3. 2. 5. 3
තුන්වැන්නෙහි විදේධ යනු වළා ඉවත්වීමෙන් දුරුවූයි. දෙවෙ යනු අහසෙහිය. අභිවිහච්ච යනු නසා (විනාශ කොට) යි. යතො යනු යම් කලෙකයි. විරජං යනු රාගාදිය රහිතයි. ඒ කිලිටි දුරුවූ බැවින් විතමලං නමි. ධම්මචක්‍ඛුං යනු චතුරාර්ය සත්‍ය ධර්මයන් විමර්‍ශනය කරන්නාවූ සොතාපත්තිමාර්ග චක්‍ෂුසයි. නත්‍ථි තං සංයොජනං යනු මොහොටු දෙයාකාරවූ සංයෝජනයම නැත. සෙස්සද නැවත මොලොවට ගෙන ඒමට අසමත් බැවින් නැතැයි කියනලදී. මේ සූත්‍රයෙහි ධ්‍යාන (වැඩූ) අනාගාමී පුද්ගලයා කියනලදී.
3. 2. 5. 4
සිවුවැන්නෙහි නා බාහුලිකා හොන්ති යනු ප්‍රත්‍යය බහුලකොට ඇත්තෝ නොවෙත්. න සාථලිකා යනු ත්‍රිශක්‍ෂා ලිහිල්කොට නොගනිති. ඔක්කමනෙ නික්‍ඛිත්තධුරා යනු නොමග යන අරුතින් පංචනීවරණ ඔත්කමනයි කියනුලැබේ. ඒ නීවරණයන්හි බහාතැබූ වගකීම් ඇත්තෝයි. පවිවෙකෙ පුබ්බඞ්ගමා යනු කායචිත්ත උපාධි සංඛ්‍යාත ත්‍රිවිධ විවෙකයෙහිම පෙරටුවූවෝයි. විරියං ආරභන්ති යනු දෙයාකාර වීර්යයම දැඩිව ගනිත්. අප්පත්තස්ස යනු ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵල සංඛ්‍යාතවූ විශේෂයකට නොපැමිණියහුගේයි. සෙසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනේතවාසිකාදීහුයි. දිට්ඨානුගතිං ආපජ්ජති යනු ආචාර්ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරයි. ඒ ජනතාව විසින් ආචාර්ය උපාධ්‍යයයන් කෙරෙහි යමක් දක්නාලද්දේද එය අනුගමනයට පැමිණෙයි. අයං වුච්චති භික්‍ඛවෙ අග්ගවතී පරිසා යනු මහණෙනි, මේ පිරිස අග්ගපුග්ගලවතීයයි කියනුලැබෙයි.
භණ්ඩනජාතා යනු හටගත් ආරාවුල් ඇත්තෝයි. කලහජාතා යනු හටගත් කෝලාහල ඇත්තෝයි. මෙහි භණ්ඩන යනු කෝලාහලයේ පූර්වභාගය (මුල් අදියර) යි. අත්අල්ලා ගැනීම් වශයෙන් මැඩීම කලහනම්. විවාදාපන්නා යනු විරුද්ධවාදයට පැමිණියෝයි. මුඛසත්තීහි යනු ගුණ දැදුරුකිරීම් අරුතින් පරුෂවචනය මුඛසත්තියයි කියනුලැබේ. ඒ මුඛසත්තිවලිනි. චිතුදන්තා විහරන්ති යනු විදිමින් (දැදුරුකරමින්) හැසිරෙත්.
සමග්ගා යනු එක්වූවෝ (සමගිවූවෝ)යි. සම්මොදමානා යනු සපැමිණි සතුට ඇත්තෝයි. ඛීරොදකීභූතා යනු කිරි හා දිය මෙන් වූවෝයි. පියචක්‍ඛූහි යනු සන්හුන් මෙත් ඇසිනි. පීතිජායති යනු පස්වණක් ප්‍රීතිය උපදවයි. කායො පස්සමහති යනු නාමකායද රූපකායද පහවූ විඩාව ඇත්තේ වෙයි. පස්සද්ධකායො යනු සන්හුන් කය ඇත්තේයි. සුඛං වෙදියති යනු කායික චෛතසික සුවය විඳිනුලැබේ. සමාධියති යනු අරමුණෙහි මැනවින් තබනුලැබේ.
