3. 2. 2. 6
සවැන්නෙහි මිගාරනත්තා යනු මිගාර සිටුගේ මුණුබුරායි. පෙඛුණියනත්තා යනු පෙඛුණිය සිටුගේ මුණුබුරායි. උපසංකමිංසු යනු වැළඳූ උදාඅහර ඇත්තෝ දස් දම්කරුවන් පිරිවරණලද්දෝ පැමිණියාහුය. ඔවුනට වනාහි පෙරබතෙහි පූර්වාහ්ණයෙහිම එක් ප්රශ්නයක් පැන නැංගේය. එය (ගැන) කථා කිරීමට ඉඩක් නොවීය. ඔවුහු එම ප්රශ්නය අසන්නෙමුයි තෙරුන් ළඟට ගොස් වැඳ නිහඬව හුන්නාහුය. තෙරණුවෝ ගමෙහි හටගත් එම ප්රශ්නය අසන්නට පැමිණියාහු වෙතැයි ඔවුන්ගේ සිත දැන එම ප්රශ්නයම අරන්නාහු එථ තුමේහ සාළහා යනාදිය පැවසූහ. එහි අත්ථි ලොභො යනු ආශා කිරීම් ස්වභාවය ඇති ලෝභයක් ඇත්දැයි අසයි. අභිජක්ධාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි යනු මේ ලෝභ සංඛ්යාත අර්ත්ථය මම අභිධ්යාවයයි කියමි. තෘෂ්ණාවයයි කියමියි හටගත් ප්රශ්නයේ අර්ත්ථය දක්වමින් පැවසූහ. මෙසේ සියලු වාරයන්හි ක්රමය ඉදිරිපත් කළයුතුය.
සො එවං පජානාති යනු සතර බඹවිහරණ වඩා සිටියාවූ ඒ ආර්යශ්රාවක තෙමේ සමවතින් නැගිට විදසුන් අරඹමින් මෙසේ දනියි. අත්ථි ඉදං යනු දුක්ඛසත්ය සංඛ්යාතවූ ස්කන්ධ පංචකයක් ඇත්ද එය නාමරූප වශයෙන් පිරිසිඳ දන්නාවු මෙතෙම මෙසේ දනියි යන්න අත්ථි ඉදංසි කියනලද්දේ වෙයි. හීනං යනු සමුදය සත්යයි. පණීතං යනු මාර්ග සත්යයයි. ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණං යන විදර්ශනාසංඥා සංඛ්යාතවූ සංඥාවට පැමිණි මොහුට මත්තෙහි නිශ්ශරණ නම්වූ නිවනය එය ඇත යන මෙයින් නිරොධසත්යය දක්වයි. විමුත්තමිතිඤාණං යන්නෙන් එකුන්විසි ආකාර ප්රත්යවෙක්ෂාඥානය කියනලදී. අහු පුබේබ ලොභො යනු පෙර මට ලෝභය වූයේයි. තදහු අකුසලං යනු එය අකුසලය නම් වූයේය. එකල්හි හෝ අකුසලය වූයේයි. ඉවේවතං කුසලං යනු මෙසේ මේ කුසලයයි. ඒ අකුසලයේ නොමැති බව කුසලයය. ක්ෂෙමය යන කරුණ සඳහා කියයි. නිච්ඡාතො යනු තාෂ්ණා නැත්තේයි. නිබ්බුතො යනු අභයන්තරයෙහි තැවුල් ඇති කරන්නාවූ කෙලෙසුන් නොමැති බැවින් නිවුනේයි. සීතිභූතො යනු සිසිල් වුයේයි. සුඛපටිසංවෙදි යනු කායික චෛතසික සුවය විදීමයි. බ්රහ්මභූතෙන යනු ශ්රේෂ්ඨවූ තැනැත්තහු විසිනි. සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
3. 2. 2. 7
සත්වැන්නෙහි කථාවත්ථුනි යනු කථාවට කරුණුය. කථාවට පදනමය, ප්රතිෂ්ඨාවය යන අරුත්ය. අතීතං වා භික්ඛවෙ අද්ධානං යනු අතීතඅදධානය නම්, කාලය මෙන්ම සංසාරයද වේ. අනාගතවර්තමානයන්හිද මේ ක්රමයමැයි. එහි අතීත කාලයෙහි කාශ්යප නම්වූ සම්මාසම්බුදු කෙනෙක්වූ සේක. උන්වහන්සේට කිකීනම්වූ කසීරජ අග්රොපස්ථායක වූයේය. විසිදහසක් අවුරුදු ආයුෂ වූයේයයි මේ ක්රමයෙන් කියන්නේ අතීතය අරභයා කථා කියන්නේ නමි. අනාගතයෙහි මෙතේතයය නම්වූ බුදුවරයෙක් වන්නාහුය. උන්වහන්සේට සංඛ නම්වූ රජතෙමේ අග්රොපස්ථායක වන්නේය. අසූදහසක් අවුරුදු ආයුෂ වන්නේයයි මේ ක්රමයෙන් කියන්නේ අනාගතය අරභයා කතා කියන්නේ නමි. දැන් අසුවල් නම් රජ දැහැමිය, අසුවලා දැහැමිය මේ ආදී ක්රමයෙන් කියන්නේ වර්තමානය අරභය කථා කියන්නේ නම්වෙයි.
