3. 2. 1. 8
අටවැන්නෙහි තිකණේණා යනු ඔහුගේ නමයි. උපසඞ්කමි යනු ශ්‍රමණ ගෞතමයෝ වනාහි පණ්ඩිතයෝය. ඔහුගේ සමීපයට යන්නෙමැයි සිතා වළඳනාලද උදය අහර ඇත්තේ මහජනයා විසින් පිරිවරණලද්දේ එළඹියේය. භගවතො සම්මුඛා යනු දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි හිඳ වණ්ණං භාසති යනු කුමක් හෙයින් කියයිද? හෙතෙම වනාහි මින් පෙර තථාගතයන්වහන්සේ හමුවට නොආවිරූය. ඉක්බිති ඔහුට මෙසේ අදහස් විය: බුදුවරුනම් අපහසුවෙන් ළංවිය යුත්තෝය. මා පළමුව නොකියන කල්හි කියන්නේ හෝ නොකියන්නේය. ඉදින් යමක් නොකියන්නේ නම් (මිතුරන්) එක්වූ තැන්හි කථාකරන මට (ඔවුහු) මෙසේ කියති: ‘නුඹ මෙහි කුමක් හෙයින් කියහිද? ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට ගොස් ඔබ විසින් වචන මාත්‍රයකුදු නොලබන ලදී.’ එහෙයින් මා මෙසේ නින්දාවෙන් මිදෙන්නේයි හඟිමින් කථා කරයි. තවතද බමුණන්ගේ ගුණය කියයි. තථාගතයන් වහන්සේගේ නුවණ පහත හෙළමැයි අදහසින්ම කථාකරයි. එවම්පි තෙවිජ්ජා බ්‍රාහ්මණා යනු ත්‍රිවේදය දත් බමුණෝ මෙබඳු පණ්ඩිතයෝය. මෙබඳු නුවණැත්තෝය. මෙබඳු ව්‍යක්තයෝය. මෙබඳු බහුශ්‍රැතයෝය. මෙබඳු වාද ඇත්තෝය. මෙසේ පිළිගන්නාලද්දෝයයි අර්‍ත්‍ථයි. ඉතිපි යන මෙයින් ඔවුන්ගේ පණ්ඩිතාදි ආකාර පිරිසිඳීම දක්වයි. මෙපමණ කරුණින් පණ්ඩිතයෝය -පෙ- මෙපමණ කරුණින් සම්මතයෝය යන මෙය මෙහි අර්‍ත්‍ථයයි.
යථා කථම්පන බ්‍රාහ්මණා යන මෙහි යථා යනු හේතු දැක්වීමේ වචනයයි. කථම්පන යනු ඇසීමේ වචනයයි. මෙය කියන ලද්දේ වෙයි: බමුණ, කෙසේ නම් බමුණෝ ත්‍රිවිද්‍යාව පනවත්ද? යම්සේ මෙය දැනීමට හැකිවේද එම කරුණ කියව’ යනුයි. එය අසා බමුණා, ‘සම්මා සම්බුදුන්වහන්සේ දැන ගැනීමේ අදහසින්ම මා විමසන සේක. නොදැනගැනීමේ අදහසින් නොවේය’යි සතුටු සිතැත්තේ වී ‘භවත් ගෞතමය මෙහි’ යනාදිය පැවසීය. එහි උභතො යනු දෙපසින්මය. මාතිතො ච පිතිතො ච යනු යමකුගේ මව බැමිණියකි. මවගේ මව බැමිණියකි. ඇයගේත් මව බැමිණියකි. පියා බමුණෙකි. පියාගේ පියා බමුණෙකි. ඔහුගේත් පියා බමුණෙකි. හෙතෙම මවුපසින්ද පියපසින්ද යන දෙපසින්ම මනාව උපන්නෙකි. සංසුද්ධගහණිකො යනු යමකුට ඉතා පිරිසුදු මාතෘග්‍රහණයක්, කුසක් ඇත්තේද යන අර්‍ත්‍ථයි. සමවෙපාකිනියා ගහණියා යන මෙහි වනාහි කර්‍මජ තෙජෝධාතුව ගහණි යයි කියනු ලැබේ.
යාව සත්තමා පිතාම්හයුගා යන මෙහි පියාගේ පියා පිතාමහය: පිතාමහගේ යුගය පිතාමහයුගයයි. යුගය යනු ආයුප්‍රමාණයයි කියනු ලැබේ. මෙය වනාහි ප්‍රකාශකිරීම් මාත්‍රයක් පමණකි. අර්‍ත්‍ථවශයෙන් වනාහි පිතාමහම පිතාමහයුගයයි. එයින් උඩ සියලු පූර්‍ව පුරුෂයෝ පිතාමහ ගැනීමෙන්ම ගන්නාලදහ. මෙසේ සත්වැනි පුරුෂයා දක්වා එතෙක් ඉතා පිරිසිදු මවුකුස පිළිසිඳීම් ඇත්තේයි. නැතහොත් ජාතිවාදයෙන් අපහාස නොලබනලද්දේයි, නින්දිත නොවූයේයි. අක්‍ඛිත්තො යනු මොහු ඉවත් කරව, මොහුගෙන් කවර වැඩක්දැයි මෙසේ නොගරහනලද්දේ අපහාස නොලබනලද්දේයි අනුපක්කුටේඨා යනු නින්දිත නොවූයේයි. ගැරහීමකට හෝ නින්දාවකට නොපැමිණි විරූය. කවර කරුණකින්දයත්? ජාතිවාදනෙ යනු මෙකරුණින්ද මෙතෙම පහත් ජාතිකයෙකි යන මෙබඳුවූ වචනයෙන්ය යන අර්‍ත්‍ථයි.
