3. 2. 2. 9
නවවැන්නෙහි අකුසලමූලානි යනු අකුසලයන්ගේ මූලයෝයි. අකුසලවූයේත් ඒවාමය මූලයන් වූයේත් ඒවාමයයි අකුසලමූලයෝ නමි. යදපි භික්ඛවෙ ලොභො යනු මහණෙනි, යම් ලෝභයක් වේද යනුයි. තදපි අකුසලං යනු එයද අකුසල මූලයකි. අකුසලමූලය සඳහා මෙහි එය වේය යන අර්ථයද ගැලපේමය. මේ ක්‍රමයෙන් සියලු තන්හි පිළිවෙළ දතයුතුයි. අභිසංඛරොති යනු රැස්කරයි. හකුළයි. එක්කරයි. අසතා දුක්ඛං උපදහති යනු නොවූ නොදක්නාලැබෙන දෙයින් ඔහුගේ යම් කිසි දොසක් කියා දුක් උපදවයි. වධෙන වා යනු වධයෙන් හෝ යනාදී යම් ආකාරයකින් දුකක් උපදවයිද එය දැක්වීමට කියනලදී. එහි ජානියා යනු ධනහානියයි. පබ්බාජනාය යනු ගමින් හෝ රටින් හෝ පළවාහැරීමේ කර්මයෙනි. බලවම්හි යනු මම බලවතෙක් වෙමියි. බලිත්ථො ඉතිපි යනු බලයෙන් මට ප්‍රයෝජනයයි මෙසේද බලයෙහි හෝ සිටියේ වෙමියි.
අකාලවාදී යනු කාලයෙහි නොකියයි. අකාලයෙහි කියයි. අභූතවාදී යනු වූ දෙය නොකියයි. අකාලයෙහි කියයි. අභූතවාදී යනු වූ දෙය නොකියයි. නොවූදෙය කියයි. අනත්ථවාදී යනු අර්ථය (ප්‍රයෝජනවත් දෙය) නොකියයි, අනර්ථය කියයිනමි. අධම්මවාදී යනු ධර්මය නොකියයි. අධර්මය කියයි නමි. අවිනයවාදී යනු විනය නොකියයි. අවිනය කියයි නමි.
තථාභයං යනු යම්සේ නම් මෙයයි. න ආතප්පං කරොති තස්ස නිබ්බොධනාය යනු ඒ නොවූදෙය (අසත්‍යය) නිරවුල් කරනු සඳහා වීර්ය නොකරයි. ඉතිපෙතං අතච්ඡං යනු මේ කරුණින්ද මෙය අසත්‍යය. සෙස්ස එහිම පර්යාය වචනයයි.
දුග්ගතිපාටිකඞ්ඛා යනු නිරය ආදී භේද ඇති දුගතිය බලපොරොත්තු වියයුතුය. එය ඔහුට අවශ්‍යයෙන්ම සිදුවන්නකි. ඔහු එහි ඉපදියයුතුය යන අර්ථයි. උද්ධසේතා යනු මත්තෙහි විනාශකරනු ලද්දේයි. පරියොනදේධා යනු හාත්පසින් වෙළනලද්දේයි. අනයං ආපජ්ජති යනු අවැඩට පැමිණෙයි. ව්යසනං ආපජ්ජති යනු විනාශයට පැමිණෙයි. ග්‍රීෂ්මකාලයෙහි මාලුවා මල්කොපුව පැළුණු කල්හි ඇට විසිරීගොස් නුගගස් ආදියෙහි මුල වැටෙයි. එහි යම්ගසක මුල තුන්පැත්තක ඇට තුනක් වැටුනේ වෙයි. ඒ ගස වැසිවළාවකින් තෙමුණු කල්හි ඇටතුනෙන් පැලතුනක් නැඟී ඒ ගසෙහි ඇලෙයි. එතැන් පටන් රුකදෙවිවරු ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැකිවෙත්. ඒ පැල වැඩෙමින් වැල්බවට පැමිණ ඒ ගසට නැඟී සියලු අතුපතර වැළඳගෙන ඒගස මත්තෙහි වෙළාගනියි. මාලුවා වැල්වලින් මසනලද්දාවූත් ඝනවූත් මහත්වූත් මාලුවා කොලවලින් ගැවසීගන්නා ලද්දාවූත් ඒ ගස වැසි වස්නාවිට හෝ සුළඟ හමන විට හෝ ඒ ඒ තැනින් විනාශ වී වැටෙයි. හුදු කණුවක් පමණක්ම ඉතිරිවෙයි. ඒ කරුණ සඳහා
එවමෙවඛො යන මෙය කියනලදී. මෙහි වනාහි උපමාගැලපීමයි. සල්ගස් ආදියෙහි කිසියම් ගසක් මෙන් මේ පුද්ගලයා දැක්විය යුතුය. අකුසල්මුල් තුන මාලුවා වැල්තුන මෙන් දැක්විය යුතුය. ගසෙහි අතු වෙතට නොපැමිණෙනතාක් වැල් කෙලින් ගසට නැඟීම මෙන් ලෝභාදින්ගේ දොරටුවට නොපැමිණි කාලයද අතුඅනුව යාමෙන් දොරටු වශයෙන් යන කලායද හාත්පසින් වෙළනලද කාලයමෙන් ලෝබාදියෙන් මඬනාලද කාලයද කුඩා අතු විනාශ වන කාලය මෙන් ද්වාරයට පත් කෙලෙසුන්ගේ වශයෙන් කුඩා අනුකුඩා ඇවත්වලට පැමිණි කාලයද මහ අතු විනාශවන කාලය මෙන් ගරු ඇවැත්වලට පැමිණි කාලයද වැල් අනුසාරයෙන් බැසගත් ජලයෙන් මුල් තෙමුණු කල්හි ගස බිමට වැටෙන කාලය මෙන් ක්‍රමයෙන් සතර පරිජිවලට පැමිණ සතර අපායන්හි උපදින කාලයද දැක්විය යුතුය.
යහපත් අංශය (පුණ්‍ය පක්ෂය) කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. එවමෙව ඛො යන මෙහි මෙය උපමා ගැලපීමයි. අකුසලමුල් තුන මාලුවා වැල්තුන මෙනි. යෝගාවචරයා ඒවා නැති කිරීමට ආ පුරුෂයා මෙනි. ප්‍රඥාව උදැල්ල මෙනි. සැදැහැපැස උදලු පැස මෙනි. විදර්ශනාව කණින මුල්ලුව මෙනි. විදර්ශනා ඥානයෙන් අවිද්යාමූලය සිඳුණු කාලය මුල්ලුවෙන් මුල්සිඳීම මෙනි. කඩවශයෙන් දුටුකාලය කඩකඩව සිදුණු කාලය මෙනි. මාර්ගඥානයෙන් කෙලෙසුන් විනාශ කළ කාලය පැලෙන කාලය මෙනි. දරනුලබන (ජීවත්වන) පඤ්චස්කන්ධය ඇතිකාලය අලුබවට පත්කරන කාලය මෙනි. උපාදින්නස්කන්ධයන් ප්‍රතිසන්ධිරහිත නිරෝධයෙන් නවත්වා පුනර්භවයෙහි ප්රතිසන්ධිය නොගන්නා කාලය මහ සුළඟෙහි පොළා නොපැවැත්ම කරන කාලය මෙනැයි දැක්විය යුතුය. මෙම සුත්‍රයෙහි වර්තය හා විවර්තය කියනලදී.