3. 2. 2. 5
පස්වැන්නෙහි කාලාමානං නිගමො යනු කාලාමයෝ නම් ක්‍ෂත්‍රියයෝයි, ඔවුන්ගේ නියම්ගමයි. කෙසපුත්තියා යනු කෙසුපත්තනියම්ගම් වැසියෝයි. උපසංකමිංසු යනු ගිතෙල් වෙඩරු ආදී බෙහෙත් මෙන්ම අෂ්ටවිධ පානයන්ද ගෙන්වාගෙන එළැඹියාහුයි. සකංයෙව වාදං දීපෙන්ති යනු තමන්ගේම ලබ්ධිය කියත්. ජොතෙන්ති යනු ප්‍රකට කරත්. ඛුංසෙන්ති යනු ගටත් වමෙහනති යනු අවමන් කරත්. පරිභව කරත්. පහත් දෙයක් කරත්. ඔපපක්‍ඛිං කරොන්ති යනු බෙලහීන කරත්, ඔසවා විසිකරත්, අපරෙපි භනේත යනු එය කැලෑබද ගමකි. එබැවින් එහි කැලය ඉක්මවන්නෝද ඉක්මවනු කැමැත්තෝද වාසය කරති. ඔවුනතුරින් පළමුව ආවාහු තමන්ගේ ලබ්ධිය ප්‍රකට කොට ගියාහුය. පසුව ආවාහු ‘ඔවුහු කුමක් දනිත්ද ඔවුහු අපගේ අතවැසියෝය. ඔවුහු අප සමීපයෙන් යම් යම් ශිල්පයක් උගත්තාහුය’යි තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කොට ගියාහුය. කාලාමයෝ එක ලබ්ධියකද පිහිටන්නට නොහැකි වූවාහුය. ඔවුහු මෙකරුණ දක්වා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැළකොට තෙසං නො භනෙත යනාදිය කීවාහුය. එහි භොතෙව කඞ්ඛා යනු සැකයක් වේමැයි. විචිකිච්ඡා යනු ඊටම පර්යාය වචනයි. අලං යනු සුදුසුයි.
මා අනුස්සවෙන යනු ශ්‍රැති පරම්පරාවෙන් නොගනුවයි. මා පරම්පරාය යනු පරපුරෙන් පැවත එන කථාවෙන් නොගනුවයි. මා ඉතිකිරාය යනු මෙය මෙසේයයි නොගනුවයි. මා පිටකසම්පදානේන යනු අපගේ (ආගමික) මූලග්‍රන්‍ථ සමඟ ගැලපේයයි නොගනුවයි. මා තක්කහේතු යනු තර්‍කයට බැසගැනීමෙන් නොගනුවයි. මා නයහෙතු යනු න්‍යායයයට අනුකූලයයි නොගනුවයි. මා ආකාරපරිවිතකේකන යනු මෙකරුන සොඳුරුයයි මෙසේ කරුණු සැලකීමෙන්ද නොගනුවයි. මා දිට්ඨිනිජක්‍ධානක්‍ඛන්තියා යනු කල්පනා කොට ඉවසා ගන්නාලද අපගේ දෘෂ්ටියට ගැලපේයයි නොගනුවයි. මා භබ්බරූපතාය යනු මේ භික්‍ෂුව සමර්ථයෙකි. මොහුගේ කථාව පිළිගැනීමට සුදුසුයයි නොගනුවයි. මා සමණො නො ගරූ යනු මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුවරයාය.’ මොහුගේ කථාව පිළිගැනීමට සුදුසුයයිද නොගනුවයි. සමත්තා යනු පිරිපුන් වූයි. සමාදිණ්ණා යනු ගන්නා ලද්දාවූයි. පරාර්‍ශනය කරන ලද්දාවූයි. යංස හොති යනු යම් කරුණක් ඒ පුද්ගලයාට වේද යනුයි. අලොභාදිය ලොභාදියට ප්‍රතිපක්‍ෂවශයෙන් දතයුතුය. විගතාභිජෙක්‍ධා යනාදියෙන් මෛත්‍රියෙහි පූර්වභාගය කියනලදී.
දැන් මෛත්‍රී ආදී කර්‍මස්ථානය ප්‍රකාශකරන සේක් මෙත්තාසහගතෙන යි කීසෙක්. එහි කර්‍මස්ථාන කථාවෙහි හෝ භවානාක්‍රමයෙහි හෝ පෙළවැණුමෙහි හෝ යමක් කිවයුතු වන්නේද ඒ සියල්ලම විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය. එවං අවෙරචිත්තො යනු මෙසේ අකුශල වෛරයද පුද්ගල වෛරීන්ද නොමැති බැවින් වෛරනැති සිතැත්තේයි. අව්‍යාපජක්‍ධචිත්තො යනු ක්‍රොධසිත නොමැති කමින් නිදුක් සිතැත්තේයි. අසඞ්කිලිටඨචිත්තො යනු කෙලෙසන්නාවූ කෙලෙස් නැති බැවින් නොකිලිටිවූ සිතැත්තේයි. විසුද්ධිචිත්තො යනු කෙලෙස් මල නොමැති බැවින් පිරිසුදු සිතැත්තේ වේයයි අරුත්ය. තස්ස යනු මෙබඳුවූ ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේයි. අස්සාසා යනු අවශ්‍ය උපකාරයයි. සචෙ ඛො පන අත්‍ථි පරලොකො යනු ඉදින් මෙලොවින් පරලොවක් නම් ඇත්ද යනුයි. ඨානමහං කායස්සභෙදා -පෙ- උප්පජ්ජිස්සාමි යනු යම් හෙයකින් මම කයේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්‍ගයෙහි උපදින්නෙම් යන මෙකරුන ඇත. මෙසේ සියලු තන්හි ක්‍රමය දතයුතුය. අනීඝං යනු නිදුක්වුයි. සුඛං යනු සුවපත්වූයි. උභයෙනෙව සුද්ධමත්තානං සමනුප්ස්සාමි යනු කිසියම් පවක් නොකරමියිද කරන්නාටද යම් පවක් නොකෙරේද යන මේ කරුණු දෙකින්මපිරිසුදුවූ තමන් දකින්නෙමි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.