2. උදකොරොගභය සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයෙහි උදකොරොහනතස්ස යනු දියට බසින්නාගේයි, පාටිකඞ්ඛිතබ්බා යනු කැමති විය යුතුය, සුසුකාභයං යනු සැඩ මසුන්ගෙන් ඇතිවන බියයි මුඛාවරණං මඤ්ඤෙ කරොන්ති යනු මුවවැස්මක් මෙන් කරති, ඔදරිකත්තස්ස යනු මහත් උදරය ඇති බැවින් මාහැඟි ස්වභාවය ඇත්තාගේයි. අරක්ඛිතෙනෙව කායෙන යනාදියෙහි කායද්වාරයෙහි ත්‍රිවිධ සංවරය නොමැති බැවින් නොරක්නා ලද කයින් ද වාග්ද්වාරයෙහි සතරාකාර සංවරය නොමැති බැවින් නොරක්නා ලද වචනයෙන්ද යනුයි.
3. පුග්ගල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි තදස්සාදෙති යනු එම ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාදනය කරයි, නිකාමෙති යනු ප්‍රාර්ථනා කරයි, විත්තිං ආපජ්ජති ය සතුටට පැමිණෙයි, තද්ධිමුත්තො යනු එහි හෝ ඇළුනේ එයට හෝ ඇ ඇළුනේයි, තබ්බහුලවිහාරී යනු ඒ ධ්‍යානයෙන් බහුලව වසන්නේයි, සහව්‍යතං උප්පජ්ජති යනු සහභාවයට (ඒ සමග එක්වීමට) යයි, එහි උපදීයයි අර්‍ත්‍ථයයි, කප්පො ආයුප්පමාණං යන මෙහි හීනවූ ප්‍රථමධ්‍යනයෙන් උපන්නවුනට කල්පයෙන් තුනෙන් කොටසක් ආයුප්පමාණය වෙයි, මධ්‍යමයෙන් කප් අඩකි, ප්‍රණීතයෙන් කල්පයකි. ඒ සඳහා මෙය කියන ලදි. නිරයම්පගච්ඡති යනු නිරයට යන කර්‍මය ප්‍රහීන නොවූ බැවින් අපරාපරව යයි, අනතුරුවම නොවේ, (තස්මිං යෙව භවෙ පරිනිබ්බායති යනු ඒ රූපභවයෙහිම සිට පිරිනිවෙයි, පහලට නොබසියි, යදිදං ගතියා උප්පත්තියා සති යනු ගතියද උපතද ඇති කල්හි යමක් වේද එය යනුයි. ශෛක්ෂ ආර්‍ය්‍ය ශ්‍රාවකයගේ ප්‍රතිසන්ධි වශයෙන් පහලට නොබැස) ඒ රූපභවයෙහිම මත්තෙහි දෙවැනි තෙවැනි වූ කිසියම් බඹලොවක පිරිනිවන වෙයි, පෘථග්ජනයාට නිරයාදියට යාමයි. මෙය වෙනසයයි අර්‍ත්‍ථයි,
දෙවකප්පා යනු මෙහිද ද්විතීය ධ්‍යානය කියන ලද අයුරින්ම ත්‍රිවිධ භාවනාවක් ඇත්තේ වෙයි, එහි ප්‍රණිතභාවනාවෙන් උපන්නවුනට කල්ප අටක් ආයුෂ ප්‍රමාණයයි, මධ්‍යමයෙන් සතරකි, හීන භාවනාවෙන් දෙකකි. ඒ සඳහා මෙය කියන ලදි, චත්තාරො කප්පා යනු මෙහි කල්පයකි, කල්ප දෙකෙකියි යමක් යට කියන ලද්දේ ද එය ගෙනහැර අර්‍ත්‍ථය දතයුතුය, කප්ප යනු ගුණයට ද නමකි. එහෙයින් කල්පයකි, කල්ප දෙකෙකි. කල්ප සතරකියි මෙහි මේ අර්‍ත්‍ථය දැක්විය යුතුය, මෙය කියන ලද්දේ වෙයි. පළමුව කියන ලද යම් කල්පයක් වේද එය දෙවරක් ගැන එක් ගුණයකින් කල්ප දෙකක් වෙයි, දෙවැනි ගුණයෙන් කල්ප සතරකි. නැවත සතර සතර කල්පයෝයි මෙම සතර ගුණයෙන් ගුණ කරන ලද්දේ එක් ගුණයකින් අටක් වෙයි. දෙවැනි ගුණ කිරීමෙන් සොළසකි, තෙවැනි ගුණ කිරීමෙන් දෙතිසකි, සිවුවැනි ගුණ කිරීමෙන් සිවුසැටකියි මෙසේ ප්‍රණීත ධ්‍යාන වශයෙන් කප් සිවුසැටක් ගන්නා ලදැයි දතයුතුය, පඤ්ඤකප්පසතානි යනු මෙය ප්‍රණීත වූ උප්පත්ති ධ්‍යානයාගේ වශයෙන් කියන ලදි. වෙහප්ඵලයන්හි හෝ ප්‍රථම ධ්‍යාන භූමි ආදීන්හි මෙන් බ්‍රහ්මලෝක තුනක් නැති බැවින් ආයුෂ් ප්‍රමාණය මෙපමණම වෙයි. එහෙයින් මෙසේ කියන ලදි.