3. අපණ්ණක වර්ගය
1. පධාන - අපණ්ණකපටිපදා සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරෝධී ප්‍රතිපදාවයි, යොනි චස්ස ආරද්ධා හොති යනු එයට හේතුව ද පිරිපුන් වූයේ වෙයි, ආසවානං ඛායාය යනු රහත් බව සඳහායි, දෙවැන්න පැහැදිලිමය.
3. අසප්පුරිස - වධුකා සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි අවණ්ණො යනු නුගුණයි, පාතුකරොති යනු කියයි, ප්‍රකට කරයි, පඤ්හාභිනීතො යනු ප්‍රශ්න කිරීම සඳහා පමුණුවන ලද්දේසි, අහාපෙත්වා අලම්පෙත්වා යනු නොපිරිහුණක් නොඑල්ඹෙන්නක් කොටයි, මෙහි ද අසත්පුරුෂ තෙමේ පවිටු ආසාවෙන් තමන්ගේ නුගුණ වසයි, සත්පුරුෂයා ලජ්ජාවෙන් තමන්ගේ ගුණය වසයි, දැන් යම්හෙයකින් අසත්පුරුෂ තෙමේ ලජ්ජාබිය නැත්තේ එක්ව විසීමෙන් අවමන් කරයි ද සත්පුරුෂයා වනාහි විලිබියෙන් යුක්ත වූයේ එක්ව විසීමෙනුදු අවමන් නොකරයි ද එබැවින් සත්පුරුෂභාවයට සාධක වූ අලුත පැමිණි ලේලියගේ උපමාව දැක්වීමට “සෙය්‍යථාපි භික්ඛවෙ වධුකා” යනාදිය පැවසූ සේක. එහි වධුකා යනු ලේලියයි, තිබ්බං යනු ඝනවූයි, මෙහි ඉතිරිය පැහැදිලිමය,
4-5. පඨම අග්ග ආදි සූත්‍ර වර්ණනා
සතරවැනි සූත්‍රයෙහි සීලග්ගං යනු අග්‍රප්‍රාප්ත වූ උතුම් ශීලයයි, සියලුතන්හි මේ ක්‍රමයමය. පස්වැනි සූත්‍රයෙහි රූපග්ගහං යනු යම් රූපයක් විමසා බලා රහත් බවට පැමිණෙයි ද මෙය රූපග්ග නමි. සෙස්සෙහි ක්‍රමයමයි, භවග්ගං යනු මෙහි වනාහි යම් ආත්මභාවයක සිටියේ රහත්බවට පැමිණෙයි ද මෙය භවග්ග නමි.
6. කුසිනාර සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි උපවත්තනෙ යනු පෙරදිගෙහි වූ සල්ගස් පෙලෙක උතුරු දෙසින් නැවතී සිටි මැද තැනයි. අන්තරෙන යමකසාලානං යනු සැක කිරීමට සල්ගස් දෙකක් අතරෙහියි, කංඛා යනු සැකයයි, විමති යනු විනිශ්චය කිරීමට අසමත් බවයි, බුදුවරයෙක්ද? බුදුවරයෙක් නොවේද, ධර්‍මය ද ධර්‍මය නොවේද? සංඝයා ද සංඝයා නොවේද? මාර්‍ගය ද මාර්‍ගය නොවේද? ප්‍රතිපදාවද, ප්‍රතිපදාව නොවේදැයි යමෙකුට සැකයක් උපදින්නේ ද එය තොපට කියමි මහණෙනි, අසවු යනු මෙහි සැකවින් අර්‍ත්‍ථයයි, සත්ථුගාරචෙනාපි න පුච්ඡය්‍යාථ යනු අපි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වීමු, අපගේ සිවුපසය ද ශාස්තෲන් වහන්සේ සතුවූයේම වෙයි, ඒ අපි මෙපමණකලක් සැක නොකොට අද අන්තිම කාලයෙහි නොසුදුස්සෝ වෙමු, ඉදින් මෙසේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නොඅසවු, සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොවෙතු යනු තොපගෙන් යමෙකුට යම් මිත්‍ර වූ ඇසුරුකරන භික්ෂුවක වේද හෙතෙම ඔහුට සැලකෙරේවා! මම එක් භික්ෂුවකට කියන්නෙම්, ඔහුගේ කථාව අසා සියල්ලෝ සැක නැත්තේ වෙත්වායි දක්වයි, එවං පසන්නො යනු මෙසේ මම අදහමි යන අර්‍ත්‍ථයයි, ඤාණමෙව යනු නිසැක බව පසක් කරන නුවණමයි, මෙහි තථාගතයන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රයක් නොවේය යන අර්‍ත්‍ථයයි, ඉමෙසං හි ආනන්ද යනු මේ තිරය ඇතුළෙහි හුන්නා වූ මේ පන්සියයක් භික්ෂුන්ගේයි, යො පච්ඡිමතො යනු ගුණ වශයෙන් අන්තිමවූ යමෙකි, අනඳ යමෙකි. අනඳ තෙරුන් සඳහාම කියන ලදි.
