3. 2. 4. 5
පස්වැන්නෙහි උජුම්ග්ගානුසාරිනො යනු ආර්යමාර්ගය සෘජුමාර්ගයයි කියනුලැබේ. එය අනුව හැසිරෙන්නාට, ඊට පිළිපන් තැනැත්තාට යන අර්ථයයි. ඛයස්මිං පඨමං ඤාණං යනු පළමුවම මාර්ගඤාණය උපදියි. මාර්ගය වනාහි කෙලෙසුන් ගෙවාදමන බැවින් ඛය නමි. එය සමඟ පැවති නුවණ ඛයස්මිංඤාණ නමි. තතො අඤ්ඤ අනන්තරා යනු එය සිවුවැනි මාර්ගඥානයෙන් අනතුරුවම රහත්ඵලය උපදියි. අරහත්ඵලය උපදීයයි අර්ත්ථයි. අඤ්ඤා විමුත්තස්ස යනු අරහත්ඵල විමුක්තියෙන් මිදුනහුටයි. ඤාණං චෙ හොති යනු ප්රත්යවෙක්ෂණ ඥානය වෙයි. මෙසේ සූත්රයෙහිද ගාථාවන්හිද ස්පත ශෛක්ෂයෝ කියනලද්දාහුය. අවසානයෙහි ක්ෂීණාශ්රවයන්වහන්සේ දක්වනලදහ.
3. 2. 4. 6
සයවැන්නෙහි අත්තකාමා යනු තමන්ට හිත කැමැත්තෝයි. යත්ථොතං සබ්බං සමොධානං ගච්ඡති යනු යම් ශික්ෂාවන්හි මේ සියලු එකසිය පණහක් ශික්ෂාපාද සංග්රහයට යයිද පරිපූරකාරීහොති යනු සපුරන්නේ වෙයි. මත්තසො කාරී යනු පමණ දැන කරන්නායි. සියල්ලෙන් සියල්ල කිරීමට නොහැකි වෙයි යන අර්ත්ථයි. ඛුද්දානුඛද්දකානි යනු සතර පරිජි හැර සෙසු සිකපදයි. එහිද සඟවෙසෙස කුඩාය, තුලසිය අනුකුඩාය. තුලසියද කුඩාය, පචිතිය අනුකුඩා නමි. පචිතියද කුඩාය, පාටිදෙසනීය දුක්කටදුබ්භාසිත අනුකුඩා නමි. මේ අඞ්ගුත්තර මහානිකාය භාවිත කරන ආචාර්යවරු සතර පරිජිහැර සෙසු සියලු සිකපද කුඩාඅනුකුඩායි පවසති. තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි යනු මෙහි වනාහි ක්ෂිණාශ්රව තෙමේ ලොකවද්යයට නොපැමිණෙයි. ප්රඥප්තිවද්යයටම පැමිණෙයි. පැමිණෙන්නේද කයෙන්ද වචනයෙන්ද සිතෙන්ද පැමිණෙයි. කයින් (වරදට) පැමිණෙන්නේ කුටිකාරසහසෙය්ය ආදී වරදට පැමිණෙයි. වචනයෙන් පැමිණෙන්නේ සඤ්චරිත්ත පදසොධම්ම ආදියටද සිතින් පැමිණෙන්නේ රූපියපටිග්ගහණ ඇවතට පැමිණෙයි, ශෛක්ෂයන් කෙරෙහිද මේ ක්රමයමයි. න භි මෙත්ථ භික්ඛවෙ අභබ්බතා වුත්තා යනු මහණෙනි, මවිසින් මෙහි මෙබඳු ඇවතට පැමිණීමෙහිද ඇවතින් නැඟීසිටීමෙහිද ආර්ය්ය පුද්ගලයාගේ නොහැකිබව නොකියනලදී. ආදිබ්රහ්මචරියකානි යනු මාර්ග බ්රහ්මචර්යයට මුල්වූ මහාසීලශක්ෂාපද සතරයි. බ්රහ්මචරියසාරුප්පානි යනු ඒ සතර මාර්ග බ්රහ්මචර්යයටම ගැලපෙන්නාවූ සුදුසුවුයි. තත්ථ යනු ඒ හික්ෂාපදයන්හිය. ධුවසීලී යනු නිති සිල් ඇත්තේයි. ඨීතසීලි යනු ශීලයෙහි පිහිටියේයි. සොතාපනේනා යනු ශ්රොතස් සංඛ්යාත මාර්ගයෙන් ඵලයට පැමිණියේයි. අවිනිපාතධමේමා යනු සතර අපායන්හි නොවැටෙන ස්වභාවය ඇත්තේයි. නියතො යනු සෝවාන් මගනියමයෙන් නියමිත වූයේයි. සම්බොධිපරායනො යනු මතු මාර්ගතුන පිළිබඳ අවබෝධය පිහිටකොට ඇත්තේයි.
