7. රෝග සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි විඝාතවා යනු දැඩි ආශා හේතුවෙන් විනාශවීමේ දුකින් යුක්තවූයේයි, අසන්තුට්ඨො යනු සිවුපසයෙහි සන්තොස තුනෙන් අසතුටු වූයේයි, අනවඤ්ඤපටිලාභාය යනු අනුන් විසින් නොදන්නා දෙය ලැබීම සඳහාය, ලාභසක්කාරසිලොකපටිලාභාය යනු මනාව සකසන ලද සිවුපස නම්වූ ලාභසසත්කාරය ද ගුණකීම් සංඛ්‍යාත වූ කීර්තිය ද ලැබීම සඳහායි, සඞ්කාය කුලානි උපසංකමති යනු මොවුහු මා දැන ගන්නාහුයයි දැන ගැනීම සඳහා කුලයන්ට එළඹෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
8. පරිහාණි සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි ගම්භීරෙසු යනු අර්‍ත්‍ථයෙන් ගැඹුරු වූ දෙයෙහියි, ඨානාඨානෙසු යනු කරුණෙහි හා නොකරුණෙහිය, න කමති යනු ඇතුළට නොබසියි, නොපවසයි, ප්‍රඥාචක්ෂුසයැයි මෙහි ඉගෙනීමේ හා විමසීමේ ප්‍රඥාව ද වටීයි. සම්මර්‍ශන ප්‍රතිවෙධ ප්‍රඥාව ද වටින්නේමය.
9. භික්ඛුනී සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි එහි ත්‍වං යනු තෙරුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තී එය යවන්නට මෙසේ කීවාය, සසීසං පාරුපිත්වා යනු හිස සමඟ සිරුර පොරවායි, මඤ්චකෙ නිපජ්ජි යනු ඉක්මණින් ඇඳක් පනවා එහි වැදහොත්තේය, එතදවොච යනු ඇයගේ ආකාරය සලකා ලොභය දුරුකරනු සඳහා සියුම් ලෙසින් අසුභ කථාව කීමට මෙසේ කීවේය. ආහාර සම්භුනො යනු අහරින් හටගත්තේ ආහාරය නිසා වඩනා ලද්දේයි, ආහාරං නිස්සාය ආහාරං පජහති යනු වර්‍තමාන කැබලි ආහාරය එය මෙසේ නුවණින් සේවනය කරනු ලබන්නේ පූර්‍වකර්‍ම සංඛ්‍යාත ආහාරය දුරු කරයි, වර්‍තමාන කැබලි අහරෙහි මෙහෙයවන්නා වූ තෘෂ්ණාව දුරුකළ යුත්තේමය,
තණ්හං පජහති යනු දැන් මෙසේ පැවති වර්‍තමාන තෘෂ්ණාව නිසා සංසාරමූලක වූ පූර්‍වතෘෂ්ණාව දුරුකරයි, මේ වර්‍තමාන තෘෂ්ණාව කුශලද අකුශලද? අකුශලයි. ඇසුරු කළ යුතුද ඇසුරු නොකළ යුතුද ඇසුරු කළ යුතුය, ප්‍රතිසන්ධිය අදියිද නොඅදියිද? නොඅදියි, මේ ඇසුරු කළ යුතු වර්‍තමාන තෘෂ්ණාවට කැමැත්ත දුරුකළයුතුය. සොහි නාම ආයස්මා ආසවානං ඛයා උපසමපජ්ජ විහරිස්සති කිමංග පනාහං යන මෙහි කිමඞ්ගපන යන කරුණු විමසීමයි, මෙය කියන ලද්දේ වෙයි: ඒ ආයුෂ්මතුන් වහන්සේ අරහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරති, මම කුමන කරුණක් නිසා ප්‍රත්‍යක්‍ෂ නොකොට වසන්නෙම්ද? ඒ ආයුෂ්මතුන් වහන්සේ ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙකි. මම ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙක්මි, මටද මේ රහත්ඵලය උපදින්නේය යනුවෙනි. මානං නිස්සාය යනු මේ එසේ උපන් සෙවිය යුතු මානය නිසායි. මානං පජහති යනු සංසාරමූලික පූර්‍වමානය දුරුකරයි, යමක් නිසා මෙතෙම එම මානය දුරුකරයිද? එය ද තෘෂ්ණාව මෙන්ම අකුශලයකි. ඇසුරු කළ යුතුය, ප්‍රතිසන්ධිය ඇද දමන්නේද නොවේ. එහි කැමැත්ත ද දුරුකළ යුත්තේමය,
සෙතුඝාතො වුත්තො භගවතා යනු භාග්‍යවත් බුදුන්වහන්සේ විසින් පදවිනාශය ප්‍රත්‍යය විනාශය ප්‍රකාශ කරන ලදි. මෙසේ මේ අංග සතරින් තෙරුන් කෙරෙහි දෙසුම පෙරලන විට ඒ භික්ෂුණියගේ තෙරුන් කෙරෙහි උපන් ඡන්දරාගය දුරුවීය, ඕතොමෝත් තෙරුන් ක්ෂමා කරවීමට වරද දෙසුවාය, තෙරණුවෝ ඇයගේ වරද පිළිගත්හ. එය දැක්වීමට අථ ඛො සා භික්ඛුනි යනාදිය කීහ.
