3.3.5.10
දසවැන්නෙහි සුනක්‍ඛත්තං යනාදියෙහි යම් දිනෙක ත්‍රවිධ සුචරිතධර්ම පුරනලද්දේ වේද ඒ දිය ලැබූ නැකත් යෝගය නමි. එබැවින් ඔහුට සැමදා හොඳ නැකත් ඇත්තේ වේයයි කියනලදී. ඒ දිනයම කළමඞ්ගල ඇත්තක්වෙයි. එහෙයින් ඔහුට සැමදා සුමඞ්ගලයයි කියනුලැබේ. ඔහුට අළුයමද සැමදා හොඳ අළුයමක් වෙයි. යහනින් නැඟිටීම (පිබිදීම) ද හොඳ පිබිදීමක්ම වෙයි. ක්‍ෂණයද හොඳ ක්‍ෂණයක්මවෙයි. මොහොතද හොඳ මොහොතක්මවෙයි. මෙහිද අසුරුදහයක් පමණවූ කාලය ක්‍ෂණයනමි. ඒ ක්‍ෂණයෙන් ක්‍ෂණදහයක කාලය ලයනමි. ඒ ලයින් ලය දසයක් ඇති කාලය ක්‍ෂණලය නමි. එයින් දසගුණයක් ඇත්තේ මොහොතනමි. ඒ මොහොතින් දසගුණය ක්‍ෂණමුහුර්තය නම් වේයයි මේ විභාගය ද දතයුතුය. සුයිටඨං බ්‍රහ්මචාරිසු යනු යම් දිනෙක සුචරිත තුන සපුරනලද්දේද එදින ඔහුට ශ්‍රෙෂ්ඨ හැසිරීම් ඇත්තවුන් කෙරෙහි දුන් දානය සුයිට්ඨ (මනාව පරිත්‍යාග කරනලද්දේ) නම්වෙයි. පදක්‍ඛිණං කායකම්මං යනු ඒ දිනයෙහි ඔහුවිසින් කරනලද කායකර්මය වඩඪි කායකර්මය (අභිවෘද්ධිදායක කායකර්මය) නම් වෙයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමය. පදක්‍ඛිණානි කත්‍වාන යනු අභිවෘද්ධියෙන් යුක්තවූ කායකර්මාදිය කොටයි. ලභතෙත්‍ථ පදක්‍ඛිණෙ යනු ප්‍රදක්‍ෂිණාවන්, අභිවෘද්ධිදායක දෙයම ලබයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
පස්වෙනිවූ මඞ්ගල වර්ගයයි.
තෙවෙනි පණ්ණසකයයි.
6. පටිපදා වර්ගය
මෙයින් මත්තෙහි ආගාළ්හා පටිපදා යනු දැඩි රළු ලොභවශයෙන් ස්ථිරව ගැනීමයි. නිජක්‍ධාමා යනු අත්තකිලමථානුයොග වශයෙන් මනාව දැවුණු, රත්වූ හාත්පසින් රත්වූ යනුයි. මජක්‍ධිමා යනු නොරළු නොදැවුණු මැදවූවෝයි. අචෙලකො යනු නිර්වස්ත්‍රවූ නග්නයායි. මුත්තාචාරො යනු විසුරුවා හළ පැවතුම් ඇත්තේයි. මුත්‍රකිරීම් ආදියෙහිදී ලෞකික කුලපුත්‍රයන්ගේ හැසිරීමෙන් තොරවූයේ සිටියේම (සිටගෙනම) මුත්‍ර කරයි. මලපහකරයි. කයි, බුදියි, හත්‍ථාපලෙඛනො යනු අතෙහි බත්පිඬු නිමාවූ කල දිවෙන් අත ලොවයි. මුත්‍ර හෝ මල අතෙහිම දිය ඇත යන හැඟීම් ඇත්තේ අතින් පිසදමයි. භික්‍ෂාව (ආහාර) ගැනීම සඳහා එන්න ස්වාමීනියි කීකල්හි නොඑන්නේනුයි න එහිභදනතිකො නමි. එසේවීනම් සිටිනු මැනව ස්වාමීනියි කීකල්හි නොසිටින්නේනුයි න තිට්ඨභදන්තිකො නමි. හෙතෙම ඔහුගේ වචනයක කළේ වන්නේයයි ඒ දෙකම නොකරයි. අභිභටං යනු පළමුව ගෙන ආ භික්‍ෂාවයි. උද්දිස්සකටං යනු මෙය නුඹවහන්සේ උදෙසා කරනලදැයි මෙසේ සැළකළ භික්‍ෂාවයි. නිමන්තණං යනු අසුවල් නම් කුලයට හෝ වීථියට හෝ ගමය හෝ පිවිසෙනු මැනවැයි මෙසේ ඇරයුම් කළ භික්‍ෂාවද නොඉවසයි. නොගනියි. න කුම්භිමුඛා යනු සැළියෙන් උඩට ගෙන දෙනුලබන භික්‍ෂාව නොගනියි. න ඛලොපිමුඛා යනු ඛල යනුද සැළියයි. පැස හෝ වේ. එයිනුදු නොගිනියි. කුමක් හෙයින්ද යත් හැළිවලං මා නිසා හැන්දෙන් පහර ලබතැයි නොගනියි. න ඵලකමන්තරං යනු එළිපත්ත අතර කොට දෙනුලබන්න නොගනියි. මක්නිසාද යත්? මෙය මා නිසා අතරත කිරීමක් ලබතැයි යන හැඟීමෙනි. දඬු මොහොල්ගසෙහිද මේ ක්‍රමයමයි. ද්වින්නං යනු දෙදෙනකු වළඳන කල්හි එකෙකු නැගිට දෙන කල්හි නොගනියි. කුමක්හෙයින්ද යත්? බත් පිඬුවලට අනතුරක් වේයයන හැඟීමෙනි.
