3. 2. 2. 10
දසවැන්නෙහි, තදහුපොසථෙ යනු එදවස පොහොයෙහියි, උපොෂථයෙහිවූ එදවසයි. පසළොස්වක් පොහෝදිනයෙහියි කියනලද්දේ වෙයි. උපසඞ්කමි යනු උපොෂථාංගයන් අදිටන් කොට ගඳමල් ආදිය අතැතිව එළමියේයි. හන්‍ද යනු දැඩිව ගැනීම් අර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. දිවාදිවස්ස යනු දවසෙහි දහවල නම් මධ්‍යාහ්නයයි. මෙහි පිහිටි මද්දහන් කාලයයි. කුතොනු ත්‍වං ආගච්ඡසි යනු කුමක් කරන්නී හැසිරෙහිදැයි අසයි. ගොපාලකුපොසථො යනු ගොපල්ලන් සමඟ සමාන කළ පොහොයයි. නිගණ්ඨුපොසථො යනු නුවටුන් රකින පොහොයයි. අරියුපොසථො යනු ආර්යයන් රකින පොහොයයි. සෙය්‍යථාපි විසාඛෙ යනු විසාඛයෙනි, යම්සේ යනුයි. සායණභසමයං සාමිකානං ගාවො නිය්‍යාතෙත්‍වා යනු ගොපල්ලෝ වනාහි දිනපතා වැටුපෙන් හෝ පස්දින දසදින අඩමස සයමස අවුරුද්ද යනාදී කාලපරිච්ඡේදයෙන් හෝ ගවයන් ගෙන රකිත්. මෙහි වනාහි දිනපතා වැටුපෙන් රකින්නකු සඳහා මෙය කියනලදී. නිය්‍යාතෙත්‍වා යනු භාරදීයි, මොවුහු ඔබගේ ගවයෝයිදී යනුයි. ඉති පටිසඤචික්‍ඛති යනු තමන්ගේ ගෙදර ගොස් අනුභව කොට ඇඳෙහි හොත්තේ මෙසේ සලකයි. අභිජක්‍ධා සහගතෙන යනු තෘෂ්ණාවෙන් යුක්ත වීමෙන්ය. එවං ඛො විසාඛෙ ගොපාලුකුපොසථො හොති යනු මේ ආර්ය උපොෂථයද අපිරිසිදු විතර්‍ක ඇති බැවින් ගොපාලක උපොෂථයට අයත් තැන්හි සිටියේයි. න මහප්ඵලො යනු විපාකඵලයෙන් මහත්ඵල නොවුයේයි. න මහානිසංසො යනු විපාක ආනිසංසයෙන් මහානිසංස නොවූයේයි. න මහාජූතිකො යනු විපාකාලෝකයෙන් මහත් බැබලීමක් නොවූයේයි. න මහාවිපඵාරො යනු විපාක පැතිරීම නොමහත් බැවින් මහත් පැතිරීමක් නොමැත්තේයි.
සමණජාති යනු ශ්‍රමණයෝමයි. පරං යොජනසතං යනු යොදුන් සියයක් ඉක්මවා ඉන් මත්තෙහියි. තෙසු දණ්ඩං නික්‍ඛිපාහි යනු ඒ යොදුන් සියයකින් එපිට සිටි සත්වයන් කෙරෙහි දඬු බහාතබව. බහා තැබූ දඩු මුගුරු ඇත්තේ වෙහි. නාහං ක්‍වචිනි කස්සචි කිඤ්ඤනතස්මිං යනු මම කොහි හෝ අන්කිසිවකුට බාධාවෙහි (කරදයෙහි) නොවෙමි (නොසිටිමි) පළිබෝධය (බාධාව) කිඤ්චනයයි කියනු ලැබේ. පළිබෝධයක් නොවෙමැයි කියනලද්දේ වෙයි. න ච මම ක්‍වචිනි කත්‍ථචි කිඤ්චන තත්‍ථි යනු මගේ කොහිහො ඇතුළත හෝ පිටත හෝ කිසිතැනක එක් පිරිකරකද බාධාවක් නැත. පළිබෝධයක් නැත. මම සිඳුණු පළිබෝධ ඇත්තේමැයි කියන ලද්දේ වෙයි. භොගෙ යනු ඇඳ පුටු කැඳබත් ආදියයි. අදින්නං යෙච පරිභූඤ්ජති යනු දෙවැනි දිනයෙහි ඇඳෙහි හොවින්නේද පුටුවෙහි හිඳින්නේද, කදැඳ බොන්නේද බත් වළඳන්නේද භොගයන් නොදුන් කල්හිම පරිභොග කරයි. න මහපළුලො යනු නිෂ්ඵලය. මෙහි ව්‍යංනයම සාවශෙෂය, අර්‍ත්‍ථය වනාහි නිරවශෙෂය. මෙසේ වසනලද උපොෂථයේ සුළුවූද යහපත්, හොඳ, මනා විපාකඵලයක් නම් නැත. එබැවින් නිෂ්ඵලයයි දතයුතුය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි.
