3. 3. 2. 8
අටවැන්නෙහි සොචෙය්යානි යනු පිරිසුදුබවයි. කායසොචෙය්යං යනු කායද්වාරයෙහි පිරිසුදු බවයි. සෙසු පද දෙකෙහිද මේ ක්රමයමයි. පිළිවෙළින් මෙම සූත්ර සතරෙහි ආගාරික ප්රතිපදාව කියනලදී. සෝවානි සකෘදාගාමීන්ටද වටීයි.
3. 3. 2. 9
නවවැන්නෙහි අජක්ධත්තං යනු තමන්ගේ අධ්යාත්මයයි. කාමච්ඡන්දං යන කාමච්ඡන්ද නීවරණයයි. ව්යාපාද ආදියෙහිද මෙම ක්රමයමයි. මෙහි සෙස්ස යට කියනලද ක්රමයෙන්මය. ගාථාවෙහි වනාහි කායසුචිං යනු කායද්වාරයෙහි පිරිසුදුබවයි. කයින් හෝ පිරිසුදුබවයි. සෙසු දෙකෙහිද මේ ක්රමයමයි. නින්හාතපාපකං යනු සියලු පව් නහා සෝදා සිටියේයි. මෙසේ සූත්රයෙන්ද ගාථාවෙන්ද ක්ෂීණාශ්රවයාම කියනලදී.
3. 3. 2. 10
දසවැන්නෙහි මොනෙය්යානි යනු මුනීන්ගේ පැවතුම්ය. කායමොනෙය්යං යනු කායද්වාරයෙහි මුනිභාවයයි. යහපත්බවයි. පණිඩිතබවයි. සෙසුදෙකෙහිද මේ ක්රමයමයි. ඉදං වුච්චති භික්ඛවෙ කායමොනෙය්යං යනු මේ ත්රිවිධ කාය දුශ්චරිත ප්රහානය කායමොනෙය්ය නමි. තවද ත්රිවිධ කාය සුචරිතයද කායමොනෙය්ය නමි. එසේ කය අරමුණු කොට ඇති ඤාණය කායමොනෙය්යයි. කයපිළිබඳ විශේෂ දැනුම කායමොනෙය්යයි. විශේෂ දැනීම් සහගත මාර්ගය කායමොනෙය්යයි. කයෙහි ඡන්දරාගයාගේ දුරලීම කායමොනෙය්යයි. කාය සංස්කාර නිරොධයි. වචීමොනෙය්ය යන්නෙහිද මෙම ක්රමයමයි.
මෙය එහි විශේෂයයි - යම්සේ මෙහි චුතර්ථධ්යාන සමාපත්තියවේද, එසේ එහිද සංස්කාර නිරොධයවූ ද්විතියධ්යාන සමාපත්තිය වචීමොනෙය්යංයි දතයුතුයි. මනොමොන්යෙය යන්නෙහිද මේ ක්රමයෙන් අර්ථය දැන චිත්තසංස්කාර නිරොධයවූ සංඥාවෙදයිත නිරොධ සමාපත්තිය මනොමොනෙය්යංසි දතයුතුය. කායමුනිං යනු කාය ද්වාරයෙහි මුනිය, උතුම්ය, පිරිසුදුය, කයෙන් හෝ මුනිය. සෙසු දෙකෙහිද එම ක්රමයමයි. සබ්බප්පහායිනං යනු ක්ෂීණාශ්රවයායි. ක්ෂීණාශ්රවයා කෙරෙහි සබ්බප්පහායී නම යෙදෙයි.
දෙවෙනි වූ ආපායික වර්ගයයි.
3. භරණ්ඩු වර්ගය
3. 3. 3. 1
තෙවෙනි වර්ගයෙහි පළමුසුත්රයෙහි කුසිනාරායං යනු එබඳු නම් ඇති නුවරෙහිය. බලිහරණෙ වනසණේඩ යනු එබඳු නම් ඇති වනරොදෙහිය. එහි වනාහි භූතයින්ට බලි පැවැත්වීම සඳහා බලිපූජා ගෙනෙත්. එහෙයින් බලිහරණයි කියනුලැබේ. ආකඞ්ඛමානො යනු කැමතිවන්නේයි. සහත්ථා යනු සියතිනි. සම්පවාරෙති යනු ඇත ඇතයි වචනයෙන් මෙන්ම හස්තවිකාරයෙන්ද ප්රතික්ෂෙප කරවයි. සාධු වත මයං යනු සාධු වත මං අයං පදයන්ගේ එකතුවයි. මැනවි මා මේ යන අරුත්ය. ගථිතො යනු තෘෂ්ණා ඇලීමෙන් බැඳුණුයි. මුච්ඡිතො යනු තෘෂ්ණා මූර්ජාවෙන් මූර්ජාවට පත්වූයි. අජෙක්ධාපනේනා යනු තෘෂ්ණාවෙන් ගිලී නිමා කොට පැවතියාවූයි. අනිස්සරණපඤේඤ යනු ඡන්දරාගය ඉවත් ඇද දමා පරිභොග කරන්නේ නිස්සරණපඤෙඤා නම් වෙයි. මෙතෙම ඡන්දරාගය සහිතවුවකු මෙන් පරිභෝග නොකෙරේයයි අනිස්සරණපඤේඤා නම් වෙයි. යහපත් අංශය කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. මෙහි නෙක්ඛ්ම්ම විතර්කාදිය මිශ්රකවම කියනලදැයි දතයුතුය.