තනුත්තා යනු තුනී (අඩු) බවිනි. සකෘදාගාමිවූවන්ගේ රාගාදිය වළාකුළක් මෙන්ද මැසි පියාපතක්මෙන්ද තුනී වෙයි. බහුලනොවෙයි. ඔරම්භාගියානං යනු යට කොටසට අයත්වූයි. සංයොජනානං යනු බැඳුම්වලයි. පරීක්ඛායා යනු ක්ෂයවීමෙනි. ඔපපාතිකො හොති යනු (ඉබේ) හටගත්තේ වෙයි. තත්ථ පරිනිබ්බායී යනු යටට නොබස මත්තෙහිම පිරිනිවීම ස්වභාව කොට ඇත්තේයි. අනාවතත්ධමේමා යනු යෝනිගතිවශයෙන් නොඑන ස්වභාවය ඇත්තේයි.
පදෙසං පදෙසකාරී යනාදියෙහි පදෙසකාරී පුද්ගලයා නම් සෝවාන්වූයේද සකෘදාගාමීවූයේද අනාගාමීවූයේද වෙයි. හෙතෙම ප්රදේශයක්ම (කොටසක්ම) සම්පාදනය කරයි. පරිපූරකාරී නම් රහතන්වහන්සේයි. උන්වහන්සේ සපිරුණුබවම සපයනසෙක්. අවඤ්ක්ධායනී යනු නොසිස්වූ, සඵලවූ පලදෙන්නාවූයි යන අර්ථයි. මෙහිද ත්රිවිධ ශික්ෂාව මිශ්රකවම කියනලදී.
3. 2. 4. 7
සත්වැන්නෙහි කොලංකොලො යනු කුලයෙන් කුලයට යන තැනැත්තේයි. මෙහි කුල යන්නෙන් භවය අදහස්කරනු ලැබේ. එහෙයින් කුල දෙකක් හෝ තුනක් යන මෙහිද භව දෙකක හෝ තුනකැයි අර්ථය දතයුතුය. මෙතෙම වනාහි භව දෙකක හෝ හැසිරෙයි. තුනක හෝ උඩත් පිරිසෙයින් සයෙක හෝ හැසිරෙයි. මෙසේ මෙහි විකල්පය දතයුතුය. එකබීජි යනු එකම භවයක බීජය මොහුට ඇත්තේනුයි එකබීජි නමි. උද්ධං සොතො යනාදියෙහි උද්ධංසොත අකන්ට්ඨගාමියෙක් ඇත. උද්ධංසොත න අකනිට්ඨගාමියෙක් ඇත. එහි යමෙක් මෙහි අනාගාමිඵලයට පැමිණ අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨාගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහිම පිරිනවන් නොපා අකනිටාවටද නොපැමිණ මතු මත්තෙහිවූ බඹලොවක පිරිනිවන් පායි. මෙතෙමේ උදධංසොත න අකනිට්ඨගාමි නමි. යමෙක් මෙයින් සැව අකනිටාවෙහිම උපදියිද මෙතෙම න උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් වනාහි අවිහාදී සතරින් එකෙක ඉපදී එහිම පිරිනිවන් පායිද මෙතෙම න උද්ධංසොත න අකනිට්ඨාගාමී නම් වෙයි.
යම්කිසි තැනක උපන්නේ මෙහෙයවීම් ඇතිව පෙළඹවීම් ඇති ව රහත්බවට පැමිණියේ සසඞ්ඛාරපරිනිබ්බායි නම් වෙයි. හෙයෙවීම් නැතිව පෙළඹවීම් නැතිව රහත්බවට පැමිණියේ අසඞ්ඛාරපරිනිබ්බායි නම්වෙයි. යමෙක් කප්දහසක් ආයු ඇති අවිහයෙහි ඉපිද පස්වැනි කප් සියය ඉක්මවා රහත් බවට පැමිණියේ වෙයිද මෙතෙම උපභච්චපරිනිබ්බායි නමි අතප්පාදියෙහිද මෙම ක්රමයමැයි. අන්තරාපරිනිබ්බායී යනු යමෙක් ආයුෂයෙහි මැදිබව නොඉක්මවා පිරිනිවන් පායිද හෙතෙම තුන් ආකාර වෙයි. කප් දහසක් ආයු ඇති අවිහයෙහිම ඉපිද කෙනෙක් උපන්දිනයෙහි රහත්බවට පැමිණෙති. මේ දෙවැන්නායි. අනෙකෙක් මෙසේද නොහැක්කෝ කප්සාරසියයක් මත්තෙහි රහත්බවට පැමිණෙති. මේ තෙවැනි අන්තරාපරිනිබ්බායී පුද්ගලයායි. සෙස්ස කියනලද ක්රමය ඇත්තේමය.