3. 1. 2. 5
පස්වැන්නෙහි ඉසිපතනෙ යනු බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ සංඛ්‍යාතවූ සෘෂීන් දම්සක පැවැත්වීම සඳහා මෙන්ම පොහොය කිරීම සඳහාද අවුත් රැස්වීමෙහි, එක්රැස්වනතන්හි යන අර්‍ත්‍ථයයි. පදනෙ යනුද පාඨයි මේ අර්‍ත්‍ථයමය. මිගදායෙ යනු මුවන්ට අභය සඳහා දෙනලද තන්හියි. ඡභිමාසෙහි ඡාරත්තුනෙහි යනු හෙතෙම රජුවිසින් අණකරනලද දිනයෙහිම සියලු උපකරණ පිළියෙළකොට ඇතැවැස්සන් සමඟ අරණට පිවිස ගම්දොර ගම්මැද, දෙවකුල සුසානාදියෙහි සිටිගස්ද දැවුණු වැටුණු වියළුණු ගස්ද අතහැර සමෘද්ධවූ ප්‍රදේශයෙහි පිහිටි සියලු දොස්රහිත නැබ අර නිම්වලලුවලට සුදුසු ගස්ගෙන ඒ රෝදය කළේය. ගස් විමසාබලා ගන්නාවූද (රෝදය) කරන්නාවූද ඔහුට මෙපමණ කලක් ඉක්මියේය. එහෙයින් ඡභිමාසෙහි ඡාරතතුනෙහි (සය රැයක් අඩු සමසකිනි)යි කියනලදී. නානාකරණං යනු නොයෙක්බවයි. (නානත්වයයි) නෙසං යනු ඔවුන්ගේ නොවේ යනුයි. අත්‍ථෙසං යනු ඔවුන්ට ඇත යනුයි. අභිසංඛාරස්ස ගති යනු ප්‍රයෝගයාගේ ගමනයි. චිඞ්ගුලායිත්‍වා යනු කැරකවීයි. අක්‍ඛාභතං මඤේඤ යනු අක්‍ෂයෙහි (අලවංගුවෙහි) පිවිස සිටියාක් මෙනි.
සදොසා යනු ගඩුසහිත උස්පහත් තැන් ඇතියි. සකසාවා යනු කුණුවූ හරයෙන් හා ඵලයෙන් යුත්. කායවඞ්කා යනාදිය කායදුශ්චරිතයන්ට නම්ය. එවං පපතිකා යනු මෙසේ ගුණවැටීමෙන් (ගුණපිරිහීමෙන්) වැටුණාවූයි. එවං පතිට්ඨිතා යනු මෙසේ ගුණයන්ගෙන් පිහිටියි. එහි ලෞකික මහාජනයා පපතිතා (වැටුනාහු)) නමි. සෝවාන් ආදීහු පතිට්ඨිතා (පිහිටියානු) නමි. ඔවුනතුරිනුදු මුල් තුන කෙලෙසුන් පවත්නා කෙණෙහි පපතිතා නමි. ක්‍ෂීණාශ්‍රවයා වනාහි ඒකාන්තයෙන්ම පිහිටියේ නමි. තස්මා යනු යම්හෙයකින් ප්‍රහීනනොවූ කාය දුශ්චරිතාදිය වැටෙයිද ප්‍රහීන කායදුශ්චරිතාදිය පිහිටයිද එහෙයිනි. කාය දුශ්චරිචරිතාදීන්ගේ ප්‍රහානයමෙසේ දතයුතුය. පරපණ නැසී, නොදුන්දෙය ගැනීම( කාමයෙහි) වැරදි හැසිරීම, බොරුකීම, කේළාම්කීම, මිත්‍ථ්‍යාදෘෂ්ටිය යන මෙම සය සෝවාන් මගින් ප්‍රහීනවෙයි. රළුවචන කීම, දැඩි ක්‍රොධය යන දෙක අනාගාමී මාර්‍ගයෙන්ද දැඩිලෝභය, හිස් වචන කීම දැඩි ක්‍රොධය යන දෙක අනාගාමී මාර්‍ගයෙන්ද දැඩිලෝහය, හිස් වචන කීම යන දෙක අරහත් මගින්ද ප්‍රහීනවෙයි.
3. 1. 2. 6
සවැන්නෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරුද්ධ ප්‍රතිපදාවයි. ඒකාන්තවූ ප්‍රතිපදාවයි, නෛර්‍ය්‍යානික ප්‍රතිපදාවයි. කාරණප්‍රතිපදාවයි. සාරප්‍රතිපදාවයි. උසස්ප්‍රතිපදාවයි. සතුරුනොවන ප්‍රතිපදාවයි. අනුලෝම ප්‍රතිපදාවයි. ධර්‍මානුධර්‍මප්‍රතිපදාවයි. පටිපන්නො හොති යනු තර්‍කයෙන් ගැනීමෙන් නොවේ. නයග්‍රාහයෙන් නොවේ. මෙසේ ගෙන පිළිපන් භික්‍ෂුව හෝ භික්‍ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ දෙවිමිනිස් නිවන් සැපත්වලින් පිරිහෙයි. අපණ්ණක ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වනාහි ඒ සැපත්වලින් නොපිරිහෙයි. අතීතයෙහි කතර දුරුමගට පිළිපන් සාර්ථවාහකයන් දෙදෙනා අතුරින් යක්‍ෂයාගේ වචනය පිළිගෙන මෝඩ තවලම සමඟ නොයෙක් උවදුරුවලට පැමිණි සාර්ථවාහකයාද යක්‍ෂයාගේ වචනය පිළි නොගෙන දියදුටුතැන දිය විසිකරන්නෙමැයි තවලමට හඟවා මගට පිළිපන් පණ්ඩිත සාර්ථ වාහකයාද මෙනි. යමක් සඳහා කියනලද්දේද?
