3.3.1.2
දෙවෙනි සූත්‍රයෙහි අස්සාදපරියෙසනං අචරිං යනු ආසවාදය සෙවීම සඳහා හැසුරුණෙමි. කවරකාලයක් සිටද යත්? සුමෙධ කාලයෙහි සිටය. පඤ්ඤාය යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. සුද්දිටේඨා යනු මනාව අවබෝධ කරනලද්දේයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ථය දතයුතුය. තෙවැන්නෙහි සියල්ල පැහැදිලිමය.
3.3.1.4
සිවුවැන්නෙහි සාමාඤ්ඤත්ථං යනු චතුර්විධ ආර්යඵලයයි. සෙස්ස ඊටම පර්යාය වචනයි. ශ්රමණත්ව යන අර්ථයෙන් සතර මග හෝ බ්‍රහ්මණ්‍ය යන අර්ථයෙන් සතරපලය හෝ වේ. මේ සූත්‍ර සතරෙහිම ස්කන්‍ධලෝකය කියනලදී.
3.3.1.5
පස්වෙනි සූත්‍රය අර්ථොත්පත්තියක ඉදිරිපත් කරනලදී. කවර අර්ථොත්පත්තියකදයත්? ඡබ්බග්ගිය භික්ෂූන්ගේ නොමනා හැසිරීමෙහිය. ඔවුහු ගයමින් නටමින් සිනහසෙමින් හැසිරුණාහුය. භික්ෂූහු (එය) තථාගතයන්වහන්සේට දැන්වූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් කැඳවා ඔවුන්ට අවවාද සඳහා මේ සූත්‍රය ඇරඹුසේක. එහි රුණ්ණං යනු හැඬීමයි. උම්මත්තකං යනු උමතුවූවන්ගේ ක්‍රියාවයි. කොමාරකං යනු ළාබාලයන් විසින් කළයුතු ක්‍රියාවකි. දන්තවිදංසකං හසිතං යනු දත් දක්වා අත් පොළන්නවුන්ගේ මහ හඬින් යුත් සිනහවයි. සෙතුඝාතො ගීතෙ යනු තොපගේ ගීතයෙහි ප්‍රත්‍යය විනාශය වේවා? හේතුසහිත ගීතය දුරුකරවූයයි දැක්වෙයි. නාත්යයෙහිද මේ ක්‍රමයමයි. අලං යනු යුතුදෙයයි. පමොදිතානං සතං යන මෙහි හේතුව ධර්මයයි කියනුලැබේ. කිසියම් කරුණකින් ප්‍රමුදිතවූ සත්වයන්ගේයි. සිතං සිතමත්තාය යනු ඒ සිනහවට කරුණක් ඇති විට යම් සිනහවක් කරවූද එය තොපගේ සිනහව පමණට ඉදිරිදත් පෙන්වා සතුටුවූ ආකාරයක් දැක්වීම පමණක්ම සුදුසුයයි කියනලද්දේ වෙයි.
3.3.1.6
සයවැන්නෙහි සොප්පස්ස යනු නිදීමටය. පටිසෙවනාය නත්ථිතිත්ති යනු යම් යම්සේ ඇසුරු කෙරෙයිද ඒ ඒ අයුරින් කැමති වේමයයි තෘප්තියක් නම්නැත. සෙසු (පද) දෙකෙහිද එම ක්‍රමයමයි. ඉදින් මහසමුදුරෙහි ජලය සුරාව වන්නේ නම් සුරාසොඬාද මත්ස්යයෙක්වී උපදින්නේ නම් එහි හැසිරෙන්නාවූද නිදන්නාවූද ඔහුගේ තෘප්තියක් නම් නොවන්නේය. මේ සූත්‍රයෙහි සසරම කියනලදී.
3.3.1.7
සත්වැන්නෙහි අවස්සුතං හොති යනු තෙත්වූයේ වෙයි. න භද්දකං මරණං හොති යනු අපායෙහි ප්රතිසන්ධි ප්‍රත්‍යය හේතුකොටගෙන ලබන ලද්දක් නොවෙයි. කාලකිරියාය යනු ඊටම පර්යාය වචනයකි. පුණ්යපක්ෂයෙහි ස්වර්ගයෙහි ප්රතිසන්ධිප්රත්යය හේතුකොටගෙන ලබනලද දෙය සොඳුරුවූවක් වෙයි. එය වනාහි ඒකාන්තයෙන්ම සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් තිදෙනාටම වටියි. මෙහි සෙස්ස පැහැදිලිය.
