3. 1. 2. 4
සතර සංග්රහ වස්තූන්ගෙන් ජනයා සතුටු කරවන්නේනුයි රාජා නමි. චක්රය පෙරලන්නේනුයි චක්කවත්ති නමි ඔහුට ධර්මය ඇත්තේනුයි ධම්මිකො නමි. ධර්මයෙන් මෙන්ම දසවිධවූ සක්විති වත්වලින් රජවූයේනුයි ධම්මරාජා නමි. සොපි න අරාජකං යනු හෙතෙමේත් වෙනත් ආශ්රය කළයුතු රජවරුන් නොලැබ චක්රය පවත්වන්නට නොහැකිවන්නේය. යන අරුත්ය. මෙසේ ශාස්තෘන්වහන්සේ දෙසුම පිහිටුවා අනුසන්ධියට නොපමුණුවාම නිශ්ශබ්දවූසේක. කුමක් හෙයින්දයත්? අනුසන්ධියෙහි (ගැලපීමෙහි) දක්ෂවූවෝ නැඟිට අනුසන්ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ (ගැලපීමෙහි) දක්ෂවූවෝ නැඟිට අනුසන්ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ භික්ෂූහු බොහෝය. ඉක්බිති මම ඔවුන් විසින් විමසනලද්දෙමි දෙසුම වඩන්නෙමි (යන අදහසිනි). ඉක්බිති එක් අනුසන්ධියෙහි දක්ෂවූ භික්ෂූවක් භාග්යවතුන්වහන්සේත් ඔහුට විවරණය කරණසේක් ‘මහණ, ධර්මය’ යනාදිය දෙසූසේක.
එහි ධමේමා යනු දශකුශලකර්මපථ ධර්මයයි. ධම්මං යනු ඒ කියනලද ආකාර ඇත්තාවූම ධර්මයයි. නිස්සාය යනු ඒ අධිෂ්ඨාන සිතින් එයම නිශ්රයකොටයි. ධම්මං සක්කරොනෙතා යනු යම්සේ කරනලද ඒ ධර්මය මනාව කරනලද්දේවේද එසේ එය කරන්නෙයි. ධම්මං ගරු කරොන්තො යනු ඒ ධර්මය කෙරෙහි ගෞරව ඉපදවීමෙන් එයට ගරුකරන්නේයි. ධම්මං අපචායමානො යනු ඒ ධර්මයටම ඇදිලිබැඳීම් ආදියෙන් පහත් පැවතුම් ඇතිබව කරන්නේයි. ධම්මධජො ධම්මකෙකු යනු ඒ ධර්මය ධජයක් මෙන් පෙරටුකොට කොන්තයක් මෙන් ඔසවා පැවතීමෙන් ධම්මධජයවූයේද ධර්මකේතුවූයේද වී යන අරුත්ය. ධම්මාධිපතෙය්යො යනු ධර්මයෝ අධිපතිවූවාහුය. පැමිණි බැවින්ද ධර්මවශයෙන් සියලු ක්රියාකිරීමෙන් ධර්මයේ අධිපතිබව ඇත්තෙක් වී ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති යනු ධර්මය එයට ඇත්තේනුයි ධම්මික නමි. ආරක්ෂාවද ආවරණයද පාලනයද රක්ඛාවරණගුත්තියි. එහි ‘අනුන් රක්නේ තමන් රකී’ යන වචනයෙන් ක්ෂාන්ති ආදිය ආරක්ෂාවයි. මෙය කියනලද්දේය: ‘මහණෙනි, කෙසේ නම් අනුන් රක්නේ තමන් රකියිද? ක්ෂාන්තියෙන් අවිහිංසාවෙන් මෛත්රීසිතින් හා කරුණාවෙනි.’ හැදීම් පෙරවීම් නිවාස ආදිය ආවරණයයි. සොර ආදී උවදුරු නැවැත්ව සඳහා පාලනය ගුත්තියි. ඒ සියල්ලම මනාව සංවිධානය කරයි. පවත්වයි. තබයි යන අරුත්ය.
