3. 2. 2. 1
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි තිත්‍ථායතනං යනු තීර්ථභූතවූ ආයතනයෝ හෝ නීර්ථකයන්ගේ ආයතනයෝ හෝයි එහි තීර්ථය දතයුතුය. තීර්ථංකරයෝ දතයුත්තාහ. තීර්ථකයෝ දතයුත්තාහ. තීර්ථකශ්‍රාවකයෝ දතයුත්තාහ. තීර්ථය නම් දෙසැට දෘෂ්ටීහූයි. තීර්ථංකරයෝ නම් ඒ දෘෂ්ටීන් උපදවන්නෝයි. යමකු ඒ දෘෂ්ටීන් කැමතිවේද ඉවසයිද ඔවුහු තීර්ථකයෝ නම් වෙත්. ඔවුනට ප්‍රත්‍යය දෙන්නෝ තීර්ථක ශ්‍රාවකයෝ නම් වෙත්. ආයතනං යනු ‘අස්සානං කම්බොජො ආයතනං ගුන්නං දක්‍ඛිණාපථො ආයතනං’ නමි.
‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහඞ්ඟමා
ඡායං ඡායත්‍ථිනො යන්ති ඵලත්‍ථං ඵලභොජිනො’
යන මෙහි එකතුවන තැනයි. ‘පඤචිමානි භික්‍ඛවෙ විමුත්තායතනානි’ යන මෙහි කාරණයයි. ඒ සියල්ලම මෙහි ලැබෙයි. හටගන්නාවූ සියලුම දෘෂ්ටිගතිකයෝ මේ තැන් තුනෙහිම හටගනිත්. රැස්වන්නාහුද මේ තුන්තන්හිම රැස්වෙත්. එක්වෙත්. දෘෂ්ටිගතික භාවයෙහිද ඔවුන්ගේ මේ තුන් කරුණමයයි හටගැනීම් ආදී අර්ථයෙන් ආයතනයෝද තීර්ථායතනයෝයි. ඒ අර්ථයෙන්ම තීර්ථකයන්ගේ ආයතනයෝද තීර්ථායතනයෝයි. සමනුයුඤජියමානානි යනු මේ දෘෂ්ටීහු කවරක් නම් වෙත්දැයි මෙසේ විමසනු ලබන්නාහුයි. සමනුගාහියමානානි යනු කුමන කරුණින් මේ දෘෂ්ටීහු උපන්නාහුදැයි මෙසේ මනාව විචාරනු ලබන්නාහුයි. තවද මේ (පද) තුනම යෙදීම (නියුක්තවීම) විමසීමේ පරියායවචනයි. එහෙයින් අට්ඨකථාවෙහි මෙසේ කියනලදී: ‘සමනුයුඤජතීතිවා සමනුගාහතීතිවා සමනුභාසතීති වා එසෙ එකෙ එකටේඨ සමෙ සභාගෙ තජ්ජාතෙ තඤෙඤවා’ යනුවෙනි.
පරම්පි ගන්ත්‍වා යනු ආචාර්ය පරම්පරාව ලබ්ධිපරම්පරාව ආත්මභාව පරම්පරාව යන මේවා අතුරෙන් යම්කිසි පරපුරකට ගොසින්ද යනුයි. අකිරියාය සණඨභනති යනු අකිරිය (වාද) මාත්‍රයෙන් පිහිටත්. අපගේ ආචාර්‍ය්‍යවරයා පුබ්බේකතවාදීය. අපගේ ප්‍රාචාර්යවරයා පුබ්බේකතවාදීය. අපගේ ආචාර්‍ය්‍යප්‍රාචාර්යවරයා පුබ්බේකතවාදීය. අපගේ ආචාර්‍ය්‍යවරයා ඊශ්වර නිර්‍මාණවාදීය, අපගේ ප්‍රාචාර්යවරයා ඊශ්වරනිර්‍මාණවාදීය, අපගේ ආචාර්යප්‍රාචාර්යවරයා ඊශ්වරනිර්‍මාණවාදීය. අපගේ ආචාර්යවරයා අහෙතුඅප්‍රත්‍යයවාදීය, අපගේ ප්‍රාචාර්යවරයා අහෙතූ අප්‍රත්‍යයවාදීය, අපගේ ආචාර්ය