2. 1. 5. 7
සත්වැන්නෙහි ආමිසගරූ යනු සිවුපසය ගරුකොට ගත් ලෝකෝත්තර ධර්මය පහත්වශයෙන් ගත් පිරිසයි. සද්ධම්මගරූ යනු නවලොවුතුරා දහම ගරු කොට සිවුපසය ලුහුකොට ගෙන සිටි පිරිසයි. උභතොභාගවිමුතේතා යනු අංශදෙකින්ම මිදුණු තැනැත්තායි. පඤ්ඤා විමුතතො යනු ප්රඥාවෙන් විමුක්තියට පත් ශූෂ්ක විදර්ශක රහතන්වහන්සේයි. කායසක්ඛි යනු ප්රඥාවෙන් විමුක්තියට පත් ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේයි. කායසක්ඛි යනු ශරීරයෙන් ධ්යානස්පර්ශය විඳ පසුව නිරොධ සංඛ්යාත නිවන පසක්කොට සිටියේයි. දිට්ඨප්පත්තො යනු දෘෂ්ටි අන්තයට පැමිණියි. මේ දෙකම තැන්සයක ලබත්. සද්ධාධිවිමුත්තො යනු අදහමින් (විශ්වාස කරමින්) විමුක්තියට පත්වූයි. මෙයද තැන් සයක ලැබෙයි. ධර්මය සිහිකරන්නෙනුයි ධම්මානුසාරී නම් වේ. ශ්රද්ධාව සිහිකරන්නේනුයි සද්ධානුසාරී නමි. මේ දෙකම පළමුමාර්ගය හා එක්ව පවතින්නේයි. කල්යාණධම්මො යනු සුන්දර ධර්මයයි. දුස්සීලො පාපධම්මො යනු සිල් නැත්තේ පවිටුදහම් ඇත්තේයි මෙය කෙසේ ගනිත්ද? සියලු දෙනා එකම වැනිවූ විට සිල්වතුන් කෙරෙහි දැඩි ගෞරවයක් වෙතැයි හඟිමින් ගනිති. තෙ තෙන ලාහං ලභන්ති යනු ඒ භික්ෂූහු ඇතමුන්ගේ ගුණද ඇතැමුන්ගේ අගුණද කියා සිවුපසය ලබත්. ගථිතා යනු තෘෂ්ණාවෙන් ගැට ගැසුණාවූයි. මුච්ඡිතා යනු තෘෂ්ණා වශයෙන්ම සිහි මුළාවූයි. අජෙක්ධාපන්නා යනු අදහසෙහි ගිලී නිමාවට පමුණුවා සිටියෝයි. ආදීනව දස්සවිනො යනු ප්රත්යවෙක්ෂා නොකළ පරිභොගයෙහි ආදීනව නොදක්නාහුයි. අනිස්සරණපඤ්ඤා යනු සිවුපසයෙහි ඡන්දරාගය ඉවතට අදින්නාවූ නිස්සරණ ප්රඥාවෙන් තොර වූවෝයි. මේ අර්ත්ථය මෙයයයි නොදන්නාහුයි. පරිභුඤ්ජන්ති යනු ඡන්දරාගය ඇත්තෝ වී අනුභව කරති.
යහපත් අංශයෙහි උභතොභාග විමුත්තො යන ආදියෙහි ආර්ය්ය පුද්ගලයන් සත් දෙනාගේම මේ සැකෙවින් කළ ප්රකාශනයයි. එක් භික්ෂුවක් ප්රඥාධුරයෙන් ඇලී සිටියේ අෂ්ටසමාපත්තීන් උපදවා සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරි නම් වෙයි. සෝවාන්ඵලාදී සයතන්හි කායසක්කි නම් වෙයි. අරහත් ඵලක්ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. සමාපත්තීන්ගෙන් විෂ්කම්භක විමුක්තියෙන්ද මාර්ගයෙන් සමුචේඡද විමුක්තියෙන්ද දෙවරක් හේ දෙගුණයකින් විමුක්තියට පත්වූයේ යන අර්ත්ථයි. අන් තැනැත්තේ ප්රඥාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට අසමත් වෙමින් ශුෂ්කවිදර්ශකයෙක්ම වී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරී නම් වෙයි. සොතාපත්ති ඵලාදී සය තැන්හි දිට්ඨප්පත්ත නම්වෙයි. අරහත් ඵලක්ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්රද්ධා ධුරයෙහි නිරතවූයේ අටසමවත් උපදවා සෝවාන් මගට පැමිණියි.
හෙතෙම එකෙණෙහිද සද්ධානුසාරී නම්වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි කායසක්ඛිනම් වෙයි. අරහත් ඵලක්ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්රද්ධාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට නොහැක්කේ ශුෂ්කවිදර්ශකයෙක්මවී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි සද්ධානුසාරී නම් වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි සද්ධාවිමුත්ත නම් වෙයි. අරහත් ඵලක්ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම්වෙයි.
2. 1. 5. 8
අටවැන්නෙහි විසමා යනු පැකිලීම් සහිතය යන අරුතින් විසමවූයි. සමා යනු නොපැකිලෙන අරුතින් සමවූයි. අධම්මකම්මානි යනු ධර්මවිරෝධී කටයුතුයි. අචිනය කම්මානි යනු විනය විරෝධී කටයුතුයි.
2. 1. 5. 9
නවවැන්නෙහි අධ්ම්මිකා යනු අධාර්මිකවූයි. ධම්මිකා යනු ධර්මයෙන් යුක්තවූවෝයි.
2. 1. 5. 10
දසවැන්නෙහි අධිකරණං යනු සතරාකාරවූ විවාදාධිකරණාදියයි. ආදියන්ති යනු ගනිත්. සඤ්ඤපෙන්ති යනු දන්වත්. න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති යනු දැන්වීම සඳහා නොරැස්වෙති. න ච නිජ්ක්ධාපෙන්ති යනු සලකා නොබලත්. න ච නිජක්ධත්තිං උපගච්ඡන්ති යනු ඔවුනොවුන් සලකා බැලීම සඳහා නොරැස්වෙති. අසඤ්ඤත්තිබලා යනු නොදැන්වීමම ඔවුන්ගේ බලයනුයි අසඤ්ඤත්ති බල නමි. අප්පටිනිස්සග්ගමන්තිනො යනු ‘ඉදින් අපවිසින් ගන්නා ලද අධිකරණය ධාර්මික වන්නේ නම් ගන්නෙමු. ඉදින් අධාර්මික නම් අත්හරින්නෙමු’යි යමෙකුට මෙබඳු අදහසක් වේද ඔවුහු පටිනිස්සග්ගමන්තිනො (අත්හැරීමට කථාකරන්නාහු) නම්වෙත්. මොවුහු වනාහි එසේ මන්ත්රණය නොකරත්නුයි අප්පටිනිස්සග්ගමන්තිනො නම් වෙත්. ථාමසා පරාමස්ස අභිනිවිස්ස යනු දෘෂ්ටි බලයෙන්ද දෘෂ්ටිගැනීමෙන්ද (ඊට) බැස යනුයි. ඉදමෙව සච්චං යනු මේ අපගේ වචනයම සත්යයයි. මොඝමඤ්ඤං යනු අන් අයගේ වචනය නිසරුය, හිස්ය යනුයි. යහපත් අංශය පැහැදිලි අරුත් ඇත්තේමය.