3. පුග්ගල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි තදස්සාදෙති යනු එම ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාදනය කරයි, නිකාමෙති යනු ප්‍රාර්ථනා කරයි, විත්තිං ආපජ්ජති ය සතුටට පැමිණෙයි, තද්ධිමුත්තො යනු එහි හෝ ඇළුනේ එයට හෝ ඇ ඇළුනේයි, තබ්බහුලවිහාරී යනු ඒ ධ්‍යානයෙන් බහුලව වසන්නේයි, සහව්‍යතං උප්පජ්ජති යනු සහභාවයට (ඒ සමග එක්වීමට) යයි, එහි උපදීයයි අර්‍ත්‍ථයයි, කප්පො ආයුප්පමාණං යන මෙහි හීනවූ ප්‍රථමධ්‍යනයෙන් උපන්නවුනට කල්පයෙන් තුනෙන් කොටසක් ආයුප්පමාණය වෙයි, මධ්‍යමයෙන් කප් අඩකි, ප්‍රණීතයෙන් කල්පයකි. ඒ සඳහා මෙය කියන ලදි. නිරයම්පගච්ඡති යනු නිරයට යන කර්‍මය ප්‍රහීන නොවූ බැවින් අපරාපරව යයි, අනතුරුවම නොවේ, (තස්මිං යෙව භවෙ පරිනිබ්බායති යනු ඒ රූපභවයෙහිම සිට පිරිනිවෙයි, පහලට නොබසියි, යදිදං ගතියා උප්පත්තියා සති යනු ගතියද උපතද ඇති කල්හි යමක් වේද එය යනුයි. ශෛක්ෂ ආර්‍ය්‍ය ශ්‍රාවකයගේ ප්‍රතිසන්ධි වශයෙන් පහලට නොබැස) ඒ රූපභවයෙහිම මත්තෙහි දෙවැනි තෙවැනි වූ කිසියම් බඹලොවක පිරිනිවන වෙයි, පෘථග්ජනයාට නිරයාදියට යාමයි. මෙය වෙනසයයි අර්‍ත්‍ථයි,
දෙවකප්පා යනු මෙහිද ද්විතීය ධ්‍යානය කියන ලද අයුරින්ම ත්‍රිවිධ භාවනාවක් ඇත්තේ වෙයි, එහි ප්‍රණිතභාවනාවෙන් උපන්නවුනට කල්ප අටක් ආයුෂ ප්‍රමාණයයි, මධ්‍යමයෙන් සතරකි, හීන භාවනාවෙන් දෙකකි. ඒ සඳහා මෙය කියන ලදි, චත්තාරො කප්පා යනු මෙහි කල්පයකි, කල්ප දෙකෙකියි යමක් යට කියන ලද්දේ ද එය ගෙනහැර අර්‍ත්‍ථය දතයුතුය, කප්ප යනු ගුණයට ද නමකි. එහෙයින් කල්පයකි, කල්ප දෙකෙකි. කල්ප සතරකියි මෙහි මේ අර්‍ත්‍ථය දැක්විය යුතුය, මෙය කියන ලද්දේ වෙයි. පළමුව කියන ලද යම් කල්පයක් වේද එය දෙවරක් ගැන එක් ගුණයකින් කල්ප දෙකක් වෙයි, දෙවැනි ගුණයෙන් කල්ප සතරකි. නැවත සතර සතර කල්පයෝයි මෙම සතර ගුණයෙන් ගුණ කරන ලද්දේ එක් ගුණයකින් අටක් වෙයි. දෙවැනි ගුණ කිරීමෙන් සොළසකි, තෙවැනි ගුණ කිරීමෙන් දෙතිසකි, සිවුවැනි ගුණ කිරීමෙන් සිවුසැටකියි මෙසේ ප්‍රණීත ධ්‍යාන වශයෙන් කප් සිවුසැටක් ගන්නා ලදැයි දතයුතුය, පඤ්ඤකප්පසතානි යනු මෙය ප්‍රණීත වූ උප්පත්ති ධ්‍යානයාගේ වශයෙන් කියන ලදි. වෙහප්ඵලයන්හි හෝ ප්‍රථම ධ්‍යාන භූමි ආදීන්හි මෙන් බ්‍රහ්මලෝක තුනක් නැති බැවින් ආයුෂ් ප්‍රමාණය මෙපමණම වෙයි. එහෙයින් මෙසේ කියන ලදි.
