3. 2. 5. 5
පස්වැන්නෙහි අඩේගහි යනු ගුණාංගයන්ගෙනි. රාජරහො යනු රජුට යෝග්‍යවූ ගැලපෙන්නාවූයි. රාජභොගේගා යනු රජුගේ උපභොගයක්වූයි. රඤේඤා අඞ්ගං යනු රජුගේ අත්පාආදී අංග සමතාවෙන් අඞ්ගයි ප්‍රසිද්ධියට යයි. වණ්ණසම්පනේනා යනු ශරීරවර්ණයෙන් යුක්තවූයේය. ආහුනෙය්යො යනු ආහුති සංඛ්‍යාත පිණ්ඩපාතය පිළිගැනීමට සුදුස්සෙයි. පාහුනෙය්යා යනු ආගන්තුක බතට සුදුසුවූයේයි. දක්ඛිණෙය්යො යනු දශවිධදානවස්තු පරිතයාගවශයෙන් සැදැහුයෙන් දීම් සංඛ්‍යාත දක්ෂණාව සුදුසුවූයේයි. අඤ්ජලිකරණීයො යනු ඇඳිලි බැඳීමට සුදුසුවූයේයි. අනුත්තරං පුඤ්ඤකෙඛත්තං ලොකස්ස යනු සියලු ලෝකයාට අසමානවූ පින්වැඩෙන තැනයි.
වණ්ණසම්පනේනා යනු ගුණපැහැයෙන් යුක්තවූයි. බලසම්පන්නො යනු වීර්යබලයෙන් යුක්තවූයි. ජවසම්පන්නෝ යනු ඥානජවයෙන් යුක්තවූයි. ථාමවා යනු ඥානවීර්යයෙන් යුක්තවුයි. දළභපරක්කමො යනු ස්ථිරපරාක්රමය ඇත්තේයි. අනික්ඛිත්තධුරො යනු ඉවත් නොකළ වගකීම් ඇත්තේ, දැඩිව ගත් වගකීම් ඇත්තේයි. අග්රඵලයවූ රහත්බවට නොපැමිණ වීර්යධුරය බහානොතබමැයි මෙසේ පිළිපන්නේයි. මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍යසත්‍ය වශයෙන් සොතාපත්ති මාර්ගයද සෝවාන් මාර්ගයෙන් ඥානජවයෙන් යුක්තබවද කියනලදී.
සයවැන්නෙහි මාර්ගතුනද මාර්ගතුනෙන් ඤාණජවසම්පන්න බවද කියනලදී.
සත්වැන්නෙහි අරහත්ඵලයද අරහත් ඵලයෙන් මාර්ගකෘත්යයද කියනලදී. ඵලය වනාහි දිවූ වේගයෙන් උපදින බැවින් ජවයයි කීමට ද නොවටියි.
3. 2. 5. 8
අටවැන්නෙහි නවො යනු හේතුව ඇසුරු කොට කියයි. පොත්ථෙකො යනු කෙඳිවලින් තැනූ වස්ත්රයයි. මජ්ක්ධිමො යනු පරිභොගයෙන් මධ්යමවූයේයි. ජිණ්ණො යනු පරිභොගයෙන් දිරාගියේයි. උක්ඛලිපරිමජ්ජනං යනු සැළිය පිසදැමීමයි. දුස්සීලො යනු සිල් නැත්තේයි. දුබ්බ්ණ්ණතාය යනු ගුණවර්ණය නොමැති බැවින්වූ දුර්වර්ණතාවෙනි. දිට්ඨානුගතිං ආපජ්ජන්ති යනු ඔහුවිසින් කරනලද දෙය අනුකරණය කරයි. න මහප්ඵලං හොති යනු විපාකඵලයෙන් මහත්පල නොවෙයි. න මභානිසංසං යනු විපාකානිසංසයෙන්ම මහානිසංස නොවෙයි. අප්පග්ඝතාය යනු විපාක අගයෙන් අඩුඅගය ඇති බැවින්ය. කාසිකං වත්ථං යනු කපු අංශුන්ගෙන් නූල් කැට කරන ලද වස්ත්රයයි. එයද කාශි රටෙහිම හටගත්තේයි. සෙස්ස පැහැදිලිමය. මෙහි ශීලය මිශ්‍රකව කියනලදී.
