3. 3. 3. 8
අටවැන්නෙහි ඉදනේත මානස්මිං යනු මේ ඔබගේ නවාකාරයෙන් වැඩූ මානය යන අර්ථයයි. ඉදනේත උද්ධච්චස්මිං යනු මේ ඔබේ උඩඟුවයි. සිතේ නොසන්සුන්බවයි. ඉදනේත කුකකුච්චස්මිං යනු මේ ඔබේ කුකුසයි.
3. 3. 1. 9
නවවැන්නෙහි, වහන්ති යනු ගෙනයති. පටිච්ඡාන්නො වහති යනු පිළිසන්වූයේම වී (සැඟවී) ගෙනයයි. විවටො විරොචති යනු මෙහි එකපසකින්, දෙපසින් තමාවශයෙන් හා හැමදෙසිනැයි සතරාකාරවූ විවටනාව දතයුතුය. එහි එක්පසකින් විවෘතවූයේ යනු අසාධාරණ ශික්ෂාපදයයි. දෙපසින් විවෘතවූයේ නම් සාධාරණ ශික්ෂාපදයයි. තමා වශයෙන් විවෘතවූයේ නම් ලබනලද ගුණයයි. සියලුතන්හි විවෘතවූයේ නම් ත්රපිටක බුද්ධවචනයයි.
3. 3. 3. 10
දසවැන්නෙහි අභිණහං යනු නිතරපවත්නාවූයි. නිරතුරුවයි. ආගාළෙහන යනු දැඩිබවිනි, කර්කශබවිනි. ඵරුසෙන යනු ඵරුෂවචනයෙනි. රළුකොට නපුරුකොට කියනුලබන්නේයි අර්ථයි. අමනාපෙන යනු මනස නොඇලීමෙන්, නොවැඩීමෙන්ය. සන්ධියතිමෙව යනු ගැටේමය. සංසන්දතිමෙව යනු නිරතුරුවුයේම වෙයි. සම්මොදතිමෙව යනු ඒකීභාවයටම යයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
තෙවෙනිවූ භරණ්ඩු වර්ගයයි.
4. යොධාජීව වර්ගය
3. 3. 4. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්රයෙහි යුද්ධයෙන් ජීවත්වේයැයි යොධාජීවො නමි. රාජාරභො යනු රජුට සුදුසුවූවෙකි. රාජභොග්ගො යනු රජුගේ උපභොග පරිභොගයයි. රඤේඤා අඞගනේත්වච සඞ්ඛං ගච්චති යනු අතමෙන්ද පස මෙන්ද අවශ්යයෙන් කැමතිවියයුතු බැවින් අංගයයි කියනුලැබේ. දූරෙ පාතී හොතී යනු ජලයෙහි ඉස්බක් පමණවූද ගොඩබිමෙහි අඩ ඉස්බක් පමණවූද හෝ ඊට වැඩිවූද දුරෙහි හීය හෙලයි. දුට්ඨගාමිණී අභය රජුගේ යෝධයා නව ඉස්බක් පමණට හීය හෙලීය. අවසන් භවයෙහි බෝසත්තෙමේ යොදුනක් පමණට හීය හෙලයි. අක්ඛණවෙධී යනු නොවරද්දා විදින්නායි. විදුලියෙහි හෝ විදුලිගසන කාලය අතරතුර විදීමට සමත්වූ යන අර්ථයි. මහතො කායස්ස පදාලෙතා යනු එකට බඳනාලද පුවරු සියයක්වුවද මීසම්සියයක් වුවද මාපට ඇඟිල්ලක් පමණ ඝනවූ ලොහො පටක්වුවද අඟල් සතරක් ඝනවූ හී ලෑල්ලක්වුවද වියතක් ඝනවූ දිවුල් ලෑල්ලක් වුවද දිගින් වැලි කරත්තයක් වුවද විදීමට සමතෙකි යන අර්ථයි. යං කිඤචිරූපං යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. නෙතං මම යනාදිය තෘෂ්ණාමාන දෘෂ්ටි ප්රතික්ෂෙප කිරීම් වශයෙන් කියනලදී. සම්මප්පඤ්ඤාය පස්සති යනු මනා හේතුවෙන්, කරුණින් විදර්ශනා සහිත මාර්ග ප්රඥාවෙන් දකියි. පදාලෙති යනු අරහත් මගින් පළාලයි.
3.3.4.2
දෙවැන්නෙහි උක්කාචිතවිනීතානි යනු නොවිමසා විනීතවූයි. දුර්විනීතපිරිසයි. පටිපුච්ඡාවිනීතා යනු වමිසා විනීතවූයි. මනාව විනීතවූ පිරිසයි. යාවතා ච විනීතා යනු ප්රමාණ වශයෙන් විනීතවූයි. පමණ දැන විනීතවූ පිරිසයය යන අර්ථයි. යාවතජක්ධා යනු පෙළෙහි වනාහි අදහස තෙක් යන අර්ථයි. අදහස දැන විනීතවූ පිරිසයයි කියනලද්දේ වෙයි. තෙවැන්න පැහැදිලිමය.
3.3.4.4
සිවුවැන්නෙහි ධම්මට්ඨිතතා යනු ස්වභාවයෙන් පිහිටීමයි. ධම්මනියාමතා යනු ස්වභාවනියාමතාවයි. සබ්බෙ සඞ්ඛාරා යනු චාතුර්භූමක සංස්කාරයෝයි. අනිච්චා යනු විනාශවේය යන අර්ථයෙන් අනිත්යය. දුක්ඛා යනු දැන් පෙළෙන අරුතින් දුක්ය. අනත්තා යනු (තමා) වශයෙහි නොපවතින අරුතින් අනාත්මය. මෙසේ මේ සූත්රයෙහි ලක්ෂණත්රය මිශ්රකව කියනලදී.