2. විනය පෙය්යාලය
දේවමෙ භික්ඛවෙ අත්ථවසෙ පටිච්ච යනු මහණෙනි, අරුත් දෙකක් නිසා, කරුණු දෙකක් සඳහායි. සික්ඛාපදං පඤ්ඤත්තං යනු ශික්ෂා කොටස් තැබීය. සඞ්ඝසුට්ඨුතාය යනු යහපත්බව සඳහායි. මැනව ස්වාමීනියි පවසා පිළිගැනීම සඳහාය යන අරුත්ය. සඞ්ඝඵාසුතාය යනු සඞ්ඝයාගේ පහසුබව සඳහායි. දුඞ්මඩ්කුනං යන දුසිලුන්ගේයි. පෙසලානං යනු ප්රියශීලීන්ගේයි. දිට්ඨධම්මිකානං ආසවානං ඉහාත්මයෙහි මේ අත්බැව්හි ඉක්මවීම හේතුකොටගෙන ලබන්නා වූ වධබන්ධන ගැරහීම් ආදී දුක්කම්කටොලු සංඛ්යාත ආශ්රවයන්ගේයි. සංවරාය යනු වැසීම සඳහායි. සම්පරායිකානං යනු එබඳු වූම අපායට අයත් දුක් නමැති පරලොවෙහි උපදින ආශ්රවයන්ගේද යනුයි. පටිඝාතාය යනු වැළැක්වීම සඳහායි. චෙරානං යනු අකුසල වෛරයන්ගේත් පුද්ගල වෛරයන්ගේත්ය. වජ්ජානං යනු දොෂයන්ගේයි. ඒ දුක්ඛධර්මයෝම හෝ දුරුකළයුතු බැවින් මෙහි වරදයයි අදහස් කරනලදහ. භයානං යනු සිත්තැතිගැනීම් බියේද, බියට හේතුවන්නාවූ ඒ දුක්ඛධර්මයන්ගේද වේ. අකුසලානම්පි යනු පිහිටක් නැතිය යන අර්ත්ථයෙන් අකුශල සංඛ්යාතවූ දුකඛධර්මයන්ගේයි. ගිහීනං අනුකම්පාය යනු ගිහියන් දොස් නඟනවිට පැනවූ ශික්ෂාපදය ගිහියන්ට අනුකම්පා සඳහා පණවනලද්දේනමි. පාපිච්ඡානං පක්ඛුපචේඡදාය යනු පවිටෝ (තමන්ට) පක්ෂයක් (සාදාගැනීම) සඳහා සඞ්ගයා බිඳින්නාහයි ඔවුන්ගේ පක්ෂය සිඳිණු සඳහායි. අප්පසන්නානං පසාදාය යනු ශික්ෂාපද පැනවීම දැක කලින් නොපහන්වූ පණ්ඩිත මනුෂ්යයන්ගේ පැහැදීම උපදවාලනු සඳහායි. පසන්නානං භිය්යොභාවාය යනු පැහැදුනවුන්ගේ මතුමත්තෙහි පැහැදීම සඳහායි. සද්ධම්මට්ඨිතියා යනු සද්ධර්මය බොහෝකල් පැවැත්ම සඳහායි. විනයානුග්ගහාය යනු පස් ආකාරවූ විනයට අනුග්රහය සඳහායි.
පාතිමොක්ඛං පඤ්ඤත්තං යනු භික්ෂුප්රාතිමෝක්ෂය භික්ෂුණී ප්රාතිමොක්ෂය යන දෙයාකාර ප්රාතිමොක්ෂය පනවනලදී. පාතිමොක්ඛුදේදසා යනු භික්ෂූන්ගේ පසය භික්ෂුණීන්ගේ සතරය යන නව ප්රාතිමොක්ෂ උද්දේශයෝ පනවන ලද්දාහ. පාතිමොක්ඛට්ඨපනං යනු උපොෂථය තැබීමයි. පවාරණා පඤ්ඤත්තා යන තුදුස්වකය පසළොස්වකයයි පවාරණ දෙකක් පනවනලදී. පවාරණ්ට්ඨපනං පඤ්ඤත්තං යනු ඇවැත් සහිත භික්ෂුවට පවාරණඤත්තිය ඇතිකල්හි පවාරණය තැබීම පනවනලදී. තජ්ජනීය කර්මාදියෙහිදී භික්ෂූන්ට වාග්ප්රහාරයන්ගෙන් පහරදෙන්නාවූ පණ්ඩුකලෝහිතක භික්ෂූන්ට තජ්ජනීය කම්මය පනවනලදී. මෝඩ නොවියත්වූ සෙය්යසක භික්ෂූවට නිස්සයකම්මය පනවනලදී. කුලදූෂණය කරන්නාවූ අස්සජි පුනබ්බසුක භක්ෂූන් අරභයා පබ්බජනීය කම්මය පනවනලදී. පටිසාරණීය කම්මං, පටිසාරණීය කර්මය ගිහියන්ට ආක්රොශකරන්නාවූ සුධම්ම තෙරුන්ට පනවනලදී. උක්ඛපනීයකම්මං උත්ක්ෂෙපනීය කර්මය ඇවැත් නොදැකීම් ආදියෙහි පනවනලදී. පරිවාසදානං පිරිවෙස්දීම ගරුක ඇවතකට පැමිණියහුට ඇවත වැසුණුකල්හි පනවනලදී. මූලායපටිකස්සනං, මූලායපටිකස්සනය පිරිවෙස් කාලය අතරතුර ඇවැත්අවන්නහුට පනවනලදී. මානත්තදානං මානතදීම පිළිසන්වූද නොපිළිසන්වූද ඇවතෙහි පනවනලදී. ඔසාරණීයං, ඔසාරණීය කර්මය මානව පවතින්නහුට පනවනලදී. නිස්සාරණීයං, නිස්සාරණීය කර්මය නොමනා පැවතුම් ආදියෙහි පනවනලදී.