3.3.1.8
අටවැන්නෙහි ව්යාපන්නං යනු ප්‍රකෘතිභාවය අත්හැර සිටියේයි. සෙස්ස මුල් සූත්‍රයෙහි කියනලද ක්‍රමය ඇත්තේමය.
3.3.1.9
නවවැන්නෙහි නිදානානි යනු කරුණුය. කම්මානං සමුදයාය යනු සංසාරගාමී කර්මයන් පිඬුකිරීම (රැස්කිරීම) සඳහාය. ලොහපකතං යනු ලෝභයෙන් කරනලදයි. සාවජ්ජං යනු සදොස්ය. තං කම්මං කම්මසමුදයාය සංවත්තති යනු ඒ කර්මය වෙනත් සංසාරගාමී කර්මයන් රැස්කිරීම සඳහා පවතියි. නතං කම්මං කම්මනිරොධාය යනු ඒ කර්මය සංසාරගාමී කර්මයන් නැතිකිරීම සඳහා නොපවතියි. යහපත් අංශයෙහි කම්මානං සමුදයාය යනු විවර්තගාමී කර්මයන් හටගැනීම සඳහාය. මේ ක්‍රමයෙන් සියල්ල අර්ථ වශයෙන් දතයුතුය.
3.3.1.10
දසවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්මයන්ගේමය. ඡන්දරාගට්ඨානීයෙ යනු ඡන්දරාගයට කරුණුවූයි. ආරබ්භ යනු අවුත්, සඳහා, නිසායි. ඡන්දො යනු තෘෂ්ණා ඡන්දයයි. යො චෙතසො සාරාගො යනු සිතේ යම් රාගයක් රැදීමක්, රැඳුණුබවක් වේද යනුයි. එතමහං සංයොජනං වදාමි යනු බන්ධනයකිසි කියමියි අර්ථයයි. හොඳ පැත්තෙහි, කම්මානං යනු විවර්තගාමී කර්මයන්ගේයි. තදහිනිවටේටති යනු එය ආපසු හැරෙයි. යම්දිනක හෝ ඔහු විසින් විපාකය දන්නාලද්දේ වෙයිද විඳිනාලද්දේ වේද එවිට ඒ ධර්මයන් මෙන්ම ඒ විපාකයද ආපසු හරවයි. මේ පදයෙන්ද විදර්ශනාව කියනලදී. තදහිනිවටේටත්වා යන මෙයින් මාර්ගය (කියනලදී.) චෙතසො අභිවිරාජෙත්වො යන මෙයින්ද මාර්ගයම කියනලදී. පඤ්ඤාය අතිවිජක්ධ පස්සති යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි. මෙසේ සියලුතන්හි අර්ථය දතයුතුය. මේ සූත්‍රයෙහි වර්තවිවර්ත දෙක කියනලදී.
පළමුවෙනිවූ සම්බොධිවර්ගයයි.
2. ආපායික වර්ගය
3. 2. 2. 1
දෙවෙනිවර්ගයෙහි පළමුසූත්‍රයෙහි අපායට යන්නෝනුයි ආපායිකා නමි. නිරයට යන්නෝනුයි නෙරයිකා නමි. ඉදම්ප්පහාය යනු මේ බ්රහ්මචාරිපටිඤ්ඤතා ආදී පාපධර්ම තුන අත්නොහැරයි. බ්රහ්මචාරිපටිඤේඤා යනු බ්‍රහ්මචාරි ප්රතිරූපකයායි (බ්රහ්මචාරියෙකු මෙන් පෙනී සිටින්නායි). ඔවුන්ගේ ආකල්පය අත්නොහැරීමෙන් හෝ මමද බ්රහ්මචාරියෙක්මියි මෙසේ ප්‍රතිඥා දෙන්නේයි. අනුද්ධංසෙති යනු ආක්‍රොශ කරයි. පරිභව කරයි. චෝදනා කරයි. නත්ථි කාමෙසු දොසො යනු කේලශ කාමයෙන් වස්තුකාමයෙහි හැසිරෙන්නාට දොසක් නැත. පාතව්යතං යනු පානය කළයුතුබවට, පරිභෝග කළයුතුබවටයි. සැක නැති සිතින් පිපාසිතයාට දියබීම සමානවූ, පරිභොග කළයුතුබවටයි. මෙම සූත්‍රයෙහි වට්ටය (සසර)ම කියනලදී.