7. අචින්තෙය්‍ය සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයෙහි අවිනෙතය්‍යානි යනු සිතීමට නොසුදුසු දේයි, න චින්තෙතබ්බානි යනු නොසිතිය යුතු බැවින්ම නොසිතිය යුතුවු දේයි, යානි චින්තෙන්තො යනු යම් කිසි කරුණු සිතන්නායි, උම්මාදස්ස යනු උමතුබවටයි, විඝාතස්ස යනු දුකටයි, බුද්ධවිසයො යනු බුදුවරුන්ට විෂය (ගෝචර) වූයි, සර්‍වඥතාඥාන ආදී බුද්ධගුණයන්ගේ පැවැත්ම හා ආනුභාවයයි, ඣානවිසයො යනු අභිඥාධ්‍යාන විෂයයි, කම්මවිපාකො යනු දිට්ඨධම්මවේදනීය ආදී කර්‍මයන්ගේ විපාකයයි, ලොකචින්තා යනු කවරකු විසින් සඳහිරු කරන (මවන) ලද්දේ ද, කවරකු විසින් මහපොළොව, කවරකු විසින් මහසයුර, කවරකු විසින් සත්ත්වයෝ, උපදවන ලද්දාහුද? කවරකු විසින් පර්‍වත, කවරකු විසින් අඹ තල් පොල් අදිය මවන ලද්දයි මෙබඳු වූ ලෝකය පිළිබඳවූ සිතීමය.
8. දක්ඛිණවිසුද්ධි සූත්‍ර වර්ණනාව
අටවැනි සූතයෙහි දක්ඛිණාවිසුද්ධියො යනු දානසංඛ්‍යාත දක්‍ෂිණාව පිරිසුදුකරවන කරුණුයි, දායකතො විසුජ්ඣති යන මහත්ඵලභාවයෙන් පිරිසුදුවෙයි, මහත්ඵලවේයයි අරුත්ය. කල්‍යාණධම්මො යනු පිරිසුදු ධර්‍මයෝයි, පාපධම්මො යනු පහත් ධර්‍මයයි, දායකතො විසුජ්ඣති යන මෙහි වෙස්සන්තර මහරජු කිවයුතුය, හෙතෙම වනාහි ජූජක බමුණාට දරුවන් දී මහපොළොව කම්පා කරවූයේය, ගටිග්ගාහකතො විසුජ්ඣති යන මෙහි කැලණි ගං මුවදොර වැසි කෙවුලා කිවයුතුය, හෙතෙම දීඝසුම්ම තෙරුන්ට තෙවරක් පිණ්ඩපාතය දී මරණ මඤ්චකයෙහි හොවින්නේ ආර්‍යවූ දීඝසුම්ම තෙරුන්ට දුන් පිණ්ඩපාතය මා ඔසවන්නේ යයි කීවේය, නෙව දායකතො යන මෙහි වඩ්ඪමානවාසී වැද්දා කිවයුතුය, හෙතෙම ප්‍රෙතදානය දෙන්නේ එකම දුසිලෙකුටම තෙවරක් දුන්නේය, තෙවැනිවර දුශ්ශීල අමනුෂ්‍යයෙක් මා මැඩලතියි හඬනැඟීය, එක් සිල්වත් භික්ෂුවකට දී පැමිණවූ කාලයෙහිම පැමිණියේය, දායකතො චෙව පටිග්ගාහකතො යන මෙහි අසදෘශදානය කිවයුතුය.
9. වණිජ්ජා සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි තාදිසාව යනු එබඳුවූම, එයට සමානවූම යනුයි, ජෙදගාමිනී හොති යනු සිඳීමට යයි, යමක් පතන ලද්දේ ද ඒ සියල්ල නැසේයයි අරුත්ය, න යථාධිප්පායා හොති යන අදහස පරිදි සිදුනොවෙයි, පරාධිප්පායා හොති යනු අනුන්ගේ අදහස තම අදහසට වඩා වැඩි ප්‍රතිඵල ඇත්තේ වෙයි, සමණං වා බ්‍රාහ්මණං වා යනු මෙහි සමනය කළ බහා තැබූ පවු ඇති බැවින් ශ්‍රමණ බ්‍රාහ්මණ බව දතයුතුය. වද භන්තෙ පච්චයෙන යනු ස්වාමීනි සතරාකාර චීවරාදී ප්‍රත්‍යයෙන් ඉල්වන්නේයයි මෙසේ පවරයි. ආරාධනය කරයි, යෙන පවාරෙති යනු පිරිසිඳ යම්පමණකින් පවරයි, තං න දෙති යනු එය සියල්ලෙන්ම නොදෙයි. තං න යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේ දීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේදීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු හෙතෙම යම් පමණක් කැමති වෙයිද එපමණම දෙයි, පරාධිප්පායං දෙති යනු මදක් පවරා අතුරා බොහෝ දෙයි.