3. 1. 2. 10
දසවැන්නෙහි චක්‍ඛුමා යනු නුවණැසින් ඇස් ඇත්තේ වෙයි. විධුරො යනු විශිෂ්ට ධුර ඇත්තේ උත්තමධුර ඇත්තේ නුවණින් යුත් වීර්‍ය්‍යයෙන් සමන්විතවූයේයි. නිස්සයසම්පනේනා යනු උපකාරයක් ඇත්තේ, පිහිටකින් යුක්තවූයේයි. පණියං යනු විකිණියයුතු බඩුවයි. එත්තකං මූලං භවිස්සති එත්තකො උද්දයො යනු මේ දෙයෙහි මෙසේ විකුණු, මෙසේ විකුණන ලබනයයි කියනලද විකිණිය යුතු බඩුවෙන් මිළදීගත් මිළදී ගැනීම් සංඛ්‍යාත මුදල මෙපමණක් වන්නේය. ඒ විකුණනුලබන්නෙහි යම් විකිණීමක් වේද ඒ විකණීමෙහි මෙපමණ මිළනැගීමක්වන්නේය. මෙපමණ පොලියය යන අර්‍ත්‍ථයි.
කුසලො හොති පණියං කෙතුඤච විකෙකතුඤච යනු සුලබතැනට ගොස් මිළදී ගන්නේ දුලබතැනට ගොස් විකුණන්නේද මෙහි කුසලයා (දක්‍ෂයා) නම් වෙයි. දසගුණයක්ද විසිගුණයක්ද ලාභය ලබයි.
අඩ්ඨා යනු ඉසුරෝයි. බොහෝ තැන්පත් කිරීම් වශයෙන් යුක්තවූ අයයි. මහද්ධනා යනු පාවිච්චි කිරීම් වශයෙන් මහත් ධනය ඇත්තෝයි. මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහාභෝග ඇතිඅයයි. පටිබලො යනු කාය බලයෙන් මෙන්ම ඤාණබලයෙන්ද යුක්තවූ හෙයින් සමර්‍ත්‍ථයෝයි. අම්භාකඤ්ච කාලෙන කාලං අනුප්පදාතුං යනු අපටද ගන්නාලද ධනය මුල්කොට ඇති වෘද්ධිය (පොලිය) කලින් කලට දෙන්නටයි. නිපත්න්ති යනු නිමන්ත්‍රණය (ආරාධනය) කරත්. නිවත්තන්ති යනුද පාඨයි. මේ අරුතමයි.
කුසලානං ධම්මානං උපසම්පදාය යනු කුසල් දහම් සැපයීම සඳහා ලැබීම සඳහා ථාමවා යනු ඥානශක්තියෙන් යුක්තවූයේයි. දළහපරක්කමො යනු නොසැලෙන ඥානපරාක්‍රමයෙන් යුක්තවූයේයි. අනික්‍ඛිත්තධුරො යනු උතුම්මාර්‍ගයට නොපැමිණ මෙම වීර්යධුරය නොතබමැයි මෙසේ නඟාතැබූ ධුරයඇත්තේයි.
බහුස්සුතා යනු එක් නිකායක්ය ආදිවශයෙන් බොහෝ බුද්ධවචනය ඇසීම මොවුනට ඇත්තේනුයි බහුස්සුතා නමි. ආගතාගමා යනු එක් නිකායක් එක් ආගමයක් නමි. නිකාය දෙකක් ආගම දෙකක් නමි. නිකායය පස ආගමපස නමි. ඒ ආගම් අතුරින් යමෙකුට එක් ආගමක් හෝ පැමිණියේද ප්‍රගුණවූයේද පවතීද ඔවුහු ආගතාගමා නම් වෙත්, ධම්මධරා යනු සූත්‍රාන්ත පිටකය දරන්නෝයි. විනයධරා යනු විනයපිටකය දරන්නෝයි. මාතිකාධරා යනු දේවමාතිකාධරයෝයි. පරිපුච්ඡති යනු අර්‍ත්‍ථානර්‍ත්‍ථ කාරණාකාරණා විමසයි. පරිපඤ්හති යනු මෙය නම් විමසන්නෙමියි දැනගනියි. තුලනය කරයි. විමසාබලයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේය.
මේ සූත්‍රයෙහි වනාහි පළමුව ප්‍රඥාව පැමිණියේයි. පසුව වීර්යයද කල්‍යාණමිත්‍ර සේවනයද පැමිණියේයි. එහිලා පළමුව රහත්බවට පැමිණ පසුව වීර්යකොට කලණමිතුරන් සෙවියයුතුයයි මෙසේ අර්‍ත්‍ථය නොදැක්වියයුතුයි. දේශනාවගේ යටින් හෝ පිරිසිඳීම වෙයි. මත්තෙන් හෝ වෙයි. දෙකෙළවරින්ම හෝ වෙයි. මෙහි වනාහි උපරිමයෙන් පරිච්ඡේදය දතයුතුයි. එහෙයින් කියන්නහු විසින් පළමුව කල්‍යාණ මිත්‍ර උපනිශ්‍රය දක්වා මැද වීර්යය දක්වා පසුව රහත්බව කියවයුතුය.
දෙවෙනිවූ රථකාර වර්‍ගයයි.
3. පුඟුල් වර්ගය
3. 1. 3. 1
තෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ධ්‍යාන ස්පර්‍ශය පළමුව ස්පර්‍ශකරයි. පසුව නිරොධයවූ නිවන පසක් කරයිනුයි කායසක්‍ඛි නමි. දෘෂ්ටි අන්තයට පැමිණියේනුයි දිට්ටප්පතේතායි. අදහමින් මිදීමට පැමිණියේනුයි සද්ධාවිමුත්තොයි. ඛමති යනු රුචි වෙයි. අභික්කන්තතරො යනු ඉතා සොඳුරුතරය. පණීත්තරො යනු ඉතාප්‍රණීතතරය. සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්‍ගක්‍ෂණයෙහි අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්‍ගක්‍ෂණයෙහි ශ්‍රද්ධාඉන්‍ද්‍රිය ප්‍රධානවිය. සෙසු සතර සහජාත ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියේම පරිවරවූවාහුය. මෙසේ තෙරහු තමන් අවබෝද කළ මාර්‍ගය කියමින් මෙසේ පැවසූහ. මහා කොට්ඨිත තෙරුන්ටද අරහත්මාර්‍ගක්‍ෂණයෙහි සමාධි ඉන්‍ද්‍රියය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්‍ද්‍රියය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්‍ද්‍රිය අධිමාත්‍රයයි පවසමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්‍ගයම කීහ. සැරියුත් තෙරුන්ට වනාහි අරහත්මාර්‍ගක්‍ෂණයෙහි ප්‍රඥා ඉන්‍ද්‍රිය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද ප්‍රඥා ඉන්‍ද්‍රිය අධිමාත්‍රයයි කියමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්‍ගයම පැවසූහ.