8-9. අත්තහිත ආදි සූත්‍ර වර්ණනා
අටවැන්න පුද්ගලයන්ගේ අධ්‍යාසය (අදහස්) වශයෙන් ද බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය වශයෙන් ද කියන ලදි. නවවැන්න පස්වැදෑරුම් වෛර වශයෙනි,
10. පොතලිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කාලෙන යනු සුදුසු කාලයෙහියි, ඛමති යනු කැමැති වෙයි, යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතා යනු ඒ ඒ තැන සුදුසු කාලය දැනීමයි, ඒ ඒ කාලය දැනම නොවැණිය යුත්තහුගේ නුගුණකීම වැණිය යුත්තහුගේ ගුණකීම පණ්ඩිතයන්ගේ ස්වභාවය යැයි දක්වයි.
පස්වැනි වූ අසුර වර්ගයයි
දෙවැනි පණ්ණාසකය නිමියේයි
3. තෙවන පණ්ණාසකය
1. වලාහක වර්ගය
1. පඨමවලාහක සූත්‍ර වර්ණනාව
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි වලාහකා යනු වළාකුළුයි, භාසිතා හොති න කත්තා යනු මෙය ද මෙය ද කරමැයි කියන්නේමය, නොකරයි. කත්තා හොති න භාසිතා යනු නොකියාම මෙය ද මෙය ද මවිසින් කිරීමට වටීයයි කරන්නේම වෙයි, මෙසේ සියලු තැන අර්ත්ථය දතයුතුය. දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. කුම්භ සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි කුම්හා යනු කළයි, තුච්ඡො පිහිතො යනු හිස්වූයේ වැසූ මුව ඇත්තේයි, පූරො විවටො යනු ජලයෙන් පිරුණේ නොවැසූ මුව ඇත්තේයි, සෙසු සූත්‍ර දෙකෙහි ද මේ ක්‍රමයමයි,
4. උදකරහද සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උත්තානො ගම්භීරොභාසො යනාදියෙහි පැරණි කොලවල රසයෙන් මුසුවූ පැහැය ඇති කළුදිය ගැඹුරු සේ පෙනෙන්නේ (ගම්භීරොභාසො) නමි. පිරිසුදු පැහැදිලි මැණික් පැහැය ඇති ජලය පැහැදිලිව පෙනෙන්නේ (උත්තානොභාසො) නමි,
5. අම්බ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ආමං පක්කවණ්ණී යනු අමුව බලන්නන්ට පැසුණු සේ හැඟෙයි, මෙසේ සියලු පද දැක්විය යුතුයි, සයවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
7. මූසිකා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි යමෙක් වළක් කණියි ද එහි නොවසයි ද හෙතෙම ගාධං කත්තා නොවසීතායි කියනු ලැබේ. ඛන්තා යනු ද පාඨයි, මේ ක්‍රමයෙන් සියලු පද දතයුතුය,
8. බලීවද්ද සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි යමෙක් තමන්ගේ ගව සමුහයා මඩියි ද (පහරදෙයි) අනුන්ගේ ගවයන් නොමඩියි ද හෙතෙම සගචචණ්ඩො නො පරගචචණ්ඩො නමි, මෙසේ සියලු පද දතයුතුයි, උබ්බෙජෙතා හොති යනු ගටා විද තැතිගැනීම් ඇත්තකු බව කරයි,
9. රුක්ඛ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ඵෙග්ගු ඵෙග්ගු පරිවාරො යනු නිසරු වූ ඵලගස ඵලගස්වලින්ම පිරිවරණ ලද්දේයි, සාර පරිවාරො යනු කිහිරි ආදී හරගස්වලින් පිරිවරණ ලද්දේයි, සියලු තන්හි මේ ක්‍රමයයි,
10. ආසීවිස සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි ආගතවිසො නො ඝොරවිසො යනු යමෙකුට විෂ පැමිණෙයි ද දරුණු වූයේ නොවෙයි, බොහෝ කලක් නොපෙළයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි.
පළමු වලාහක වර්ගයයි.
2. කේසි වර්ගය
1. කේසි සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි කෙසී යනු ඔහුගේ නමයි, අසුන් දමනයෙහි ඇදුරු වූයේයි අස්සදම්මසාරථී නමි. සණ්හෙනපි දමෙති යනාදියෙහි ඔහුට සුදුසු වූ සත්කාරකොට මනා බොජුන් කවා මිහිරි පැන් පොවා මෘදු වචන කියා දමනය කරන්නේ සණ්හෙන දමෙති නමි, දණ (හිස) බැඳීම්, මුවබැඳීම් ආදියෙන් මෙන්ම කෙවිටෙන් විදීම් කසයෙන් තැලීම් ඵරුෂ වචන කීමෙන් ද දමනය කරන්නේ ඵරුසෙන දමෙති නමි, කලින් කලට මේ දෙකම කරන්නේ සණ්හඵරුසෙන දමෙති නමි.