3. 2. 5. 9
නවවැන්නෙහි, යථා යථායං යනු මෙය යම්යම් සෝද තථා තථා නං යනු ඒ කර්මය ඒ ඒ ආකාරය. මෙය කියනලද්දේ වෙයි: ‘යම් යම්සේ කර්මයක් කරයිද ඒ ඒ අයුරින් එහි විපාකය විඳින්නේමයයි යමෙක් කියන්නේද ඒ කර්මයාගේ විපාකය නොවිඳ සිටීමට නොහැක්කේය. එබැවින් යම්පමණ කර්මයක් කරයිද එපමණ විපාකයක් විඳිනුලැබේමයි. එවං සනතං යනු මෙසේ ඇති කල්හියි. බ්රහ්මචරියවාසො න හොති යනු මාර්ගයවැඩීමට පෙර යම් උපපජ්ජවෙදිනීය කර්මයක් කරනලද්දේද එය අවශ්‍යයෙන් විඳියයුතු බැවින් බඹසර වසනලද්දේ වුවඳ නොවසනලද්දේම වෙයි. ඔකාසො යන පඤ්ඤායති සම්මාදුක්ඛස්ස අන්තකිරියාය යනු යම් හෙයකින් මෙසේ ඇති කල්හි කර්මරැස්කිරීමද විපාක අවිඳීමද වෙයි. ඒ හේතුවෙන් සසරදුක කෙළවර කිරීමට ඉඩක් නොපැනෙයි නමි.
යථා යථා වෙදනියං යනු යම් යම් අයුරින් විඳියයුතුය. තථා තථාස්ස විපාකං පටිසංවෙදියති යනු ඒ ඒ අයුරින් එයි විපාකය විඳියි. මෙය කියනලද්දේ වෙයි: ජවනසත අතුරින් යම් මේ පළමු ජවන කර්මයක් වේද ප්‍රත්‍යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ටධම්මවෙදනීය වෙයි. ප්‍රත්‍යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ඨධම්මවෙදනීය වෙයි. ප්‍රත්‍යය නොමැති කල්හි අහොසි කර්මය නමි. යම් සත්වැනි ජවන කර්මයක් වේද ප්‍රත්‍යය ඇති කල්හි උපපජ්ජවෙදනීය වෙයි. ප්‍රත්‍යය නොමැති කල්හි අහෝසි කර්මය නමි. මැද යම් ජවන කර්ම පසක් එය යම්තාක් සසර පැවැත්ම ඇත්නම් එතෙක් අපරාපරියවෙදනීය නම් වෙයි. මේ ආකාරයන් අතුරෙන් යම් යම් ආකාරයෙන් විඳියයුතු කර්මය මේ පුද්ගලයා කරයිද ඒ ඒ ආකාරයෙන්ම ඊට විපාකය විඳියිනමි. අර්ථකථාවෙහි වනාහි ලබනලද විපාකවාරය ඇති කර්මයට යථාවෙදනීය කර්මය නමැයි කියනලදී. එවං සන්තං භික්ඛවෙ බ්රහ්මචරියවාසො හොති යනු කර්මක්ෂය කරන්නාවූ බ්‍රහ්මචර්යයට ක්ෂය කළයුතු කර්ම සම්භවය හේතු කොටගෙන වාසය නම් වේයයි කියනලදී. (එසේ) වසනද බඹසර මනාව වසනලද්දේ වෙයි යන අර්ථයි. ඔකාසො පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය යනු යම්හෙයකින් මෙසේ ඇති කල්හි ඒ ඒ මාර්ගයෙන් අහිසංස්කාර විඥානයාගේ නිරොධයෙන් ඒ ඒ භවයන්හි අනාගතයෙහි සසර දුක නොඋපදනේද එහෙයින් මනාව දුක අවසන් කිරීමට අවකාශය පැනෙයි,