දුකනිපාත වර්ණනාව
පඨමපණ්ණාසකය
1. වස්සූපනායිකා වර්ගය
වජ්ජ සූත්රය
ද්විකනිපාතයේ පළමුවෙනි සූත්රයෙහි වජ්ජානි යනු දොෂයෝයි, අපරාධයෝයි. දිට්ඨධම්මිකං යනු ඉහාත්මයෙහි, මෙම ආත්මභාවයෙහි උපන් විපාකයි. සම්පරායිකං යනු පරලොවෙහි, අනාග ආත්මභාවයෙහි උපන් ප්රතිඵලයි. ආගුචාරිං යනු පාපකාරීවූ, අපරාධ කරන්නාවූ යනුයි. රාජනො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙනති යනු සොරුන්ගෙන රාජපුරුෂයෝ විවිධවූ වධබන්ධන කරත්. රජවරු එය කරවත් නම්වේ. මෙතෙම මෙසේ වධබන්ධන කරනුලබන සොරු බලයි. එහෙයින් ‘පස්සති චොරං ආගුචාරිං රාජනො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙනේත’යි කියනලදී. අද්ධදණ්ඩකෙහි යනු මුගුරුවලින් පහරදීම්වලින් හෝ පහරදෙනු සඳහා සිවුරියන් දඬුකඩක් දෙකට කඩා ගන්නාලද දඬුවලින් හෝයි. බිලඞ්ගථාලිකං යනු කැඳහැලියේ වධයයි. එය කරන්නාහු හිස්කබල උගුළුවා රත්වූ ලොහොගුලියක් අඬුවෙන් ගෙන එහි හෙළති. එයින් හිස්මොළය පැසී උතුරයි. සඞ්ඛමුණ්ඩකං යනු සඞ්ඛමුණ්ඩක නම් වධයයි. එය කරන්නාහු උඩුතොල දෙකන් සිළු ගලවළුව (බෙල්ලේවල) පිරිසිඳීමෙන් සමසිඳ සියලු කෙස් එකට ගැටයක් කොට දණ්ඩෙන් සොලවා උගුළුවත්, කෙස් සමඟ සම ගැලවී එයි. ඉක්බිති හිස්කබල තද ගලින් ගටා සෝදමින් හක්ගෙඩි පැහැය ඇත්තක් කරයි. රාහුමුඛං යනු රාහුමුඛ නම් වධයයි. එය කරන්නාහු අඬුවෙන් මුව විවර කොට මුවතුළ පහනක් දල්වත්. කන්සිළුවෙහි හෝ පටන් මුඛය නියනින් සාරත්, ලේ වැගිරී මුඛ්ය පිරෙයි.
ජොතිමාලිකං යනු සියලු සිරුර තෙල් පෙඟූ කඩමාලු වෙළා ගිනි තබත්, හත්ථපජ්ජොතිකං යනු අතෙහි තෙල් පෙඟූ කඩමාලුවලින් වෙළා පහනක් මෙන් දල්වත්. එරකවතතිකං යනු එරකවත්ත නම් වධයයි. එය කරන්නාහු ගෙලෙන් යට පටන්ද සම්වටෙහි සාරා කපමින් ගොප් ඇටෙහි හෙළත්. හෙතෙම තමන්ගේ සම්වටේ ඇක්මිඇක්මී වැටෙයි. චිරකවාසිකං යනු චිරකවාසිකවධයයි. එය කරන්නාහු එසේම සම්වටෙහි සාරා කපමින් ඉඟෙහි තබත්. ඉගෙහිපටන් සාරා කපමින් ගොප් ඇටෙහි තබත්, යටිසිරුර මත්තෙහි හනවැහැරී ඇඳුමක් අඳිනලද්දාක් මෙන් වෙයි. ඵණෙය්යකං යනු ඵණෙය්යක නම් වධයයි. එය කරන්නාහු දෙවැලමිටෙහිද දෙදෙණෙහිද යකඩින් සිදුරුකොට යකඩ හුල් අනිත්. හෙතෙම යකඩ හුල් සතරකින් බිම පිහිටයි. ඉක්බිති ඔහු වටකොට ගිනිදල්වත්, ‘එණෙය්යකො ජොති පරිග්ගහො යථා’යි ආ තැන්හිද මෙයම කියනලදී. කලින් කලට යකඩහුල් ඉවත් කොට ඔහුට ඇට කෙළවර සතරින්ම තබත්. මෙබඳුවූ වධයක් නම් නැත.