3. 3. 3. 2
දෙවැන්නෙහි පජහිංසු යනු අත්හරිත්. බහුලමකංසු යනු නැවත නැවතත් කරයි. මෙහිද විතර්ක තුන මිශ්රකවම කියනලදී.
3. 3. 3. 3
තෙවැන්නෙහි, ගොතොමකෙ චෙතියෙ යනු ගොතමක යක්ෂයාගේ භවනෙහිය. තථාගතයන්වහන්සේ පඨමබොධියෙහි විසිවස කිසිදිනෙක චාපාල චෛත්යයෙහිද කිසිදිනෙක සාරන්දදයෙහිද කිසිදිනෙක බහුපුත්තයෙහිද කිසිදෙනෙක සත්තම්බයෙහිදැයි බොහෝ සෙයින් දෙවකුලයන්හි විසූසේක. මෙකල්හි විශාලාව ඇසුරුකොට ගොතමක යක්ෂයා වසන තැන වාසය කළසේක. එහෙයින් ගොතමක චෛත්යයෙහියි කියනලදී. එතදවොච යනු මෙසේ අභිඤ්ඤාය අහං යනු ආදිකොට ඇති සූත්රාන්තය දෙසූසේක.
භාග්යවතුන්වහන්සේ විසින් මෙම සූත්රය අර්ථොත්පත්තියෙහි පවසනලදැයි දතයුතුය. කවර අර්ථොත්පත්තියකද යත්? මුලපරියාය අර්ථොත්පත්තියෙහිය. බොහෝ බමුණු පැවිද්දෝ තමන් උගත් බුද්ධවචනය නිමා දැනීම් (දන්නේය යන) මදය උපදවා සම්මා සම්බුදුන්වහන්සේ දෙසනසේක් අප දන්නා දෙයම පවසන සේක. නොදත් දෙයක් නොවේයයි ධර්මශ්රවණ ශාලාවට නොයත්. භික්ෂූහු දෙසුමෙන් ආගිය තැන් නොදුටුහ. නොදක්නාහු සම්මා සම්බුදුන්වහන්සේ මගේ කථාවෙන් බැහැරවන සේකැයි මුවට පැමිණියක් පවසන්සේකැයි සිතුවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිතදැන මේ සූත්රාන්තය ඇරඹූසේක.
එහි අභිඤ්ඥාය යනු මේ ස්කන්ධපස, දොළොස් ආයතන, අටළොස්ධාතු, දෙවිසි ඉන්ද්රිය, සිවුසස්, හේතු නවය, ස්පර්ශපස, වෙදනාසත, චෙතනා සත, සංඥාසත, සිත්සතැයි දැන, මානව දැන, ප්රත්යක්ෂ කොට එසේ මේ සතර සතිපට්ඨානයයි ආදී ක්රමයෙන් ඒ ඒ ධර්මයන් දැන මනාව දැන ප්රත්යක්ෂ කොට යන අර්ථයි. සනිදානං යනු ප්රත්යය සහිත කොටම කියමි. ප්රත්යයරහිතකොට නොවේ. සප්පාටිහාරියං යනු විරොධතා ඉවතලීමෙන් ප්රාතිහාර්ය සහිතවූවක්ම කොට කියමි. ප්රාතිහාර්ය රහිතවූවක් කොට නොවේ. අලංව පන වො යනු නුඹලාට යුතුදෙයයි. තුට්ඨියා යනු සම්මා සම්බුදුන්වහන්සේ භාග්යවත්වූසේක. ධර්මය මනාව කියනලද්දේය. සංඝයා මනාව පිළිපන්නේයයි තෙරුවන ගුණවශයෙන් සිහිකරන්නාවූ නුඹලාට සතුටුවීම සුදුසුය. යන අර්ථයි. සෙසුපද දෙකෙහිද එම ක්රමයමයි.