උපක්කිලිට්ඨස්ස චිත්තස්ස යන මෙය කුමක් සඳහා පැවසීද යත්? කිළිටිවූ සිතින් විසූ උපොෂථය මහත්ඵල නොවේයයි දක්වනලද බැවින් පිරිසුදු සිතින් පෙහෙවස් වසනලද්දහුට මහත්ඵල බව අනුදන්නා ලද්දේ වෙයි. එහෙයින් යම් කමටහනකින් සිත පිරිසුදුවේද? ඒ සිත පිරිසුදු කරන කමටහන දැක්වීමට මෙය පැවසීය. එහි උපක්කමෙන යනු වෙන් වෙන්වූ (පෞද්ගලික) පෞරුෂයෙන් හෝ උපායෙනි. තථාගතං අනුස්සරති යනු කරුණු අටකින් තථාගතයන්වහන්සේගේ ගුණයන් සිහිකරයි. මෙහි වනාහි ඉතිපි සො භගවා යන්නෙන් ඒ භාග්‍යවතුන්වහන්සේ මෙසේත් සීලයෙන්ද මෙසේත් සමාධියෙන්දැයි සියලු ලෞකික ලෝකෝත්තර බුද්ධගුණයෝ සංග්‍රහ කරනලදහ. අරහං යන ආදියෙන් වෙන්වෙන් වූ ගුණයෝම නිර්දේශ කරනලදහ. තථාගතං අනුස්සරතො චිත්තං පසීදති යනු ලෞකික ලෝකෝත්තර බුද්ධගුණයන් සිහි කරන්නාගේ සිත් ඉපදීම ප්‍රසන්න වෙයි.
චිත්තස්ස උපක්කිලෙසා යනු පංචනීවරණයෝයි. කක්කං යනු නෙල්ලි කල්කයයි. තජ්ජං වායාමං යනු එම ජාතියට අයත්, ඊට සුදුසු, කල්කයෙන් තැවරීම, ඉලීම, සේදීම යන මේවා කිරීමේ උත්සාහයයි. පරියොදපනා හොති යනු පිරිසුදු බව කිරීම වෙයි. කිළිටි හිසෙහි පළඳනාව පැලඳ නැකත් කෙළි කෙළින්නාහු නොහොබිත්. පිරිසුදුවූ හිසෙහි පළඳනාව පැලඳ නැකත් කෙළි කෙළින්නාහු හොබිත්, එසේම කිළිටි සිතින් උපොෂථ අංශයන් අදිටන් කොට සමාදන්වූ උපොෂථය මහත්ඵල නොවෙයි. පිරිසිදු සිතින් උපොෂථාංගයන් අදිටන් කොට සමාදන්වූ උපොෂථය මහත්ඵල වේය යන අදහසින් මෙය පැවසීය. බ්‍රහ්මූපොසථං උපවසති යනු සම්මා සම්බුදුන්වහන්සේ බ්‍රහ්මයයි කියනුලැබෙත්. උන්වහන්සේගේ ගුණ සිහි කිරීම් වශයෙන් මේ උපොෂථය බ්‍රහ්මූපොසථය නම්වෙයි. එය සමාදන්ව වෙසෙයි. බ්‍රහ්මුනා සද්ධිං උපවසති යනු සම්මා සම්බුදුන්වහන්සේ සමඟ එක්ව වාසය කරයි. බ්‍රහ්මඤ්චස්ස ආරබ්භ යනු සම්මා සම්බුදුන්වහන්සේ අරබයායි.
[missing sentence] සොතතිං යනු කුරුවින්‍ද පබළු වැලයි. කුරුවින්‍දක ගල්කුඩු සමඟ ලාකඩ යොදා පබළු තනා විද හුයෙක අවුණා ඒ පබළුවැල දෙපසින් ගෙන පිට උළයි. ඒ සඳහා ‘සොත්තිංච පටිච්ච’යි කියනලදී. චුණ්ණං යනු නෑමේදී භාවිත කරනසුණුයි. තජ්ජං වායාමං යනු ඇඟ ඉලීම, ඇතිල්ලීම සේදීම ආදීවු සුදුසු ව්‍යායාමයයි. ධම්මූපොසථං යනු පෙළ සහිත නවලෝකෝත්තර ධර්‍මය අරභයා සමාදන්වූ බැවින් මේ උපොෂථය ධම්මූපොසථයයි කියනලදී. මෙහිද පරියොදපනා පදයෙහි සිට පෙරපරිද්දෙන්ම යෝජනා කළයුතුය.