3. 1. 2. 3
තෙවෙනි සනේතා යනු ඇත, ලබත් යනුයි. සංවිජ්ජමානා යනු එහිම පර්‍ය්‍යාය වචනයි. ලොකස්මිං යනු සත්වලෝකයෙහියි. නිරාසො යනු ආසා නැත්තේයි. නොපතන්නේයි. ආසංසො යනු කැමතිවනුලබන්නේ පතනුලබන්නේයි. විගතාසො යනු පහවූ ආශා ඇත්තේයි. චණ්ඩාලකුලෙ යනු සැඩොලුනගේ කුලයෙහිය. වෙනකුලෙ යනු මුවවැද්දන්ගේ කුලයෙහිය. රථකාරකුලෙ යනු සම්පදම්කරන කුලයෙහිය. පුක්කුසකුලෙ යනු කසලශෝධක කුලයෙහිය.
මෙපමණකින් කුලවිපත්තිය දක්වා දැන් යම්හෙයකින් පහත් කුලයෙහි උපන්නේවුවද ඇතමෙක් ආඪ්‍යවූයේ මහත් ධනය ඇත්තේවෙයිද මෙතෙම වනාහි එබන්දෙක් නොවේ. එබැවින් ඔහුගේ භෝග විපත්තිය දැක්වීමට දළිදේද යන ආදිය ප්‍රකාශකළසේක. එහි දළිදේද යනු දිළිඳුබවින් යුක්තවූයේයි. අප්පන්නපානභොජනෙ යනු අඩු ආහාරපාන බොජුනෙහිය. කසිරවුත්තිකෙ යනු දුෂ්කර ජීවිකාවෙහිය. යම් තැනක උත්සාහයෙන් ප්‍රයෝගයෙන් ජීවිකාවෘත්තිය සාධා ගනිත්ද එබඳුවූ යන අරුත්ය. යම් තැනක කසිරෙන ඝාසච්ඡාදො ලබ්හති යනු යම්කුලයක දුකසේ කැඳබත් අහරද රහසඟ (විලිවසන) පමණ ඇඳුමද ලබයි යනුයි.
දැන් යම්හෙයකින් ඇතමෙක් පහත්කුලයක උපන්නේද උපධිසම්පන්න වෙයිද ආත්මභාව සමෘද්ධියෙහි සිටියේවෙයි. මෙතෙමේද එවැන්නෙක් නොවෙයි. එබැවින් ඔහුගේ ශරීර විපත්තියද දැක්වීමට හෙතෙම දුර්වර්ණ වේ යනාදිය පැවසූහ. එහි දුබ්බණණෝ යනු පංශුපිශාචකයෙකු මෙන් දැවුණු කණුවක පැහැය ඇත්තේයි. දුද්දසිකො යනු වැදූ මවටද නොකැමැති දැකුම් ඇත්තේයි. ඔකොටිමකො යනු අඟුටුමිටිටායි. කාණො යනු එකැස් කණා හෝ දෙඇස් කණායි කුණී යනු එක් අතක් කොර වූයේ හෝ දැත කොරවූයේයි. ඛඤේජා යනු එක් පයක් කොර වූයේ හෝ දෙපස කොරවූයේ හෝයි. පක්ඛහතො යනු නටුවාවූ පැත්තක් ඇති පිළායි. පදීපෙය්යස්ස යනු තෙල් කබලු ආදී පහන් උපකරණවල යනුයි. තස්ස න එවං හොති යනු කුමක් හෙයින් නොවේද? පහත් කුලයෙහි උපන්බැවිනි.
ජෙටේඨා යනු වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු ඇතිකල්හි කනිටු තැනැත්තේ කැමති නොවෙයි. එහෙයින් ජ්යෙෂ්ඨයයි කියනලදී. ආභිසෙකො යනු ජ්‍යෙෂ්ඨයායි. හෙතෙමේත් අභිෂෙකයට සුදුසු නොවූයේ ආහා නොකරයි. එහෙයින් ආභිසෙකොයි කියනලදී. අනභිසිතේතා යනු අභිෂෙකයට සුදුසුවූයේද කණකොර ආදීදොස් රහිතවූයේ වරක් අභිෂෙක කරන ලද්දේ යළි අභිෂෙකයෙහි ආශා නොකරයි. එහෙයින් අනභිසිතේතා යි කියනලදී. මචලපත්තො යනු අචලප්රාප්තවූයේයි. ජ්‍යෙෂ්ඨ වූයේද අබිෂෙකයට නොසුදුසුවූයේ අභිෂේක නොකරනලද්දේ මෝඩුවූයේ උඩුකුරුව හෝනේ හෙතෙමේත් අභිෂේකයෙහි ආශා නොකරයි. සොළොස්වියැති පෙනෙනුලබන රැවුල ඇත්තේ මචලපත්තො නම්වෙයි. මහත්වූ රාජ්‍යයද විචාරීමට සමතෙකි. එහෙයින් මචලපත්තො කියනලදී. තස්ස එවං හොති යනුවෙන් මහත්ජාති ඇතිබැවින් කෙසේවේද?
