8. පතිලීන සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙන් පනුණ්ණපච්චෙකසච්චො යනු මේ දර්‍ශනයම සත්‍යයය, මෙය සත්‍යයයි මෙසේ වෙන් වෙන්ව (පෞද්ගලිකව) ගත් බැවින් පෞද්ගලික සංඛ්‍යාත වූ දෘෂ්ටි සත්‍යයන් ඉවත් වූයේ දුරුවුයේ ප්‍රහීන වූයේ මොහුගේනුයි පනුණ්ණපච්චෙකසච්චො නම් වෙයි. සමවයසට්ඨෙසනො යන මෙහි අවයා යනු නොඅඩුවූයි. සට්ඨා යනු ඉවතලූයි. මනාව නොඅඩුව ඉවතලූ තෘෂ්ණා ඇත්තේ මොහුටනුයි සමවයසට්ඨෙසනො නමි. මැනවින් අත්හළ සියලු තෘෂ්ණා ඇත්තේය යන අර්‍ත්‍ථයි. පතිලීනො යනු සැඟවුණේ, හුදෙකලා බවට ගියේයි. පුථුසමණබ්‍රාහ්මණානං යනු බොහෝවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේයි. මෙහිද සමණා යනු පැවිදිබවට පත් වූවාහුයි, බ්‍රාහ්මණා යනු හොවාදීහුයි (බමුණන්ට නමකි.). පුථුපච්චෙකසච්චානි යනු බොහෝ වූ වෙන් වෙන් වූ (පෞද්ගලික) සත්‍යයෝයි. නුණ්ණානි යනු බැහැර කරන ලදයි. පනුණ්ණානි යනු මනාව බැහැර කරන ලදයි. චත්තානි යනු ඉවතලූයි. වත්තානි යනු වැමෑරූයි, මුත්තානි යනු සිඳලූ බැඳුම් ඇතිකරන ලදයි, පහීනානි යනු අත්හැර දැමුයි. පටිනිස්සට්ඨානි යනු යම්සේ යළි සිතට නොනැගෙත්ද, එසේ ඉවතලූවාහුයි. මේ සියල්ලම ගන්නා ලද දැඩිබව අත්හළ බවට සමාන වචනයි.
කාමෙසනා පහීනා හොති යනු අනාගාමී මාර්‍ගයෙන් ප්‍රහීන වූවෝයි, භවෙසනාව අරහත් මාර්ගයෙන් ප්‍රහීන වෙයි. බඹසර සොයන්නෙමි. ගවේෂණය කරමැයි මෙසේ පවතින අදහස නම් වූ බ්‍රහ්මචරියෙසනාව ද අරහත් මාර්ගයෙන්ම සන්සුන්බවට සංසිඳීමට යයි. දිට්ඨි බ්‍රහ්මචරියෙසනාව වනාහි සොතාපත්ති මාර්ගයෙන්ම සංසිදේ යයි දතයුතුය. එවං ඛො භික්ඛවෙ යනු මෙසේ සිවුවන දැහැනින් සන්සුන් වූ කාය සංස්කාර ඇත්තේ සන්සුන් ආශ්වාස ප්‍රශ්වාස ඇත්තේ ඇත්තේ නම් වෙයි. අසම්මානො යනු වෙමැයි උපදින නව ආකාර වූ මානයයි.
ගාථාවන්හි කාමෙසනා භවෙසනා යනු මේ එසනා දෙකයි. බ්‍රහ්මචරියෙසනා සහ යනු ඒවා සමග බ්‍රහ්මචරියෙසනා යන මේ තුනම වේ. මෙහි සිට, ඵසනාපටිනිස්සට්ඨා යන මේ පදය සමඟ යෙදිය යුතුය. ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා යනු මේ සත්‍යයයි. මේ සත්‍යයයි යනුවෙන් දැඩිව ගැනීමද දිට්ඨි සංඛ්‍යාතවූම දිට්ඨිට්ඨානයෝ ද උස්ව ඇති බැවින් උඩට නැඟී ඇති බැවින් “සමුස්සයා”යි කියනු ලැබෙත් ඒ සියල්ලම මෙහි සිට දිට්ඨිට්ඨානා සමූහතා යන මේ පදය සමග යෙදිය යුතුයි. කවරකුගේ නම් මේ එසනාව දුරු කරන ලද්දේ ද මේ දිට්ඨිඨානයෝ ද දුරුකරන ලද්දාහුදැයි දැක්වීමට සබ්බරාගවිරත්තස්ස තණ්හක්ඛය විමුත්තිනොයි (කියන ලදි). යමෙක් වනාහි සියලු රාගයන්හි නොඇළුණේ ද තෘෂ්ණා ක්‍ෂය වූ නිවනෙහි පැවති අරහත්ඵල විමුක්තියෙන් යුක්තවූයේ ද ඔහුගේ එසනාව දුරුවූයේය. දිට්ඨිට්ඨානයෝ ද නසන ලද්දාහුය. සවෙසන්තො යනු මෙබඳු වූ හෙතෙම කෙලෙස් තැවුලෙන් නිවුනේයි. පස්සද්ධො යනු කායචිත්තපස්සද්ධි දෙකින් සංසිඳුනේයි. අපරාජිතා යනු සියලු කෙලෙසුන් දිනා සිටි බැවින් කිසිවකු විසින් නොපරදවන ලද්දේයි. මානාභිසමයා යනු මානය ප්‍රහාණය කිරීමේ අවබෝධයෙනි. බුද්ධො යනු සිවුසස් අවබෝධකොට සිටියේයි. මෙසේ මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද ක්ෂීණාශ්‍රවයාම කියන ලදි.
9. උජ්ජාය සූත්‍ර වර්ණනාව
නවවැනි සූත්‍රයෙහි සංඝාතං ආපජ්ජන්ති යනු වධයට මරණයට පැමිණෙති යනුයි. නිච්චදානං යනු සලාක බතයි. අනුකූලයඤ්ඤං යනු අපගේ පියවරුන් විසින් මුත්තණුවරුන් විසින් දෙන ලද බැවින් මෙසේ කුලයෙන් කුලයට වශයෙන් යාග කළ යුතුය, දිය යුතුය යන අර්‍ත්‍ථයි. අස්සමෙධං යනාදියෙහි මෙහි අශ්වයාම මේධය (යාග පුජාව) වේනුයි අස්සමෙධ නමි. විශේෂ යාග දෙකකින් පිදියයුතු, එකුන්විසි යාග කණු ඇති, බිම ද මිනිසුන් ද හැර ඉතිරි සියලු සම්පත් හා දක්ෂිණාව ඇති යාගයට මෙය නමෙකි. මෙහි පුරුෂයා පූජා භාණ්ඩය වේ යයි පුරිසමෙධ නමි. විශේෂ යාග සතරකින් යැදිය යුතු බිම සමඟ අශ්වමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති යාගයට මේ නමෙකි. මෙහි සම්මය (යාග උපකරණයක්) පාසය වූයේනුයි සම්මාපාසොයි දිනපතා සම්මය විසිකොට (දමා ගසා) එය වැටුණු තැන ඉවත්කළහැකි යාග කණු ආදියෙන් වේදිකාව තනා සරස්වතී නදියෙහි ගිලෙන තැන සිට පිළිලොම්ව යන්නහු විසින් යැදිය යුතු සියලු යාගයට මෙය නමෙකි. මෙහි ශක්තිය බොත්නුයි වාජපෙය්‍යං නමි. එක් උත්කෘෂ්ට යාගයකින් ද සතුන් සතළොස් දෙනෙකුගෙන් ද යැදිය යුතු වූ, බෙලි (යාග) කණුව ඇති, සතළොස, සතළොස බැගින් වූ දක්ෂිණා ද ඇති යාගයට මේ නමකි. මෙහි අගුල් නැත්තේනුයි නිරග්ගළො නමි. උත්කෘෂ්ට යාග නවයකින් යැදිය යුතු වූ, බිම සහ පුරුෂයන් ද සමග අස්සමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති සබ්බමෙධ නම් වූ පර්‍ය්‍යාය නාමය ඇති අශ්වමෙධ විකල්පයට මේ නමෙකි. මහාරම්හා යනු මහත් කෘත්‍ය, මහත් කළයුතුදැයි. සත්ත්ව ඝාතනයේ මහත්බව නිසා ද මහාරම්හා යනු වේ. න තෙ හොන්ති මහප්ඵලා යනු මෙහි ඉතිරි නැති යන අරුත්හි ඉතිරි සහිත බවින් කරන ලදි. එබැවින් යහපත් ප්‍රතිඵලයෙන් නිෂ්පල වෙත්මැයි අර්‍ත්‍ථයි. මෙය ද පරපණ නැසීම අරභයාම කියන ලදි. එහි අතරතුර යම් දානයක් දෙනු ලැබේද මේ සත්ත්ව ඝාතනයෙන් නැසුණු බැවින් මහත්ඵලයක් නොවෙයි. අඩු ප්‍රතිඵලයක් වේ යයි අරුත්ය. හඤ්ඤරෙ යනු විනාශ කරති. යජන්ති අනුකූලං සදා යනු යමෙක් වෙනත් අනුකූල වූ යාගයක් කරත්ද පූර්‍වපුරුෂයන් විසින් යාගකරන ලද බැවින් පශ්චිම පුරුෂයෝ ද යාග කරතියි අර්‍ත්‍ථයයි. සෙය්‍යො හොති යනු විශේෂයක්ම වෙයි. න ජාපියො යනු කිසි පවක් නොවෙයි.