4. දුතියපුග්ගල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි රූපයම රූපගතං නමි, සෙසු පදයන්හි ද මේ අයුරුමයි, අනිච්චතො යනාදියෙහි ආභාවාර්ථයෙන් අනිත්‍ය බැවිනි, ආබාධාර්ථයෙන් රොගතො නමි, ඇතුළත දුෂ්‍යවීමේ අර්‍ත්‍ථයෙන් ගණ්ඩතො නමි, ඇතුළට පිවිසීමේ අරුතින් සල්ලතො නමි, දුක් සහිතය යන අරුතින් අඝතො නමි, පෙළීම් සහිතය යන අරුතින් ආබාධතො නමි, අකීකරුය යන අරුතින් පරතො නමි. බිඳෙන අරුතින් පලොකතො නමි. සත්ත්වයකු නැත යන අරුතින් සුඤ්ඤතො යි වසඟයෙහි නොපවතින අරුතින් අනත්තතො යි, මෙහි අතිච්චතො, පලොකතො යන පද දෙකින් අනිත්‍ය ලක්‍ෂණය කියන ලදි, සුඤ්ඤතො අනන්තතො යන දෙපදයෙන් අනිත්‍ය ලක්‍ෂණය ද සෙසු පදයන්ගෙන් දුක්ඛ ලක්‍ෂණය ද කියන ලදැයි දතයුතුය, සමනුපස්සති යනු නුවණින් දකියි, මෙසේ පංචස්කන්ධයෙන් තිලකුණු නංවා බලන්නේ තුන්මග තුන්ඵල ප්‍රත්‍යක්ෂ කරයි, සුද්ධාවාසාතං දෙවාතං සහව්‍යතං උප්පජ්ජති යනු එහි සිටියේ චතුර්ථ ධ්‍යනය වඩා උපදියි.
5-6. තතියපුග්ගල ආදි සූත්‍ර වර්ණනා
පස්වැනි සූත්‍රයෙහි ප්‍රථම ධ්‍යානයෙන් මෛත්‍රිය ද ද්විතීය ධ්‍යානාදි වශයෙන් කරුණා ආදිය ද දක්වන ලදි, සවැනි සූත්‍රය සිවුවැන්නෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය,
7. තථාගත අච්ඡරිය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පාතුභාවා යනු පහළ වීමෙනි, කුච්ඡිං ඔක්කමති යනු මෙහි කුසට පිවිසෙන්නේ වේයයි අරුත්ය, එහි බස්නාවිටම මෙසේ වෙයි, බසිනු ලබන විට නොවේ. අප්පමාණො යනු වැඩුණු ප්‍රමාණයයි, බොහෝ වූ යන අරුත්ය, උළාරො යනු ඊටම නමෙකි, දෙවානං දෙවානුභාවං යනු මෙහි මේ දෙවියන්ගේ ආනුභාවයයි, ඇඳගත් ඇඳුමෙහි පැහැය දොළොස් යොදුනක් පැතිරෙයි, එසේම සිරුරේ ද එසේම විමනේ ද එය ඉක්මවා (පැහැය පැතිරේය) යි අරුත්ය, ලොකන්තරිකා යනු සක්වල තුනකින් තුනකින් අතුරෙහි එක් ලොකාන්තරිකයක් වෙයි, එකිනෙක ගැටෙන සේ තබන ලද රියසක් තුනක් ද හෝ පාත්‍ර තුනක් මැද මැද අවකාශය මෙනි, ඒ ලෝකාන්තරික නිරය වනාහි පරිමාණයෙන් යොදුන් අටදහසක් වෙයි, අසා යනු නිරතුරුව විවරවූයේයි, අසංවුතා යනු යටද නොපිහිටියේයි, අන්ධකාරා යනු අඳුරුයි, අන්ධකාරාතිම්සා යනු චක්ඛුවිඤ්ඤාණ උත්පත්තිය වළකන බැවින් අන්ධභාවය ඇතිකරන අඳුරෙන් යුක්තවූයේයි, එහි වනාහි චක්ෂුර් විඥානය නොඋපදියි, එවං මහිද්ධිකානං යනු සඳහිරු එකපහරින්ම දිවයින් තුනෙහි පැනෙයි, මෙසේ මහා සෘද්ධි ඇත්තෝයි, එක් එක් දිශාවෙහි යොදුන් නවලක්ෂයක් බැගින් වූ අන්ධකාරය දුරුකොට ආලෝකය දක්වත්, මෙබඳු මහානුභාවය ඇත්තෝයි, ආසානානුභොන්ති යනු දීප්තිය නොපොහොනේය. ඔවුහු සක්වල පව්වේ මැදින් යත් සක්වළ පව්ව ද ඉක්මවා ලෝකාන්තරික නිරයෝයි, එහෙයින් එහි ඔවුන්ගේ දීප්තිය නොපොහොනේය.