දැන් යම්තැනක එය සංවිධානය කළයුතුද එය දක්වන්නේ අනතොජනස්මිං යනාදිය කීය. මේ එහි සැකෙවින් අරුතයි: ඇතුළතජනයා නම්වූ අඹුදරුවන් සීලසංවරයේ පිහිටුවමින් ඇඳුම්ගඳ මල්ආදිය ඔවුනට දෙමින් ඔවුන් සියලු උවදුරුවලින් වළහමින් ධාර්මිකවූ රක්ෂාවරණගුප්තිය සංවිධානය කරන්නේ නමි. ක්ෂත්රියාදීන් කෙරෙහිද එම ක්රමයමයි. මේ වනාහි විශේෂයයි: අභිෂෙක කරනුලැබූ ක්ෂත්රියයෝ යහපත් ආජනෙය අශ්වාදීරත්න ප්රදානයෙන්ද පිරිනැමිය යුත්තාහ.(පාලනයෙහි) යොදනුලැබූ ක්ෂත්රියයෝ ඔවුනට ගැලපෙන යානවාහනාදියෙන් සතුටු කරවිය යුත්තාහ. යුදහමුදාව කල් නොයික්මවා බත්වැටුප් දීමෙන් අනුග්රහ කළයුතුය. බමුණෝ ආහාරපාන වස්ත්රාදී දෙය්යධර්මයෙන්ද ගෘහපතියෝ බත් බිජු නඟුල් ගොනුන් ආදිය දීමෙන්ද එසේම නියම්ගම්වැසි නෙගමිකයෝද ජනපදවාසී ජානපදිකයෝද සැලකිය යුත්තාහ. සිංසඳවූ පව්ඇති බහාතැබූ පව්ඇති ශ්රමණබ්රාහ්මණයෝ ශ්රමණ පරිෂ්කාර දීමෙන් සත්කාර කළයුත්තාහ. මෘගපක්ෂීහු අභය දානයෙන් අස්වැසියයුත්තාහ.
ධමේමනෙව චක්කං වතේතති යනු දශකුශලකර්මපථ ධර්මයෙන්ම පවත්වයි. තං හොති චක්කං අප්පතිවත්තියං යනු එයින් මෙසේ පවත්වන ලද ආඥාචක්රය ආපසු හැරවිය නොහැක්කේ වෙයි. කෙනචි මනුස්සභූතෙන යනු දෙවියෝ නම් තමන් කැමති කැමති දෙයක්ම කරත්. එබැවින් ඔවුන් නොගෙන මිනිසකුවිසනැයි කියනලදී. පච්චත්ථිකෙන යනු අයහපත කැමති වන්නා විසින්, සතුරකුවිසිනැයි අරුත්ය. ධම්මිකො යනු සක්විති රජ දශකුශලකර්මපථශයෙන් ධාර්මිකය. තථාගතයන්වහන්සේ වනාහි නවලෝකෝත්තර ධර්මවශයෙන් ධාර්මිකය. ධම්මරාජා යනු නව ලොකොත්තර ධර්මයන්ගෙන් මහජනයා සතුටුකෙරේනුයි ධම්මරාජා නමි. ධම්මංයෙච යන නවලෝකොත්තර ධර්මයම ඇසුරුකොට එයටම සත්කාර කරමින් එයටම ගරුකරමින් එයටම වැදුම්පිදුම් කරමින්ය. උන්වහන්සේට එම ධර්මය මතුව ඒමේ අරුතින් ධජයවූයේනුයි ධම්මධජො නමි. එයම උන්වහන්සේගේ කුන්තයවූයේනුයි ධම්මකෙතු නමි. ධම්මිකං රක්ඛාවරණගුත්තිං යනු ලෞකික ලොකොත්තර ධර්මයෙන් දෙන්නාවූ ආරක්ෂාවද ආවරණයද ගුප්තියදවේ. සංචිදහති යනු තබයි. පනවයි. එවරූපං යනු ත්රිවිධවූ කාය දුශ්චරිතය නොසෙවිය යුතුය., සුචරිතය සෙවියයුතුයයි මෙසේ සියලු තන්හි අත්ථිය දතයුතුය. සංවිදභිත්වා යනු තබා කියායි. ධමේමනෙව අනුත්තරං ධම්මචක්කං පවතේතති යනු නවලොකොත්තර ධර්මයෙන්ම අසමානවූ ධර්මචක්රය පවත්වයි. තං හොති චක්කං අප්පතිවත්තියං යනු මෙසේ පවත්වනලද ධර්මචක්රය මේ ශ්රමණාදීන් අතුරෙන් එකෙකු විසිනුදු පැවැත්වීමට, යටපත් කිරීමට නොහැකිය. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.