3. 1. 2. 2
දෙවැන්නෙහි ඛත්තියස්ස යනු උපතින් ක්ෂත්රියයාගේය. මුද්ධාවසිත්තස්ස යනු රාජ්‍යාභිෂේකයෙන් හයිස්මුදුනෙහි අභිෂේක කරනලද්දහුගේය. සාරාණීයානි හොන්ති යනු සිහිකළයුතුවූවාහු අමතකනොකළයුතුවූවාහු වෙත්. ජාතො යනු උපන්නාවූයි. යාවජීවං සාරාණියං යනු කුඩාකල්හි දැනීමට නොහැක. පසුකළෙක මාපියාදීන් හෝ නෑයන් විසින් හෝ ඥාතීන් විසින් හෝ දාසාදීන් විසින් හෝ නුඹ අසුවල් දනව්වෙහි අසුවල් නුවරෙහි අසුවල් දිනයෙහි අසුවල් නැකතෙහි උපන්නෙහියයි කියනලදකල අසා එතැන්පටන් දිවිඇතිතෙක් සිහිකරයි. අමතක නොකරයි. එහෙයින් දිවිඇතිතෙක් සිහිකටයුතුවූයේයයි කියනලදී
මහණෙනි, මේ දෙවැනි අභිෂේකස්ථානයනම් රජුට බෙහෙවින් සතුට ඇතිකරන්නෙවෙයි. එබැවින් ඔහුට දිවිඇතිතෙක් සිහිකටයුතු දෙයකි. යුදයෙන් ජයගත් තැන්හිද මේ ක්‍රමයමයි. මෙහි වනාහි සඞ්ගාමං යනු යුද්ධයයි. අභිවිජිනිත්වා යනු දිනා, සතුරන් මැඬය. තමෙව සඞ්ගාමසීසං යනු ඒ සංග්රාමස්ථානයමයි. අජ්ක්ධවසති යනු මැඩපවත්වා වෙසෙයි.
දැන් යම්හෙයකින් සම්බුදුන්වහන්සේට රජුගේ උපන් තැන් ආදියෙන් කළයුතු වැඩක් නැත්ද මේ සසුනෙහි ඊට සමානවූ පුද්ගලයන් තිදෙනකු දැක්වීමට මෙකරුණ ගෙනෙනලදී. එබැවින් ඔවුන් දක්වනසේක් මහණෙනි එසේම යනාදිය වදාළසේක. එහි අනගාරියං පබ්බජිතො හොති යන මෙහි චතුපාරිශුද්ධි ශීලයද පැවිද්ද ඇසුරුකොට ඇත්තක්මයයි දතයුතුය. සාරාණියං හොති යනු මම අසුවල් රටෙහි අසුවල් දනව්වෙහි අසුවල් විහාරයෙහි අසුවල් මලුවෙහි අසුවල් දිවාස්ථානයෙහි අසුවල් සක්මණෙහි අසුවල් ගසමුල පැවිදිවූයෙමැයි මෙසේ දිවි ඇතිතෙක් සිහිකටයුත්තේම වෙයි. අමතක නොකළ යුතුය.
ඉදං දුක්ඛං යනු මෙපමණක් දුකය, මෙයින් මතු දුකක් නැත. අයං දුක්ඛසමුදයො යනු මෙපමණක් දුකේ හටගැනීමය. මෙයින් උඩ දුකේ හටගැනීමක් නැත. සෙසු පද දෙකෙහිම මෙම ක්‍රමයමයි. මෙසේ මෙහි චතුරාර්ය්යසත්යයන්ගෙන් සෝවාන් මග කියනලදී. කසිණ පරිකර්ම විදර්ශනාඥානයෝ මාර්ගය ඇසුරුකොට ඇත්තෝමවෙත්. සාරාණීයං හොති යනු මම අසුවල් රටෙහි -පෙ- අසුවල් ගසමුල, සෝවාන් වූයෙමැයි දිවිඇතිතෙක් සිහිකටයුතුවූයේ වෙයි. අමතක නොකළයුතුවූයේ වෙයි.