අජ්ක්‍ධායකො යන මෙය ‘නදානිමෙ ක්‍ධායනති නදානිමෙ ක්‍ධායන්තීති ඛො වාසෙට්ඨා අජක්‍ධායකා අජක්‍ධායකාතෙව දුතියං අක්‍ඛරං උපනිබ්බතතං’ යනුවෙන් මෙසේ ප්‍රථම කල්පික කාලයෙහි ධ්‍යානරහිතවූ බමුණන්ට නින්දා වචනයක්ව උපන්නකි. දැන් වනාහි එය හදාරන්නේයයි අජක්‍ධායකයි. මන්ත්‍රයන් පිරිවහයි. යන මේ අර්‍ත්‍ථයෙන් පසස්නා වදනක් කොට ව්‍යවහාර කරත්. මන්ත්‍රයන් දරන්නේනුයි මන්තධරො නමි.
තිණ්ණංවෙදානං යනු සෘග් වේද යජුර් වේද හා සාම වේදයන්ගේයි. තොල ගැටීම් වශයෙන් පරතෙරට ගියේයි පාරගු නමි. නිඝණ්ඩුවෙන්ද කෙටුභශාසත්‍රයෙන්ද යුක්ත වූයේනුයි සනිඝණ්ඩුකෙටුභානං නමි. නිඝණ්ඩු යනු නාමනිඝණ්ඩුයි. ගස් ආදියේ පර්‍ය්‍යාය වචන ප්‍රකාශ කරන්නාවූ ශාස්ත්‍රයයි. කෙටුභ යනු යාග ක්‍රියා පිළිබඳවූ කල්පනම් වේදාංග විධියකි. කවීන්ට උපකාර වීම සඳහා වූ ශාස්ත්‍රයකි. අක්‍ෂර ප්‍රභේදයෙන් සමන්විත වූයේ සාක්‍ඛරප්පභෙදං නමි. අක්‍ඛරප්පභෙදො යනු ශික්‍ෂාව සහ නිරුක්තියයි. ඉතිහාසපඤමානං යනු අථර්වවේදය සතරවැනි කොට ඉතිහ ආස, ඉතිහාආස යන මෙබඳු වචන ප්‍රතිසංයුක්තවූ පුරාණකථා සංඛ්‍යාතවූ හෝ ක්‍ෂත්‍රවිද්‍යා, සංඛ්‍යාතවූ හෝ ඉතිහාසය පස්වැනි කොට ඇත්තේ මොවුන්ටනුයි. ඉතිහාසපඤ්චමා නමි. ඒ ඉතිහාසය පස්වැනි කොට ඇති ඒවායේයි.
පදයද එයින් අතිරේකවූ ව්‍යාකරණයද උගනියි, දනීය යන්නෙන් පදකො චෙය්‍යාකරණො නම්වෙයි. විතණඩවාද ශාස්ත්‍රය ලොකායතං යි කියනු ලැබේ. මහාපුරිසලක්‍ඛණං යනු බුද්ධාදී මහාපුරුෂයන්ගේ ලක්‍ෂණ ප්‍රකාශ කරන්නාවූ දොළොස් දහසක් පමණවූ ග්‍රන්‍ථප්‍රමාණයක් ඇති ශාස්ත්‍රයයි. යම් තැනක සොළොස් දහසක ගාථාපද ප්‍රමාණයක් ඇත්තේ බුද්ධමන්ත්‍රයෝ නම් වූවාහුද ඒ අනුව මේ ලක්‍ෂණයෙන් යුක්තවූවෝ බුදුවරු නම්වෙත්. මෙයින් පෙසේ බුදුවරු නම් වෙත් අගසව් දෙදෙනාය. අසූමහසව්වෝය, බුදුමවය, බුදුපියාය, අග්‍රඋපස්ථායකයෝය., අග්‍රඋපස්ථායිකාවෝය. සක්විති රජයයි මේ විශේෂය දැනගනියි. අනවයො යනු මේ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයන්හි නොඅඩුවූයේ සම්පූර්‍ණ කරන්නේ ඒවා අර්‍ත්‍ථ හා ග්‍රන්‍ථවශයෙන් එක්කොට ගැන්මට නොහැක්කෙක් නොවන්නේයි කියනලද්දේයි. අවයො නම් ඒවා අර්‍ත්‍ථවශයෙන්ද ග්‍රන්‍ථවශයෙන්ද නොකඩ කොට පැවැත්වීමට නොහැකි වන්නායි.
තෙනහි යන මෙය භාග්‍යවතුන්වහන්සේ ඒ ආයාචනය දැක දැන් මොහුට ප්‍රශ්නයක් කීමට කාලයයි දැන ‘ඒ අදහසින් යම් හෙයකින් මට ආයාචනය කෙළෙහිද එහෙයින් අසව’යි වදාළ සේක. විවිචේචව කාමෙහි යන ආදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි එය ත්‍රිවිධ විද්‍යාවන්ගේ පුර්‍වභාග ප්‍රතිපත්ති දැක්වීම සඳහා කියනලදැයි දතයුතුය. එහි විද්‍යාදෙකක වචනයක් පාසා වර්‍ණනාවද භාවනාක්‍රමයද විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය.