7-8. පෙය්‍යාල වර්ණනා
සමනුඤේඤා යනු සම අදහස් ඇත්තේයි. රාගස්ස යනු පඤ්චකාමගුණික රාගයේයි. අභිඤ්ඤාය යනු මනාව දැනීම සඳහායි. සුඤ්ඤතො සමාධි යනාදී සමාධි තුනෙන්ම විදර්‍ශනාවම කියනලදී. විදර්‍ශනාව වනාහි නිච්ච අභිනවෙස නිච්ච නිමිත්ත නිච්චපණිධි ආදිය නොමැති බැවින් මේ නම් ලබයි. පරිඤ්ඤාය යනු හාත්පසින් දැනීම සඳහායි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තරනිකාය අට්ඨකථාවෙහි
තිකනිපාත වර්‍ණනාව නිමියේයි.