ථුල්ලඵුසිතෙකෙ යනු මහාබිංදු ඇත්තාවූයි. පබ්බතකන්‍දරපදරසාබා යන මෙහි කන්‍දරං යනු කංයි ලබනලද නම් ඇති දියෙන් පැළුණු දියෙන්බිඳුණු පර්‍වත ප්‍රදේශයයි. එය නිතමබයයිද නදීනිකුඤඤ්ජයයිද කියනුලැබේ. පදරං යනු අඩමසක වැසි නොවටන කල්හි පැළුණු බිම් පෙදෙසයි. සාබා යනු කුඩා ආවාටයන්ට යන්නාවූ කුඩා ජලමාර්ගයයි. කුසසුබ්භා යනු කුඩා ආවාටයයි. මහාසොබහා යනු මහ ආවාටයි කුනනදියො යනු කුඩා නදීහුයි. මහානදියො යනු ගඞ්ගායමුනා ආදී මහාගංගාවෝයි.
3. 2. 5. 5
පස්වැන්නෙහි අඩේගහි යනු ගුණාංගයන්ගෙනි. රාජරහො යනු රජුට යෝග්‍යවූ ගැලපෙන්නාවූයි. රාජභොගේගා යනු රජුගේ උපභොගයක්වූයි. රඤේඤා අඞ්ගං යනු රජුගේ අත්පාආදී අංග සමතාවෙන් අඞ්ගයි ප්‍රසිද්ධියට යයි. වණ්ණසම්පනේනා යනු ශරීරවර්‍ණයෙන් යුක්තවූයේය. ආහුනෙය්‍යො යනු ආහුති සංඛ්‍යාත පිණ්ඩපාතය පිළිගැනීමට සුදුස්සෙයි. පාහුනෙය්‍යා යනු ආගන්තුක බතට සුදුසුවූයේයි. දක්‍ඛිණෙය්‍යො යනු දශවිධදානවස්තු පරිතයාගවශයෙන් සැදැහුයෙන් දීම් සංඛ්‍යාත දක්‍ෂණාව සුදුසුවූයේයි. අඤ්ජලිකරණීයො යනු ඇඳිලි බැඳීමට සුදුසුවූයේයි. අනුත්තරං පුඤ්ඤකෙඛත්තං ලොකස්ස යනු සියලු ලෝකයාට අසමානවූ පින්වැඩෙන තැනයි.
වණ්ණසම්පනේනා යනු ගුණපැහැයෙන් යුක්තවූයි. බලසම්පන්නො යනු වීර්යබලයෙන් යුක්තවූයි. ජවසම්පන්නෝ යනු ඥානජවයෙන් යුක්තවූයි. ථාමවා යනු ඥානවීර්යයෙන් යුක්තවුයි. දළභපරක්කමො යනු ස්ථිරපරාක්‍රමය ඇත්තේයි. අනික්‍ඛිත්තධුරො යනු ඉවත් නොකළ වගකීම් ඇත්තේ, දැඩිව ගත් වගකීම් ඇත්තේයි. අග්‍රඵලයවූ රහත්බවට නොපැමිණ වීර්යධුරය බහානොතබමැයි මෙසේ පිළිපන්නේයි. මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍යසත්‍ය වශයෙන් සොතාපත්ති මාර්‍ගයද සෝවාන් මාර්‍ගයෙන් ඥානජවයෙන් යුක්තබවද කියනලදී.
සයවැන්නෙහි මාර්‍ගතුනද මාර්‍ගතුනෙන් ඤාණජවසම්පන්න බවද කියනලදී.
සත්වැන්නෙහි අරහත්ඵලයද අරහත් ඵලයෙන් මාර්ගකෘත්‍යයද කියනලදී. ඵලය වනාහි දිවූ වේගයෙන් උපදින බැවින් ජවයයි කීමට ද නොවටියි.