5. රූප ප්පමාණ සූත්‍ර වර්ණනාව
පස්වැනි සූත්‍රයෙහි රූපයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ රූපප්පමාණො නමි, රූපප්පසන්නො යනු එයටම සමාන අර්‍ත්‍ථවත් වචනයකි, ශබ්දයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ ඝොසප්පමාණො නමි, රූක්ෂ චීවර, රූක්‍ෂ පාත්‍රයන්හි ප්‍රමාණය ගෙන පැහැදුණේ ලුඛප්පමාණො නමි. ධර්‍මයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ ධම්මප්පමාණො නමි. සෙසු ඒවා ඒවායේ අර්‍ත්‍ථය ඇති පර්‍ය්‍යාය වචනයි. සියලු සත්ත්වයන් තුන්කොටසක් කොටස් දෙකොටසකට අයත් වූවෝ රූප ප්‍රමාණයෝයි, එක් කොටසක් රූපප්‍රමාණ නොවේ. පස්කොටසක් කොට සතර කොටසක් සොඝප්‍රමාණයෝය, එක් කොටසක් සොඝප්‍රමාණ නොවේ, දස කොටසක් කොට නව කොටසක් ලූඛප්‍රමාණයෝයි, එක් කොටසක් ලූඛප්‍රමාණ නොවේ, කොටස් ලක්ෂයක් කොට එක් කොටසක්ම ධර්‍මය ප්‍රමාණකොට ගන්නෝය, සෙස්සෝ ධර්‍ම ප්‍රමාණයෝ නොවෙතියි දතයුතුය.
රූපෙන පාමිංසු යනු යමෙක් රූපය දැක පැහැදුනාහු ද ඔවුහු රූපයෙන් ප්‍රමාණ කළාහුය, පාමිංසු යනු ප්‍රමාණ කළාහු යන අරුත්ය, ඝොසෙන අන්වගු යනු ශබ්දයෙන් අනුගතවූවාහු ශබ්දය ප්‍රමාණකොට ගෙන පැහැදුනාහු යයි අරුත්ය, ඡන්දරාගචසූපෙතා යනු ඡන්දයේ ද රාගයේ ද වසඟයට එළඹියාහුය, අජ්ඣත්තං ච න ජානාති යනු තමාගේ අධ්‍යාත්මයෙහි ඔහුගේ ගුණය නොදනියි, බහිද්ධා ච න පස්සති යනු පිටතින් ද ඔහුගේ ප්‍රතිපත්තිය නොදකියි, සමන්තාවරණො යනු හාත්පසින් අවුරණ ලද්දේ හෝ හාත්පසින් ආවරණය ඔහුගේ යයි හෝ සමන්තාවරණො නමි, ඝොසෙන වුය්හති යනු හෙතෙම ශබ්දයෙන් ගෙනයනු ලැබේ. ගුණයෙන් නොවේ, අජ්ඣත්තං ච න ජානාති බහිද්ධා ච විපස්සති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි ගුණය නොදනියි පිටතින් වනාහි ඔහුගේ ප්‍රතිපත්තිය දකියි, බහිද්ධා ඵලදස්සාවි යනු විවෘත දැකීම් ඇත්තේයි, න සො ඝොසෙන වුය්හති යනු හෙතෙම ශබ්දයෙන් නොමෙහයවනු ලැබේ.
6. සරාග පුග්ගල සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි මොහජඤ්චාපචිද්දසු යනු මුළාවෙන් හටගත් දෙය ද නොදත්තාහු, අනුවණයෝයි, සවිඝාතං යනු දුක්සහිතවූයි, දුබුද්‍රයං යනු අනාගතයෙහි ද දුක වැඩිකර දෙන්නාවූයි, අචක්ඛුකා යනු නුවණැස රහිතවූවෝයි, යථා ධම්මා තථා සන්තා යනු යම් සේ රාගාදී ධර්‍මයෝ සිටියාහු ද එබඳු ස්වභාවය ඇත්තෝම වීයි, නස්සෙවන්ති මඤ්ඤරෙ යනු අපි මෙසේ වූවාහු මෙබඳු ස්වභාවය ඇත්තෝයි නොහඟිති නොසිතතියි අර්‍ත්‍ථයි, මෙම සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසරම කියන ලදි.
