත්ත ක්ෂණික මාර්ගයට ඇසුරු කිරීම් ආදිය නොමැත, ද්විතීයමාර්ගාදිය උපදවන්නේ එයම ඇසුරුකරයි, වඩයි, බහුලබවට පත් කරතියි කියනු ලැබේ. විපස්සනාපුබ්බඞ්ගමං යනු විදර්ශනාවට පෙරටුකොට, ඉදිරිපත්කොට සමථය වඩයි, ප්රකෘතියෙන් විදර්ශනාලාහී පුද්ගලයා විදසුනෙහි සිට සමථය උපදවයි යන අර්ත්ථයි,
යුගනද්ධං භාවෙති යනු එක්කොට වඩයි, එහි ඒ සිතෙන්ම සමවතට සමවැද එයින්ම සංස්කාරයන් විමසා බැලීමට නොහැකිය, මෙතෙම යම්තාක් සමවත්වලට සමවදියි ද එතෙක් සංස්කාරයන් විමසා බලයි, යම්තාක් සංස්කාරයන් විමසා බලයි ද එතෙක් සමවත්වලට සමවදියි, කෙසේ නම් ප්රථම ධ්යානයට සමවදියිද? එයින් නැගිට සංස්කාරයන් විමසා බලයි, විමසාබලා ද්විතීය ධ්යානයට සමවදියි, එයින් නැගිට යළි සංස්කාරයන් විමසා බලයි, සංස්කාරයන් විමසා බලා තෘතීය ධ්යානයට - පෙ - නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවදියි, එයින් නැගිට සංස්කාරයන් විමසා බලයි, මෙසේ මෙතෙම සමථ විදර්ශනා දෙක එක්කොටම වඩයි නමි,
ධම්මුද්ධච්චචීග්ගහිතං යනු සමථ විදර්ශනා ධර්මයන්හි දශවිදර්ශනා උපක්ලේශ සංඛ්යාත වූ උද්ධච්චයෙන් (උඩගු බවින්) මනාව ගන්නා ලදැයි අර්ත්ථයි, හොති සො ආවුසො සමයො යන මෙයින් සත්වැදෑරුම්ව සුදුසු (ගැලපෙන) දේ ලැබෙන කාලය කියන ලදි. යන්තං චිත්තං යනු යම් කලෙක ඒ විදර්ශනා වීථියට බැස පැවති සිතයි, අජ්ඣත්තමෙව සන්තිට්ඨති යනු විදර්ශනා (චිත්ත) වීථිය පතුරුවා එම අධ්යාත්ම ගෝචර සංඛ්යාත වූ අරමුණෙහිම සිටියි, පිහිටුවයි, සන්නිසීදති යනු අරමුණු වශයෙන් මැනවින් හිඳියි, එකොදි හොති යනු එකඟ වෙයි, සමාධියති යනු මනාව තැන්පත් වෙයි, මනාව පිහිටුවන ලද්දේ වෙයි, මෙහි සෙස්ස පැහැදිලිමය.
දෙවැනි පටිපදා වර්ගයයි.
3. සඤ්චෙතනිය වර්ගය
1. සඤ්චෙතනා සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි කායෙ යනු කායද්වාරයෙහියි, කායවිඥප්තිය ඇතිවිට යන අරුත්ය, කායසඤ්චෙතනාහෙතු යනාදියෙහි කායසංඤ්චෙතනා නම් කායද්වාරයෙහි චේතනා ඇතිකොට ගැනීමයි, එය කාමාවචර කුසල් වශයෙන් අටවැදෑරුම් හා අකුසල වශයෙන් දොළොස් වැදෑරුම් යයි විසිවැදෑරුම්ය, එසේම වාග්සංචෙතනා ද මනොසංචෙතනා ද වෙයි, තවද මෙහි නවවැදෑරුම් මහග්ගත චෙතනා ද ලැබෙයි, කායසංචෙතනා හෙතු යනු කායසංචෙතනයන්ට ප්රත්යයෝයි, උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං යනු අටවැදෑරුම් කුශලකර්ම ප්රත්යයෙන් ස්වකීය අධ්යාත්මයෙහි සුවය උපදියි, දොළොස් අකුශලකර්ම ප්රත්යයෙන් දුක උපදියි, සෙසු දොරටුවල ද මේ ක්රමයමැයි, අවිජ්ජා පච්චයා යනු අවිද්යා හේතුවෙන්මය, ඉදින් අවිද්යාව වසනු ලබන්නා වූ ප්රත්යයක් වේද? එසේ ඇති කල්හි තිදොරෙහි සුවදුක්වලට හේතු වූ චෙතනාව උපදියි, මෙසේ මූලභූත වූ අවිද්යාව වශයෙන් මෙය කියන ලදි.
අවිජ්ජාපච්චයා වා සාමං වා යනාදියෙහි අනුන් විසින් නොඅණවන ලද්දේ තෙමේම පිළියෙල කරන්නේ තමා කායසංස්කාරය අභිසංස්කරණය කරයි නමි, යම් සංස්කාරයක් අනුන් සමාදන්කරවා අණවා කෙරෙත් ද ඔහුට එම කායසංස්කාරය අනුන් පිළියෙල කෙරෙත් නමි, යමෙක් කුශලය කුශල යයි ද, අකුශලය අකුශල යයි ද කුශල විපාකය කුශල විපාක යයි ද අකුශල විපාකය අකුශල විපාක යයි ද දන්නේ කායද්වාරයෙහි විසිවැදෑරුම් කායසංස්කාරය අභිසංස්කරණය කරයි, මෙතෙම දන්නේ අභිසංස්කරණය කරයි’ නමි, යමෙක් මෙසේ නොදන්නේ අභිසංස්කරණය කරයි ද මෙතෙම ‘නොදන්නේ අභිසංස්කරණය කරයි’ නමි, සෙසු දොරටුවල ද මේ ක්රමයමැයි,