දුස්සීලො යනු සිල් නැත්තේයි. පාපඨමේමා යනු පහත් ධර්මයයි. අසූචි යනු අපිරිසිදුවූ කායකර්‍මාදියෙන් යුක්තවූයේයි. සඞ්කස්සරසමාචාරො යනු සැකයෙන් සිහිකළ යුතු සමාචාරයයි. කිසියිම් නොසුදුසු දෙයක් දැක මෙය මොහුවිසින් කරනලද්දේවන්නේයයි මෙසේ අනුන්ගේ සැකකටයුතු සමාචරය වෙයි. පටිච්ඡන්නකම්මන්තො යනු වැසියයුතුවූ පාකර්මයකින් යුක්තවූයේයි. අස්සමණො සමණපටිඤෙඤා යනු අශ්රමණයෙකු වෙමින් ශ්‍රමණ ප්රතිරූපකත්වයෙන් මම ශ්රමණයෙක්මියි මෙසේ පිළිණකරනලද්දේයි. අබ්රහම්චාරී බ්‍රහ්මචාරී පටිඤේඤ යනු මනාව හඳිනලද මනාවපොරවන ලද පාත්‍ර දරන්නාවූ ගම්නියම් රාජධානීන්හි පිඬු පිණිස හැසිර ජීවිකාව කරන්නාවූ අනෙක් බ්‍රහ්මචාරීන් දැක තෙමේද එබඳුවූ ආකාරයෙන් එසේ පිළිපදනාබැවින් මම බ්රහ්මචාරියෙක්මියි පිළිණ දෙන්නෙකු මෙන්වෙයි. මම භික්ෂුවකැයි පවසා පොහොයගෙවල් ආදියට පිවිසෙන්නේ බ්රහ්මචාරීප්රතිඥා ඇත්තෙක්වේමය. එසේම සංඝිකලාභය ගන්නේ ද (එසේවේ.) අන්තොපූති යනු අපිරිසිදු කර්මයෙන් ඇතුළට පිවිසියේයි. අවස්සුතො යනු රාගාදියෙන් මැඬුනේයි. කසම්බුජාතො යනු හටයගත් රාගාදී කසල ඇත්තේයි. තස්ස න එවං හොති යනු කුමක්හෙයින් නොවේද? ලෝකෝත්තරධර්‍ම උපනිශ්‍රයක් නොමැතිබැවිනි. තස්ස එවං හොති යනු කුමක් හෙයින් වේද යත්? මහාශීලයක සපිරිමක් කරන බැවිනි.
3. 1. 2. 4
සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයා සතුටු කරවන්නේනුයි රාජා නමි. චක්‍රය පෙරලන්නේනුයි චක්කවත්ති නමි ඔහුට ධර්මය ඇත්තේනුයි ධම්මිකො නමි. ධර්මයෙන් මෙන්ම දසවිධවූ සක්විති වත්වලින් රජවූයේනුයි ධම්මරාජා නමි. සොපි න අරාජකං යනු හෙතෙමේත් වෙනත් ආශ්‍රය කළයුතු රජවරුන් නොලැබ චක්‍රය පවත්වන්නට නොහැකිවන්නේය. යන අරුත්ය. මෙසේ ශාස්තෘන්වහන්සේ දෙසුම පිහිටුවා අනුසන්ධියට නොපමුණුවාම නිශ්ශබ්දවූසේක. කුමක් හෙයින්දයත්? අනුසන්ධියෙහි (ගැලපීමෙහි) දක්ෂවූවෝ නැඟිට අනුසන්ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ (ගැලපීමෙහි) දක්ෂවූවෝ නැඟිට අනුසන්ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ භික්ෂූහු බොහෝය. ඉක්බිති මම ඔවුන් විසින් විමසනලද්දෙමි දෙසුම වඩන්නෙමි (යන අදහසිනි). ඉක්බිති එක් අනුසන්ධියෙහි දක්ෂවූ භික්ෂූවක් භාග්‍යවතුන්වහන්සේත් ඔහුට විවරණය කරණසේක් ‘මහණ, ධර්මය’ යනාදිය දෙසූසේක.