ඇතැම්හු සාර තැනද තාර්කිකයෝ දෙවැනි තැනද ප්‍රකාශකළහ. නුවණත්තේ මෙය දැන යමක් සාරවේද එය පිළිගන්නේය.
යොනිචස්ස ආරද්ධා හොති යනු මෙහි යොනි යනු ස්කන්‍ධ කොට්ඨාශයටද කාරණයටද ප්‍රසවමාර්‍ගයටද නමකි. ‘චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො’ යනාදියෙහි ස්කන්‍ධ කොට්ඨාශය යොනි නමි. ‘යොනි හෙසා භූමිජ ඵලස්ස අධිගමාය’ යනාදියෙහි කාරණයයි. නචාංහ බ්‍රාහමණං බ්‍රැමි යොනිජං මත්තිසම්භවං’ හා තමෙනං කම්මජවාතා නිබ්බත්තත්‍වා උද්ධපාදං අධොසිරං සම්පරිවතේතත්‍වො මාතු යොනිමුඛෙ සම්පටිපාදෙන්ති’ද යනාදියෙහි ප්‍රසවමාර්‍ගයයි. මෙහි වනාහි කාරණය අදහස් කරනලදී. ආරද්ධා යනු එසවූ, පිරිපුන්ය.
ආසවානං ඛයාය යනු මෙහි වැගිරෙත්නුයි ආසවා නමි. ඇසින්ද -පෙ- මනසින්ද වැගිරෙත් ගලාබසිත්යයි කියනලද්දේවෙයි. ධර්‍මයෙන් ගොත්‍රභූ (මාර්‍ගසිත පළමුවෙන් උපදනා) සිත දක්වා අවකාශයෙන් භවාග්‍රය දක්වා වැගිරෙත්නුයි හෝ ආසවා නමි. මේ ධර්‍මයන්ද මේ අවකාශයද ඇතුළත් කොට ගලාබසිත්ය යන අර්‍ත්‍ථයි. මේ ආකාරය ඇතුළත් කිරීමේ අරුත් ඇත්තේයි. බොහෝ කල් රැඳී (කැවී) තිබීමේ අරුතින් සුරා ආදී ආසවයන් වැනිය යන්නෙන්ද අාසවා නමි. ලෝකයෙහි බොහෝ කලක් පැසවන සුරා ආදිය ආසවයයි කියනු ලැබේ. ඉදින්, බොහෝකල් පැසවීම් අරුතින් ආශ්‍රවයෝ මේවාම වීමට සුදුසුවෙත්ද (එහෙයින්) මෙය කියනලදී: ‘මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීයයි අවිද්‍යාවේ පෙර කෙළවර නොපැනෙයි.’ දීර්‍ඝවූ සංසාර දුක වගුරත් ගලාබස්වත් යනුවෙන්ද ආශ්‍රවයෝයි. යම් තැනක ක්ලේශයෝ ආශ්‍රවයයි. එත්ද එහි මුල් නිර්වචනයෝ යෙදෙත් (සුදුසුවෙත්) හුදෙක් කර්‍මක්ලේශයෝම ආශ්‍රවයෝ නොවෙත්. තවද නොයෙක් ආකාර උපද්‍රවයෝද ආශ්‍රවයෝ වෙත්. ‘චුන්‍දය, මම ඉහාත්මයෙහිවූ ආශ්‍රවයන්ගේම සංවරය සඳහා ධර්‍මය නොදෙසමි’ යනාදිය සූත්‍රයන්හි එයි. මෙහි විවාදයට මුල්වූ ක්ලේශයෝ ආශ්‍රයෝයයි දක්වනලදහ.
‘යම් ආශ්‍රවයකින් දිව්‍යඋත්පත්යි වන්නේද ගන්‍ධර්‍වයෙක් හෝ පක්‍ෂියෙක් වන්නේද යම් ආශ්‍රවයකින් යක්‍ෂබවට යන්නේද මනුෂ්‍යත්වයට හෝ යන්නේද ඒ මගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. නසනලද්දාහ. විනාශ කරනලද්දාහ.’ යන මෙහි ත්‍රෛභූමික කර්‍මයද ඉතිරි අකුශලධර්‍මයෝද (ආශ්‍රවයෝ) වෙත්.
‘මෙම අත්බවට අයත් ආශ්‍රවයන්ගේ සංවරය සඳහා, පරලොවට අයත් ආශ්‍රවයන් නසනු සඳහා’ යන මෙහි අනුන්ගේ දොෂාරෝපන, විපිළිසරවීම්, වධබන්‍ධන ආදියද අපා දුක්වූ නොයෙක් ආකාර උපද්‍රවයෝද වෙත්.