3. 3. 2. 4
සිවුවැන්නෙහි, තදස්සාදෙති යනු ඒ ධ්යානය ආස්වාද කරයි. තං නිකාමෙති යනු එයම පතයි. තෙන ච විත්තං ආපජ්ජති යනු ඒ ධ්යානයෙන් සතුටට පැමිණෙයි. තත්රට්ඨිතො යනු එම ධ්යානයෙහි සිටියේයි. තදධිමුතේතා යනු එහිම ඇලුනේයි. තබ්බහුලවිහාරී යනු එයින් බහුලව වසන්නේයි. සභව්යතං උප්පජ්ජති යනු සමානභාවයෙහි උපදියි. ඒ දෙව්ලොව උපදියි යන අර්ථයි. නිරයම්පි ගච්චති යනාදිය නිරයාදියෙන් නොමිඳුණු හෙයින් වෙනත් පරියායයක් වශයෙන් එහි (නිරයට) යාම සඳහා කියනලදී. යම්හෙයකින් අනතුරුව අපායෙහි උපදින්නේ නම් ඔහුට උපචාරධ්යානයට වඩා බලවත් අකුශලයක් නැත. භගවතො පන සාවකො යනු සෝවාන් සකෘදාගමී අනාගාමී යනු මොවුන් අතුරෙන් කෙනෙකි. තස්මිංයෙව භවෙ යනු ඒ අරූපභවයෙහිමය. පරිනිබ්බායති යනු අප්රත්යය පරිනිර්වාණයෙන් පිරිනිවන්පායි. අධිප්පායසො යනු අධික ප්රයෝගයයි. මෙහි සෙස්ස කියනලද ක්රමයෙනම් දතයුතුය. මේ සූත්රයෙහි පෘතග්ජනයාගේ උත්පත්ති ධ්යානය කියනලදී. ආර්යශ්රාවකයාගේ එම උත්පත්තිධ්යානයද විදර්ශනාපාදක ධ්යානයද කියනලදී.
3. 3. 2. 5
පස්වැන්නෙහි සීලවිපත්ති යනු ශීලය විපතටපත් (බිඳුණු) ආකාරයයි. සෙසු පද දෙකෙහිද එම ක්රමයමය. නත්ථි දිනනං යනු දෙනලද දෙයෙහි පලයක් නොමැති බව සඳහා කියයි. මහායාගය යිට්ඨං යි කියලුලැබේ. හුතං යන්නෙන් තුටුපඬුර අදහස්කරනලදී. ඒ දෙකද පලනැතිබවම නිසා ප්රතික්ෂෙප කරයි. සුකටදුක්කටානං යනු සුකාතදුෂ්කෘතයන්ගේයි. කුශලාකුශලයන්ගේ යනාර්ථයි. ඵලංවිපාකො යනු යමක් ඵලයයි හෝ විපාකයයි හෝ කියනුලැබේද එය නැතැයි කියයි. නත්ථි අවං ලොකො යනු පරලොව සිටියහුට මෙලොව නැත. නත්ථි පරො ලොකො යනු මෙලොව සිටියහුටද පරලොව නැත. සියල්ල ඒ ඒ තන්හිම විනාශවේයයි දක්වයි. නත්ථි මාතා නත්ථි පිතා යනු ඔවුන් කෙරෙහි (පවත්වන) මනාපිළිවෙත් හා නොමනා පිළිවෙත්වල පලයක් නැතිවීම වශයෙන් කියයි. නතථි සත්තා ඔපපාතිකා යනු චුතවී උපදින සත්වයෝ නැතැයි කියයි. සම්පදා යනු සපිරීමයි. සීලසම්පදා යනු සීලයේ පිරිපුන් අවිකලබවයි. සෙසුපද දෙකෙහිද මේ ක්රමයමයි. අත්ථිදින්නං යනාදිය කියනලද්දට විරුද්ධ ක්රමයෙන් දතයුතුය.
3. 3. 2. 6
සයවැන්නෙහි, අපණ්ණකො මණි යනු පැති සයකින් යුත් දාදු කැටයයි. සුගතිං සග්ගං යනු චාතුම්මහාරාජිකාදීන් අතුරෙන් එක්තරා දෙව්ලොවකි. මේ සූත්රයෙහි සීලයද සම්යක්දෘෂ්ටියද යන දෙකම මිශ්රකව කියනලදී. සත්වැන්න පැහැදිලිමය.
3. 3. 2. 8
අටවැන්නෙහි සොචෙය්යානි යනු පිරිසුදුබවයි. කායසොචෙය්යං යනු කායද්වාරයෙහි පිරිසුදු බවයි. සෙසු පද දෙකෙහිද මේ ක්රමයමයි. පිළිවෙළින් මෙම සූත්ර සතරෙහි ආගාරික ප්රතිපදාව කියනලදී. සෝවානි සකෘදාගාමීන්ටද වටීයි.