ආසාවානංඛයා යනු ආශ්‍රවයන් ක්ෂයවීමෙනි. චෙතොවිමුත්ති යනු ඵලසමාධියයි. පඤ්ඤාවිමුත්ති යනු ඵලර්පඥාවයි. සයං අභිඤ්ඤා සච්ඡිකත්වා යනු තමාවිසින්ම අතිවිශිෂ්ටවූ ප්‍රඥාවෙන් ප්රත්යක්ෂකොටයි. උපසම්පජ්ජවිහරති යනු ලැබ වසයි. සාරාණීයං යනු මවිසින් අසුවල් තැන -පෙ- අසුවල් ගස මුල රහත්බවට පැමිණෙනලදැයි තමන් රහත්බවට පැමිණි තැන නම් දිවි ඇතිතෙක් සිහිකටයුතු වූයේවෙයි. අමතක නොකළයුතුයයි අනුසන්ධි වශයෙන්ම දෙසුම නිමකළ සේක.
3. 1. 2. 3
තෙවෙනි සනේතා යනු ඇත, ලබත් යනුයි. සංවිජ්ජමානා යනු එහිම පර්‍ය්‍යාය වචනයි. ලොකස්මිං යනු සත්වලෝකයෙහියි. නිරාසො යනු ආසා නැත්තේයි. නොපතන්නේයි. ආසංසො යනු කැමතිවනුලබන්නේ පතනුලබන්නේයි. විගතාසො යනු පහවූ ආශා ඇත්තේයි. චණ්ඩාලකුලෙ යනු සැඩොලුනගේ කුලයෙහිය. වෙනකුලෙ යනු මුවවැද්දන්ගේ කුලයෙහිය. රථකාරකුලෙ යනු සම්පදම්කරන කුලයෙහිය. පුක්කුසකුලෙ යනු කසලශෝධක කුලයෙහිය.
මෙපමණකින් කුලවිපත්තිය දක්වා දැන් යම්හෙයකින් පහත් කුලයෙහි උපන්නේවුවද ඇතමෙක් ආඪ්‍යවූයේ මහත් ධනය ඇත්තේවෙයිද මෙතෙම වනාහි එබන්දෙක් නොවේ. එබැවින් ඔහුගේ භෝග විපත්තිය දැක්වීමට දළිදේද යන ආදිය ප්‍රකාශකළසේක. එහි දළිදේද යනු දිළිඳුබවින් යුක්තවූයේයි. අප්පන්නපානභොජනෙ යනු අඩු ආහාරපාන බොජුනෙහිය. කසිරවුත්තිකෙ යනු දුෂ්කර ජීවිකාවෙහිය. යම් තැනක උත්සාහයෙන් ප්‍රයෝගයෙන් ජීවිකාවෘත්තිය සාධා ගනිත්ද එබඳුවූ යන අරුත්ය. යම් තැනක කසිරෙන ඝාසච්ඡාදො ලබ්හති යනු යම්කුලයක දුකසේ කැඳබත් අහරද රහසඟ (විලිවසන) පමණ ඇඳුමද ලබයි යනුයි.
දැන් යම්හෙයකින් ඇතමෙක් පහත්කුලයක උපන්නේද උපධිසම්පන්න වෙයිද ආත්මභාව සමෘද්ධියෙහි සිටියේවෙයි. මෙතෙමේද එවැන්නෙක් නොවෙයි. එබැවින් ඔහුගේ ශරීර විපත්තියද දැක්වීමට හෙතෙම දුර්වර්ණ වේ යනාදිය පැවසූහ. එහි දුබ්බණණෝ යනු පංශුපිශාචකයෙකු මෙන් දැවුණු කණුවක පැහැය ඇත්තේයි. දුද්දසිකො යනු වැදූ මවටද නොකැමැති දැකුම් ඇත්තේයි. ඔකොටිමකො යනු අඟුටුමිටිටායි. කාණො යනු එකැස් කණා හෝ දෙඇස් කණායි කුණී යනු එක් අතක් කොර වූයේ හෝ දැත කොරවූයේයි. ඛඤේජා යනු එක් පයක් කොර වූයේ හෝ දෙපස කොරවූයේ හෝයි. පක්ඛහතො යනු නටුවාවූ පැත්තක් ඇති පිළායි. පදීපෙය්යස්ස යනු තෙල් කබලු ආදී පහන් උපකරණවල යනුයි. තස්ස න එවං හොති යනු කුමක් හෙයින් නොවේද? පහත් කුලයෙහි උපන්බැවිනි.