කථා සම්පයොගෙන යනු කථාසමාගමයෙනි. කචේඡා යනු කීමට සුදුස්සායි. අකචේඡා යනු කීමට නොසුදුස්සායි. එකංසව්යාකරණීයං පඤහං යනාදියෙහි ඇස අනිත්යදැයි අසනලද්දාහු විසින් එසේය අනිත්යයයි ඒකාන්තයෙන්ම පිළිතරු දියුතුය. මෙය විභජ්ජව්යාකරණීය පැනයයි. ඇස යම්සේද කණද එසේද? කණ යම්සේද ඇසද එසේදැයි අසනලද්දාහු විසින් කවර අරුතින් අසන්නෙහිදැයි පිළිවිස දැකීම් අරුතින් අසමැයි කීකල්හි නැතැයි පිළිතුරු දියයුතුය. අනිත්යාර්ථයෙන් අසමැයි කීකල්හි එසේයයි පිළිතුරු දිය යුතුය. මෙය පටිපුච්ඡාව්යාකරණීය ප්රශ්නයයයි. ජීවයම ශරීරයදැයි ආදිය අසනලද්දාහු විසින් භාග්යවතුන්වහන්සේ විසින් මෙය පිළිතුරු නොදෙනලද්දේකිසි පිළිතුරු නොදී තැබිය යුතුය. මේ ප්රශ්නය පිළිතුරු නොදිය යුත්තකි. මේ ඨපනීය ප්රශ්නයයි.
ඨානාඨානෙ න සණ්ඨාති යනු කරුණු නොකරුණෙහි නොපිහිටයි. මේ එහි පිළිවෙළයි. ශාශ්වතවාදියා සුදුසු කරුණින් උචේඡදවාදියාට නිග්රහකිරීමට සමත්වෙයි. ඔහුවිසින් නිග්රහකරනලද උචේඡදවාදියා කිමෙක්ද මම උචේඡදය ප්රකාශ කරම්දැයි ශාශ්වතවාදීභාවයම ප්රකට කරයි. තමන්ගේ වාදයෙහි පිහිටීමට නොහැකිවෙයි. මෙසේ උචේඡදවාදියා සමත්වන කල්හි ශාශ්වතවාදියාද පුද්ගලවාදියා සමත්වන කල්හි ශුන්යවාදියාද ශ්රන්යවාදියා සමත්වන කල්හි පුද්ගලවාදියාදැයි මෙසේ තැනනොතැන්හි නොපිහිටයි නමි.
පරීකපේප න සණඨාති යන මෙය ප්රශ්න ඇසීමෙහිද ප්රහ්නවලට පිළිතුරු කීමෙහිදීද ලැබෙයි. කෙසේදයත්? ඇතමෙක් ප්රහ්නයක් අසමැයි උගුර සකසයි. (රැල්බුරුල්හරියි). හෙතෙම අන්යයාවිසින් එබ මෙය අසන්නෙහිදැයි අසනලද්දේ දත්බව දැන මෙය නොවේ, වෙනෙකක් අසමැයි කියයි. ප්රශ්නයක් අසන ලද්දේද ප්රශ්නයට පිළිතුරු කියමැයි හක්ක සකසයි. හෙතෙම අන්යයා විසින් මෙනම් දෙයක් කියන්නෙහිදැයි කියනලද්දේ දත්බව දැන මෙය නොවේ. වෙනෙකක් කියන්නෙමියි පවසයි. මෙසේ සිතුවිල්ලෙහි නොපිහිටයි නමි.
අඤ්ඤවාදෙ න සණ්ඨාති යනු දත්වාදයෙහි, දන්වනලද වාදයෙහි නොපිහිටයි. කෙසේදයත්? එකෙක් ප්රශ්නයක් අසයි. අන්යයා, ‘ඔබවිසින් අසනලද ප්රශ්නය මනාය, ඔබ විසින් මෙය කොහින් උගන්නා ලද්දේදැ’යි අසයි. අනෙක් තැනැත්තා ඇසියයුතු අයුරින් ප්රශ්නය අසාත් ඔහුගේ කථාවෙන් නොමනා ප්රශ්නයක් අසනලද්දේදැයි සැකකරයි. අනෙකෙක් ප්රශ්නය අසනලද්දේ (පිළිතුරු) කියයි. අන්යයා ‘ඔබවිසින් මනාව පිළිතුරු දෙනලදී. ඔබවිසින් කොහිත් උගන්නාලද්දේද? පිළිතුරු දෙන්නාහු විසින් මෙසේ පිළිතුරු දියයුත්තේය’යි කියයි. අන්යයා පිළිතුරු දියයුතු අයුරින්ම පිළිතුරු දීත් ඔහුගේ කථාවෙන්, මවිසින් නොමනා පිළිතුරක් කියනලද්දේයි සැකකරයි.