3. 3. 2. 9
නවවැන්නෙහි අජක්ධත්තං යනු තමන්ගේ අධ්යාත්මයයි. කාමච්ඡන්දං යන කාමච්ඡන්ද නීවරණයයි. ව්යාපාද ආදියෙහිද මෙම ක්රමයමයි. මෙහි සෙස්ස යට කියනලද ක්රමයෙන්මය. ගාථාවෙහි වනාහි කායසුචිං යනු කායද්වාරයෙහි පිරිසුදුබවයි. කයින් හෝ පිරිසුදුබවයි. සෙසු දෙකෙහිද මේ ක්රමයමයි. නින්හාතපාපකං යනු සියලු පව් නහා සෝදා සිටියේයි. මෙසේ සූත්රයෙන්ද ගාථාවෙන්ද ක්ෂීණාශ්රවයාම කියනලදී.
3. 3. 2. 10
දසවැන්නෙහි මොනෙය්යානි යනු මුනීන්ගේ පැවතුම්ය. කායමොනෙය්යං යනු කායද්වාරයෙහි මුනිභාවයයි. යහපත්බවයි. පණිඩිතබවයි. සෙසුදෙකෙහිද මේ ක්රමයමයි. ඉදං වුච්චති භික්ඛවෙ කායමොනෙය්යං යනු මේ ත්රිවිධ කාය දුශ්චරිත ප්රහානය කායමොනෙය්ය නමි. තවද ත්රිවිධ කාය සුචරිතයද කායමොනෙය්ය නමි. එසේ කය අරමුණු කොට ඇති ඤාණය කායමොනෙය්යයි. කයපිළිබඳ විශේෂ දැනුම කායමොනෙය්යයි. විශේෂ දැනීම් සහගත මාර්ගය කායමොනෙය්යයි. කයෙහි ඡන්දරාගයාගේ දුරලීම කායමොනෙය්යයි. කාය සංස්කාර නිරොධයි. වචීමොනෙය්ය යන්නෙහිද මෙම ක්රමයමයි.
මෙය එහි විශේෂයයි - යම්සේ මෙහි චුතර්ථධ්යාන සමාපත්තියවේද, එසේ එහිද සංස්කාර නිරොධයවූ ද්විතියධ්යාන සමාපත්තිය වචීමොනෙය්යංයි දතයුතුයි. මනොමොන්යෙය යන්නෙහිද මේ ක්රමයෙන් අර්ථය දැන චිත්තසංස්කාර නිරොධයවූ සංඥාවෙදයිත නිරොධ සමාපත්තිය මනොමොනෙය්යංසි දතයුතුය. කායමුනිං යනු කාය ද්වාරයෙහි මුනිය, උතුම්ය, පිරිසුදුය, කයෙන් හෝ මුනිය. සෙසු දෙකෙහිද එම ක්රමයමයි. සබ්බප්පහායිනං යනු ක්ෂීණාශ්රවයායි. ක්ෂීණාශ්රවයා කෙරෙහි සබ්බප්පහායී නම යෙදෙයි.
දෙවෙනි වූ ආපායික වර්ගයයි.
3. භරණ්ඩු වර්ගය
3. 3. 3. 1
තෙවෙනි වර්ගයෙහි පළමුසුත්රයෙහි කුසිනාරායං යනු එබඳු නම් ඇති නුවරෙහිය. බලිහරණෙ වනසණේඩ යනු එබඳු නම් ඇති වනරොදෙහිය. එහි වනාහි භූතයින්ට බලි පැවැත්වීම සඳහා බලිපූජා ගෙනෙත්. එහෙයින් බලිහරණයි කියනුලැබේ. ආකඞ්ඛමානො යනු කැමතිවන්නේයි. සහත්ථා යනු සියතිනි. සම්පවාරෙති යනු ඇත ඇතයි වචනයෙන් මෙන්ම හස්තවිකාරයෙන්ද ප්රතික්ෂෙප කරවයි. සාධු වත මයං යනු සාධු වත මං අයං පදයන්ගේ එකතුවයි. මැනවි මා මේ යන අරුත්ය. ගථිතො යනු තෘෂ්ණා ඇලීමෙන් බැඳුණුයි. මුච්ඡිතො යනු තෘෂ්ණා මූර්ජාවෙන් මූර්ජාවට පත්වූයි. අජෙක්ධාපනේනා යනු තෘෂ්ණාවෙන් ගිලී නිමා කොට පැවතියාවූයි. අනිස්සරණපඤේඤ යනු ඡන්දරාගය ඉවත් ඇද දමා පරිභොග කරන්නේ නිස්සරණපඤෙඤා නම් වෙයි. මෙතෙම ඡන්දරාගය සහිතවුවකු මෙන් පරිභෝග නොකෙරේයයි අනිස්සරණපඤේඤා නම් වෙයි. යහපත් අංශය කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. මෙහි නෙක්ඛ්ම්ම විතර්කාදිය මිශ්රකවම කියනලදැයි දතයුතුය.