එහිභික්ෂු උපසම්පදාව, ශරණාගමන උපසම්පදාව, ඕවාදූපසම්පදාව, පඤහව්යාකරණ උපසම්පදාව, ඥප්තිචතුර්ථ කර්මඋපසම්පදාව ගරුධර්මඋපසම්පදාව, උභතොසඞ්ඝයා කෙරෙහි උපසම්පදාව යන අට වැදැරුම් උපසම්පදාව පනවනලදී. ඥප්තිකර්මය නවතැනකට යන්නෙයයි මෙසේ නවස්ථානිකවූ ඥප්තිකර්මය නවතැනකට යන්නෙයයි මෙසේ නවස්ථානිකවූ ඥප්තිකර්මය පනවනලදී. ඥප්තිද්විතීය කර්මය තැන් සතකට යන්නේනුයි මෙසේ සප්තස්ථානිකවූ ඤත්තිදුතියකම්මය පනවනලදී. ඤත්තිචතුත්ථකම්මං, ඥප්ති චතුර්ථකර්මය සත්තැනකට යේනුයි මෙසේ සප්තස්ථානිකව පනවනලදී. ප්රථම පාරාජික ආදියෙහි පළමු පැනවීම අපඤ්ඤතේතපඤ්ඤත්තං නමි. ඒවායේම අනුප්රඥප්ති පඤ්ඤතේත අනුප්පඤ්ඤත්තං නමි. සම්මුඛාවිනයො, සම්මුඛාවිනය ධම්මසම්මුඛතා විනයසම්මුඛතා සඞ්ඝසම්මුඛතා පුග්ගලසම්මුඛතා යනමේ සතරාකාර සම්මුඛීභාවයන් වශයෙන් පනවනලදී. සතිවිනයො, සතිවිනය ස්මෘතිවිපුලත්වයට පත් රහතන්වහන්සේට චෝදනා නොකිරීම සඳහා පනවනලදී. අමූළ්හවිනයෝ, අමූළ්හවිනය උමතුභික්ෂුවට පනවනලදී. චෝදනා ලැබුවහුගේ පිළිණ නොකළ ඇවතෙහි සිදු කිරීම සඳහා පටිඤ්ඤාතකරණය පනවනලදී. බොහෝවූ ධම්වාදීන්ගේ ලබ්ධිය ගෙන අධිකරණය සංසිඳවනු සඳහා යෙභූය්යසිකාව පනවනලදී. පාපය උත්සන්නවූ පුද්ගලයාට නිග්රහ කරනු සඳහා තස්සපාපිය්යසිකාව පනවනලදී. කලහකිරීම් ආදීවශයෙන් බොහෝ අශ්රාමණික දේකොට ඇවතට පැමිණියාවූ භික්ෂූන්ට කුඩාවරදද ගිහියන් හා සබැදිවරදද හැර ඉතිරි ඇවත් සංසිඳවනු සඳහා තිණවත්ථාරකය පනවනලදී.
රාගපෙය්යාලය
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය යනු පංච කාමගුණික රාගය මනාව දැනගනු සඳහායි. ප්රත්යවේක්ෂා කිරීම පිණිසයි. පරිඤ්ඤාය යනු (මනාව) හාත්පසින් දැනගැනීම සඳහායි. පරික්ඛයාය යනු ගෙවීයාම (විනාශය) සඳහායි. පහානාය යනු දුරුකරනු සඳහායි. ඛයාය වයාය යනු ක්ෂයට හා විනාශයට යාම සඳහායි. විරාගාය යනු නොඇලීම සඳහායි නිරොධාය යනු නිරුද්ධවීම සඳහායි. චාගාය යනු අත්හැරීම සඳහායි. පටිනිස්සග්ගාය යනු දුරුකිරීම සඳහායි.
ථම්භස්ස යනු ක්රොධමාන වශයෙන් තද බවේයි. සාරම්භස්ස යනු එකටෙක කිරීම් ලක්ෂණකොට ඇති සාරම්භයාගේයි. මානස්ස යනු නවආකාර මානයාගේයි. අතිමානස්ස යනු ඉක්මවා සිතීමේ මානයාගේයි. මදස්ස යනු මත්වීම් ආකාර ඇති මදයාගේයි. පමාදස්ස යනු සිහියෙන් තොර වීම් සංඛ්යාත පස්කම් ගුණයන්හි සිහි මුළාවීමේයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.