7. අහි මෙත්ත සූත්‍ර වර්ණනාව
සත්වැනි සූත්‍රයෙහි ඉමානි චත්තාරී අහිරාකුලානි යන මෙය දෂ්ට කිරීමෙන් විෂ ඇත්තවුන් සඳහාම කියන ලදි, දෂ්ට කිරීමෙන් විෂ ඇති යම්කිසිවෙක් වෙත්ද ඒ සියල්ලෝ මේ සතර අභිරාජකුලයන්ට ඇතුළත් වූවෝම වෙති, අත්තගුත්තියා යනු තමාගේ ආරක්ෂාව සඳහායි, අත්තරක්ඛාය යනු තමාගේ රැකවරණය සඳහායි, අත්තපරිත්තාය යනු තමන් හාත්පසින් ආරක්ෂාවීම සඳහා පිරිත අනුදනිමියි අර්‍ත්‍ථයි.
දැන් යම් සේ ඒ පිරිත කළයුතු ද එය දක්වන්නේ විරූපක්ඛෙහි මේ යනාදිය වදාළ සේක, එහි විරූපක්ඛෙහි යනු විරූපාක්ෂ නාගකුලයන්ගෙනි, සෙස්සෙහි ද මේ ක්‍රමයයි, අපාදකෙහි යනු පාරහිත සත්ත්වයන්ගෙනි, සෙස්සෙහි ද මේ ක්‍රමයයි, සබ්බෙ සත්තා යනු මෙයින් පෙර මෙපමණ තැනකින් ඒ ඒ සත්ත්වයන් උදෙසා කළයුතු මෛත්‍රිය පවසා දැන් උදෙසීමක් නැති මෛත්‍රිය පැවසීමට මෙය අරඹන ලදි. එහි සත්ත්වයෝ ප්‍රාණීහු භූතයෝ යන මේ සියල්ලම පුද්ගල පර්‍ය්‍යාය වචනයෝමය. භද්‍රානි පස්සන්තු යනු සොඳුරු වූ අරමුණු දකිත්වායි, මා කඤ්චි පාපගමා යනු කිසිසතකු වෙත පවිටු වූ දෙයක් ලාමක වූ දෙයක් නොපැමිණේවා යනුයි, අප්පමාණො බුද්ධො යන මෙහි බුද්ධ ගුණයෝ දතයුත්තාහ. ඒවා අප්‍රමාණ නම් වෙයි. සෙසු පද දෙකෙහි ද දේ ක්‍රමයමයි, පමාණවන්තානි යනු ගුණප්‍රමාණයෙන් යුක්තවූයි, උණ්ණානාභි යනු ලොම් සහිත නැබ ඇති මකුළුවායි, සරබූ යනු හුනායි, කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා යනු මවිසින් මෙපමණ දෙනාට ආරක්ෂාව ද රැකවල ද කරන ලදියි. පටික්කමන්තු භූතානි යනු මවිසින් කරන ලද රැකවල ඇති සත්ත්වයෝ ඉවත් වෙත්වා, මා නොවෙහෙසත්වා යන අරුත්ය.
8. දෙවදත්ත සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අචිරපක්කන්තෙ දෙවදත්තෙ යනු සංඝභේදය කොට වැඩිකල් නොගොස් තිබියදීයි, පරාභවාය යනු අවැඩ සඳහා විනාශය සඳහාය, අස්සතරී යනු වෙළඹකගේ කුසෙහි කොටලුවාට දාව උපන්නාවූයි, අත්තවධාය ගබ්හං ගණ්හාති යනු ඇය අශ්වයකු සමඟ යොදවනු ලබන ඕ ගැබ්ගෙන කල් පැමිණි විට වදනු නොහැක්කී පාවලින් බිම පහරමින් සිටියි. ඉක්බිති ඕ සිවුපා කණු සතරක බැඳ කුස පළා පැටවා පිටතට ගන්නී එහිම මැරෙයි. එහෙයින් මෙසේ කියන ලදි.