10. සුගතවිනය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුග්ගහිතං යනු උපිළිවෙළින් ගන්නා ලදි, පරියාපුණන්ති යනු ප්‍රකාශ කරත්, කියත්. පදව්‍යඤ්ජනෙහි යනු මෙහි පදයම අර්‍ත්‍ථයාගෙ ව්‍යංජන වශයෙන් ව්‍යංජන යයි කියන ලදි, දුන්නික්ඛිත්තස්ස යනු වැරදි සේ බහාතබන ලද්දට, උපිළිවෙළින් තබන ලද්දටයි, අත්‍ථාපි දුන්නයො හොති යනු අර්‍ත්‍ථකථාව ගෙනහැර දක්වා කීමට නොහැකි වෙයි, ජින්නමූලකො යනු භික්ෂුන්ගේ මූලය වූ දේ සිඳ දමනලද බැවින් ඡින්නමූලක වූයේයි, අප්පටිසරණො යනු පිහිටක් නැත්තේයි, බාහුලිකා යනු ප්‍රත්‍යය බහුල බවට පිළිපන්නෝයි, සාථලිකා යනු ත්‍රිවිධ ශික්ෂා ලිහිල්ව ගැනීමෙන් ගන්නෝයි, ඔක්කමනෙ ථුබ්බඞ්ගමා යනු පඤ්චනීවරණ යටිකුරුව යන බැවින් “ඔක්කමන්ති”යි කියනු ලැබෙත්, එහි පූර්‍වාංගම වූවෝයි අර්‍ත්‍ථයි, පටිවෙකෙ යනු ත්‍රිවිධ විවේකයෙහියි, නික්ඛිත්තධුරානි යනු වීර්ය ඇත්තෝයි, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය.
පළමුවැනි ඉන්ද්‍රිය වර්‍ගයයි.
2. ප්‍රතිපදා වර්ගය
1. ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සැපතට ප්‍රතිපක්ෂ වීම් වශයෙන් දුක්ඛා නමි, පිළිපැදිය යුතු බැවින් පටිපදා නමි, නොයික්මන් පැවැත්මෙන් බර බැවින් අලස වැටහීම මොහුටනුයි දන්‍ධාභිඤ්ඤා නමි, මේ අයුරින් සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුයි.
2. දෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි අභික්ඛණං යනු නිතරයි, ආනන්තරියං යනු අනතුරුව විපාක දෙන්නා වූ මාර්‍ග සමාධියයි, ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි, පඤ්චින්ද්‍රියානි යනු විදර්‍ශනාව පස්වැනිකොට ඇති පංච ඉන්ද්‍රියයෝයි, පඤ්ඤින්ද්‍රියං යනු මෙහි විදර්‍ශනා ප්‍රඥාවම පඤ්ඤින්ද්‍රිය යන්නෙන් අදහස් කෙරෙයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය,
මේ ප්‍රතිපත්තීන්ගේ පැහැදිලි කිරීමේ කථාව මෙයයි: මෙහි භික්ෂුව පෙර නොකළ ඇළුම් ඇත්තේ පුර්‍වභාගයෙහි රූප පරිග්‍රහයෙහි වෙහෙසෙයි. තුන්කල්හි වෙහෙසෙයි, මාර්‍ගාමාර්ගයෙහි වෙහෙසෙයි, මෙසේ පස්තැනක වෙහෙසෙන්නේ විදර්‍ශනාවට පැමිණෙයි, විදර්‍ශනාවට පත්ව ද හටගැනීම පිළිබඳ අනුපස්සනාවෙහි බිඳීම පිළිබඳ අනුපස්සනාවෙහි සංස්කාර පිළිබඳ බියට පත්වීමෙහි ආදිනවයන් පිළිබඳ අනුපස්සනාවෙහි නිර්‍වේදය පිළිබඳ අනුපස්සනාවෙහි, මුඤ්චිතුකම්‍යතා ඥානයෙහි, සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙහි අනුලොම ඥානයෙහි ගොත්‍ර ඥානයෙහි යන මෙම නවවිධ වූ විදර්‍ශනා ඥානයෙහි ද වෙහෙසට පත්වම ලෝකෝත්තර මාර්‍ගයට පැමිණෙයි, ඔහුට එම ලෝකෝත්තර මාර්‍ගය දුකසේ ගරුබවින් ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් “දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා” නම් විය. යමෙක් පූර්‍ව භාගයෙහි පස්වැදෑරුම් ඥානයන්හි වෙහෙසෙන්නේ අපරාහාගයෙහි නවවිධ වූ විදර්‍ශනා ඥානයන්හි නොවෙහෙසී මාර්‍ගය ප්‍රත්‍යක්ෂ කරයිද ඔහුට ඒ මාර්‍ගය මෙසේ දුකින් බර අඩුව ප්‍රත්‍යක්ෂ කළ බැවින් “දුක්ඛාපටිපදො ඛිප්පාභිඤ්ඤා” නම් වූයේය. මේ උපායයෙන් සෙසු දෙක ද දතයුතුය,