න ගබ්භිනියා යනාදියෙහි ගැබනියගේ කුසෙහි දරුවා වෙහෙසෙයි. කිරි පොවන්නියගේ දරුවාගේ කිරිවලට අනතුරක් වෙයි. පුරුෂයකු අතරට ගිය තැනැත්තියගේ රතියට අනතුරක් වේය යන හැඟීමෙනි. න සංකිතතිසු යනු වර්‍ණනාකොට කළ බතෙහිය. දුර්භික්‍ෂ කාලයෙහි අචෙලක ශ්‍රාවකයෝ අචෙලකයන් සඳා ඒ ඒ තැනින් සහල් ආදිය ඉල්වා බත් පිසති. උත්කෘෂ්ට අචෙලකයා එයින් (අහර) පිළිනොගිනියි. න යත්‍ථ සා යනු යම් තැනක සුනඛයෙක් කෑම ලබමියි පිවිසියේ වේද එහි ඔහුට නොදී රැගෙන ආ භික්‍ෂාව නොගනියි. කුමක් හෙයින්ද යත් ඒ බල්ලාගේ ආහාරයට අනතුරක් වේය යන හැඟීමෙනි. සණ්ඩසණඩචාරීණී යනු ගොමුගොමුව (සමූහ සමූහ වශයෙන්) හැසිරෙන්නාවූයි. ඉදින් අචෙලකයකු දැක මොහුට භික්‍ෂාව දෙම්හයි මිනිස්සු ආහාරශාලාවට පිවිසෙත්ද ඔවුන් පිවිසෙන කල්හි හැළිවලං ආදියෙහි සැඟවුණු මැස්සෝ ගොමු ගොමුව හැසිරෙත් නම් එතැනින් ගෙනා භික්‍ෂාව නොපිළිගනිත්. කුමක්නිසාද යත්? මානිසා මැස්සන්ගේ ආහාරයට අනතුරක් හටගත්තේය යන හැඟීමෙනි.
න ථුසොදකං යනු සියලු ධාන්‍ය සමූහයන්ගෙන් කළ පානයකි. මෙහිද සුරාපානයම සාවද්‍යය. මෙතෙම වනාහි සියල්ලෙහි සාවදයය යන හැඟීම් ඇත්තේය. එකාගාරිකො යනු යමෙක් එකම ගෙයක භික්‍ෂාව ලැබ නවතියිද හෙතෙමේයි. එකාලොපිකො යනු එකම (බත්) පිඬුවකින් යැපෙයිද හෙතෙමේයි. ද්වාගාරික යනාදියෙහිද මේ ක්‍රමයමයි. එකිස්සාපි දතතියා යනු එකම දත්තියක (කුඩාබඳුනක)ය. දත්ති නම් එක් කුඩා බඳුනකි. එහි අග්‍රභික්‍ෂාව බහා තබත්. එකාභිකං යනු එක් දිනක් අතරතය. අද්ධමාසිකං යනු අඩමසක් අතරතුරය. පරියායභත්තභොජනං යනු වරුබත් බොජුනයි. එක්දිනකට වරක්, දෙදිනකට වරක් සත්දිනකට වරක් අඩමසකට වරක් වයෙනැයි මෙසේ දිනවාරයෙන් ආවාවු බත්බොජුනයි. සාකභක්‍ඛො යනාදිය කියනලද අර්ථ ඇත්තේමය.
උබභට්ඨකො යනු උඩ සිටියේයි. උක්කුටිකප්පධා නමනුයුත්තො යනු උකකුටික වීර්යයෙහි යෙදුනේයි. යන්නේද උක්කුටිකවුයේම උඩපැන පැන යයි. කණ්ටකාපස්සයිකො යනු යකඩ කටු හෝ ස්වාභාවික කටු හෝ බිම කොටා (සිටුවා) එහි සම අතුරා සිටීම් සක්මන් කිරීම් ආදිය කරයි. සෙය්‍යං යනු නිදන්නේද එහිම නිදයි. සවස තුන්වැන්න මොහුට ඇත්තේනුයි. සායතතියකං නමි. උදය මද්දහන සවසයයි දිනකට තෙවරක් පවු පාකොට හරින්නෙමැයි උදකොරොහන අනුයෝගයෙහි (දියට බැස සිටීමේ පිළිවෙතෙහි) යෙදී වාසය කරයි.
කායෙ කායානුපස්සී යනාදිය යට එකකනිපාත වර්‍ණනාවෙහි කියනලද අයුරින්ම දතයුතුය. අයං වුච්චති භික්‍ඛවෙ මජ්ක්‍ධිමා පටිපදා යනු මහණෙනි මෙය කාමසුඛල්ලිකානු යෝගයද අත්තකිලමථානුයෝගයද යන අන්තදෙකට නොපැමිණි ශාශ්වත උචේඡද අන්තයන්ගෙන් හෝ මිදුණු මධ්‍යමප්‍රතිපදාවයි දතයුතුය.