ඛලිසමංසිකං යනු දෙමුවක් ඇති බිලීකොකුවලින් පහරදී සම්මස් නහර උගුළුවත් කහාපණකං යනු සියලු සිරුර තියුණු වෑවලින් කෙළවරෙහි පටන් කහවණු පමණට හෙළමින් කොටස් ඛාරාපතච්ඡිකං යනු සිරුර ඒ ඒ තැන ආවුධවලින් ගසා කොසුවලින් ක්ෂාර (ලුණු) ගල්වයි. සම්මස් නහර වැගිරෙමින් ඇටසැකිල්ලක් මෙන් තිබෙයි. පලිඝපරිවත්තිකං යනු එක් පසකින් වැදහොවා කන්සිදුරෙන් යහුළ ඇන පොළොවට එක්කරයි. ඉක්බිති ඔහු පයින් ගෙන අදියි. පලාලපීඨකං යනු දක්ෂවූ වධකයෙක් සමඇද ඇඹරුම්ගල්වලින් ඇටබිඳ කෙස්වලින් ගෙන ඔසවයි. මස්ගොඩවල්ම වෙයි. ඉක්බිති ඔහුට කෙස්වලින්ම වෙළත්, පිදුරුවැටියක් මෙන් කොට යළි වෙළත්, සුනඛෙහිපි යනු කිහිපදිනක් කෑම නොදී බඩගිනිවූ බල්ලන් ලවා කවත්, ඔවුහු මොහොතකින්ම ඇටසැකිල්ලක්ම කරති. සූලෙඋත්තාසෙනේත යන හුලෙහි නංවන යනුයි.
න පරෙසං පාහතං පලුම්පනතො චරති යනු ඉදිරියට ගෙනෙනලද අනුන් අයත් බඩුවක් යටත් පිරිසෙයින් ඇතුළුවීථියෙහි වැටුණු දහසක් බැඳි පොදියක්වුවද දැකමෙයින් ජීවත් වෙමැයි සොරා ගනිමින් නොහැසිරෙයි. මෙයින් කවර වැඩක්දැයි පාපිටින් පෙරළා යයි.
පාපකො යනු ලාමකවූ දුක්සහගතවූ අනිටුවූයි කිඤචතං යනු ඒ කාරණය කවරක් නම් වන්නේදැයි යාහං යනු යම් කරුණකින් මම යනුයි. කායදුච්චරිතං යනු ප්රාණාතිපාතාදී ත්රිවිධ අකුශලකායකර්මයි. කායසුචරිතං යනු එයට ප්රතිපක්ෂවූ ත්රිවිධ කුශල කර්මයයි. වචීදුච්චරිතං යනු බොරුකීම ආදීවූ සිවුවැදැරුම් අකුශලවාක් කර්මයයි. වචීසුචරිතං යනු එයට ප්රතිපක්ෂවූ සිවුවැදැරුම් කුශලකර්මයයි. මනොදුච්චරිතං යනු දැඩි ලෝභය ආදී ත්රිවිධ අකුශල කර්මයි. මනොසුචරිතං යනු එයට ප්රතිපක්ෂවූ ත්රිවිධ කුශලකර්මයයි. සුද්ධං අත්තානං පරිභරති යන මෙහි ශුද්ධිය (පිරිසුදුබව) පර්යාය වශයෙන් හා නිෂ්පර්යාය වශයෙන් දෙපරිදිය. ශරණාගමනයෙන් පරිසුදුවූ තමන් පවත්වා ගැනීම පරියාය වශයෙන් වේ. යම්සේ පන්සිල්වලින්, දසසිල්වලින්, සිවුපිරිසුදු සිල්වලින්, ප්රථමධ්යානයෙන්, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් සෝවාන් මගින් සෝවාන් පෙලෙන් -පෙ- රහති මගින් පර්යාය වශයෙන් තමන් පරිසුදුව පවත්වා ගිනියි නමි. රහත්පෙලෙහි පිහිටි කෙලෙසුන් දුරුකළ තැනැත්තා මුල් සිඳුණු පංචස්කන්ධයන් නහවන්නේද කවවන්නේද අනුභවකරවන්නේද හිඳුවන්නේද හොවවන්නේද නිෂ්පර්යායයෙන්ම පිරිසිදුවූ නිර්මලවූ තමන් පවත්වයි. පිළිදැඟුම් කරයියයි දතයුතුය.