5-6. පඨම නකුල සමජීවී ආදි සූත්ර වර්ණනා
පස්වැනි සූත්රයෙහි තෙනුපසඞ්කමි යනු කුමක් සඳහා එළඹුනේද යත්? අනුග්රහය සඳහාය, තථාගතයන් වහන්සේ වනාහි එරටට වැඩමවන්නාහු මේ දෙදෙනාටම අනුග්රහය සඳහා වැඩමවන සේක. නකුලපියා වනාහි ජාති පන්සියයක තථාගතයන් වහන්සේට පියා විය. ජාති පන්සියයක් මහපියා (මහප්පා) ද ජාති පන්සියයක් සුළුපියා ද විය, නකුල මව ජාති පන්සියක් මව වූවාය, පන්සියයක් ජාති මහම්මා ද ජාති පන්සියයක් සුළුමව ද වූවාය, ඔවුහු ශාස්තෲන් වහන්සේ දුටුකල පටන් පුත් සෙනෙහස ලබා, වසු පැටවා දැක වසුපැටවාට ඇළුම් ඇති දෙනක මෙන් දරුව දරුවයි හඬනගමින් ළඟට එළඹ පළමු දැක්කෙන්ම සෝවාන් වූවාහුය. නිවසෙහි පන්සියයක් භික්ෂූන්ට අසුන් පැනවූයේම වෙයි. මෙසේ භාග්යවතුන් වහන්සේ ඔවුනට අනුග්රහය සඳහා එළඹුණු සේක. අතිචරිතා යනු ඉක්මවන ලද්දේයි, අභිසම්පරායඤ්ච යනු පරලොවෙහි ද යනුයි. සමසද්ධා යනු ශ්රද්ධාවෙන් සමවුවාහු එකසමාන වුවාහුයි. ශීලාදියෙහි ද මේ ක්රමයමයි. සයවැනි සූත්රය හුදෙක් භික්ෂූන්ට දෙසන ලදි. මෙහි සෙස්ස එබඳුමය.
7. සුප්පවාසා සූත්ර වර්ණනාව
සත්වැනි සූත්රයෙහි සජ්ජනෙලං යනු ඒ නියම්ගමෙහි නමයි, කොලියානං යනු කෝල රජකුලයන්ගේයි. ආයුං ඛො පන දත්වා යනු ආයුෂ දානය දීයි, ආයුස්ස භාගිනි හොති යනු ආයුෂලාභය ලබන්නී වෙයි, ආයුෂ හෝ ඇසුරු කරන්නී වෙයි. ආයුෂ ලබන්නීය යනාර්ත්ථයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමැයි,
රස්සා උපෙතං යනු රසයෙන් යුක්ත වූ, රස සම්පන්නවූයි, උජ්ජුගතෙසු යනු කායවංකාදිය නොමැති බැවින් සෘජු බවටම ගියා වූ ක්ෂීණාශ්රවයන් කෙරෙහියි, චරණුපපන්නෙසු යනු පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවුවන් කෙරෙහියි, මහග්ගතෙසු යනු මහත්බවට ගියවුන් කෙරෙහියි, ක්ෂීණාශ්රවයන්ටම මෙය නමෙකි. පුඤ්ඤෙන පුඤ්ඤං සංසන්දමානා යනු පිණ සමග පිණ සසඳනු ලබන්නාවූයි, මහප්ඵලා ලොකවිදූනවණ්ණිතා යනු මෙබඳු වූ දාන සංඛ්යාත වූ දක්ෂිණාව ත්රිවිධලෝකය දන්නා ලද්දක් කොට දැනගත් බැවින් ලොව දැනගත් බුදුවරුන් විසින් වර්ණනා කරන ලදි. බුදුවරුන් විසින් පසස්නා ලදැයි අරුත්ය, යඤ්ඤමනුස්සරන්තා යනු යඥය (යාගය) වූ දානය සිහි කරන්නාහුයි, වෙදජාතා යනු සතුටට පත්වූවාහුයි.
8. සුදත්ත අනාථපිණ්ඩික සූත්ර වර්ණනාව
අටවැනි සූත්රයෙහි සඤ්ඤතානං යනු කය වචනයන්ගේ සංයමයට පත් වූවන්ගේයි, පරදත්තභොජිනං යනු අනුන් විසින් දුන් දෙයම වළඳා යැපෙන්නවුන්ගේයි, කාලෙන යනු සුදුසු කාලයෙනි, සක්කච්ච දදාති යනු සියතින් සත්කාර කොට දෙයි, චත්තාරී ඨානානි අනුප්පවෙච්ඡති කරුණු සතරක් පිවිසුවයි, දෙයි; යසවා හොති යනු මහත් පිරිවර ඇත්තේ වෙයි.
9. භොජනදායක සූත්ර වර්ණනාව
නව වැන්න හුදෙක් භික්ෂූන්ට කියන ලදි. මෙහි සෙස්ස එබඳුමය.
10. ගිහිසාමීචිපටිපදා සූත්ර වර්ණනාව
දසවැනි සූත්රයෙහි සාමීචිපටිපදං යනු ගිහීන්ට සුදුසු පිළිවෙතයි, පච්චුපට්ඨිතා හොති යනු පිළිගන්වා දෙනු කැමැත්තෙන් ළඟට එළඹවූයේ වෙයි, සමීපවූයේ භික්ෂු සංඝයාට සිවුරු දෙයි යන අරුත්ය,
උපට්ඨිතා යනු උපස්ථායකයායි, තෙසං දිච්ච රත්තො ච යනු යමෙක් මෙසේ සිවුපසයෙන් උපස්ථාන කරත් ද ඔවුනට දහවල්හි ද රැයෙහි ද පරිත්යාග වශයෙන් මෙන්ම සිහිකිරීම් වශයෙන් ද හැමකල්හි පින වැඩෙයි. සග්ගඤ්ච කමතිට්ඨානං යනු එබඳු තැනැත්තේ ඒ යහපත් කර්මය කොට ස්වර්ගයට එළැඹෙයි, මේ සූත්රාන්ත සතරෙහිම අගාරිය ප්රතිපදාව කියන ලදි. සෝවාන් සකෘදාගාමීන්ට ද මැනවි.
පළමුවැනි පුඤ්ඤාභිසන්ද වර්ගයයි.
2. පත්තකම්ම වර්ගය
1. පත්තකම්ම සූත්ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අනිටුදෙය (අයහපත) පිළිකෙව් කිරීමෙන් ඉට්ඨා නමි, සිත ඇතුළත් වෙත්, පිවිසෙත්නුයි කන්තා නමි. සිත නගත් වඩනුයි මනාප නමි, දුල්ලභා යනු අතිශයින්ම දුර්ලභ වූවෝයි, භොගා යනු විඳිය යුතු රූපාදී වූ විෂයයෝයි, සහධම්මෙන යනු ධර්මය සමඟම උපදිත්වා; ධර්මය විනාශකොට අධර්මයෙන් නොවේ, නැතහොත් සහධම්මෙන යනු හේතු සහිතවීමෙනි, ඒ සෙනෙවි සිටු තනතුරු ආදී කරුණු සමගම උපදිත්වායි අරුත්ය. යසො යනු පිරිවර සැපතයි, සහඤාතීහි යනු නෑයන් සමගය, සහ උපජ්ඣායෙහි යනු සැපදුකෙහිදී මැදහත් වියයුතු බැවින් උපාධ්යාය සංඛ්යාත වූ හිතමිතුරන් සමඟය,