ප්‍රාචාර්යවරයා අහෙතුඅප්‍රත්‍යයවාදීයයි මෙසේ යනු ලබන්නාවූ මේවා ආචාර්ය පරම්පරාවට යතියි නමි. අපගේ ආචාර්යවරයා පුබ්බෙකත (හෙත) ලබ්ධකයෙකි. අපගේ ප්‍රාචාර්යවරයා -පෙ- අපගේ ආචාර්යප්‍රාචාර්යවරයා පුබ්බේකතලබ්ධිකයෙකිසි මෙසේ යනු ලබන්නාහු ලබ්ධිපරම්පරාවට යතියි නමි. අපගේ ආචාර්යවරයාගේ ආත්මභාවය පෙර කළ (කර්‍ම) හේතුවෙන් හටගත්තෙකි. අපගේ ප්‍රාචාර්යවරයාගේ -පෙ- අපගේ ආචාර්ය ප්‍රාචාර්යවරයාගේ ආත්මභාවය අහේතු අප්‍රත්‍යයයි මෙසේ යන්නාහු ආත්මභාව පරම්පරාවට යතියි නමි. මෙසේ ඉතා දුරට යන්නාහු අකිරියවාද මාත්‍රයෙහිම පිහිටති. මේ දෘෂ්ටිගතිකයන්ගේ කිසියම් කර්තෘ කෙනෙක් හෝ කරවන්නෙක් හෝ නොපැනෙයි.
පුරිසපුග්ගලො යනු සත්වයායි. පුරුෂයායි කී කල්හිද පුද්ගලයායි කීකල්හිද සත්වයාම කියනලද්දේ වෙයි. මේ වනාහි සම්මුති කථාවයි. එහිදී යමෙක් යම්සේ දැනගනියිද එසේ කියනුලැබේ. පටිසංවෙදෙති යනු තමාගේ සිතෙහි උපන් දෙය දනියි, විඳීම කරයි. හෝ අත්දකියි. පුබ්බෙකතහෙතු යනු පෙර කරනලද හේතුවෙනි. පෙර කරනලද කර්‍ම ප්‍රත්‍යයෙන්ම විඳීය යන අරුත්ය. මෙයින් කර්‍මයෙන් හටගන්නා වේදනාවද ක්‍රියාසිතින් හටගන්නා වේදනාවද ප්‍රතික්‍ෂෙප කොට එකම විපාකවේදනාව පමණක්ම පිළිගනිත්. පිතෙන් හටගන්නා ආබාධ, සෙමෙන් හටගන්නා ආබාධ, වාතයෙන් හටගන්නා ආබාධ, සන්නිපාතිකවූ ආබාධ, සෘතු වෙනස්වීමෙන් හටගන්නා ආබාධ, විෂම පැවැත්මෙන් හටගන්නා ආබාධ, -පෙ- උපක්‍රමිකව හටගන්නා ආබාධ, කර්‍මවිපාකයෙන් හටගන්නා ආබාධ යන යම් මේ රෝගයෝ අටදෙනෙක් කියනලද්දාහුද ඒවා අතුරෙන් සතක් නොපිළිගෙන එකම විපාක වේදනාව පමණක් පිළිගනිත්. දිට්ඨධම්මවේදනීයය, උපපජ්ජවෙදනීයය, අපරාපරියවෙදනීයයි කර්‍මරාශි තුනක් කියනලද්දේද ඒවා අතුරෙන් දෙක් යටපත් කොට එකම අපරාපරිය කර්‍මයම පිළිගනිත්, දිට්ඨධම්මවේදනීය විපාකය, උපපජ්ජවෙදනීය විපාකය, අපරාපරියවෙදනීය විපාකයයි යම් මේ විපාකරාශි තුනක් කියන ලද්දේද ඒවා අතුරෙනුදු දෙකක් යටපත් කොට එකම අපරාපරිය විපාකය පමණක් පිළිගනිත්, කුසලචෙතනාවය, අකුසලචෙතනාවය, විපාකචෙතනාවය, ක්‍රියාචෙතනාවය යන යම් මේ චෙතනාරාශි සතරක් කියනලද්දේද එයිනුදු තුනක් යටපත් කොට එකම විපාකචෙතනාව පමණක්ම පිළිගනිත්