2. 1. 5. 5
පස්වැන්නෙහි පරිසකසටො යනු කිළිටි පිරිස, නිසරු (රෝඩු) පිරිස, හිස් පිරිස යන අරුත්ය. පරිසමණේඩා යනු පහන් පිරිස, සරු පිරිස යන අරුත්ය. ඡන්‍ද්‍රගතිං ගච්ඡන්ති යනු ඡන්‍දයෙන් අගතියට යත්, නොකළයුත්තක් කරති යන අරුත්ය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. මේ සතර අගතියට යෑම් භාණ්ඩ බෙදීමෙහිදීද අධිකරණයෙහිදීද ලැබෙයි. එහි භාණ්ඩ බෙදීමේදී තමන්ට භාර වූවාවු භික්‍ෂූන්ට (තමන්) නොකැමති භාණ්ඩයක් ලැබුණුවිට එය මාරුකොට (තමන්ට) කැමති දෙයක් දෙන්නා ඡන්‍දාගතියට යයි නම් වෙයි. තමන්ට භාර නොවූවන්ට කැමති බඩුවක් ලැබුණුවිට එය මාරුකොට නොකැමති දෙයක් දෙන්නා දොසාගතියට යයි නමි. බෙදියයුතු භාන්ඩයන්ද ලහ බෙදා නැවත්වූ තැනද නොදන්නා මෝහයෙන් අගතියටයයි නමි. කටහැකරවූවන් හා රජුන් ඇසුරු කරන්නවුන් අතුරෙන් මොවුහු නොකැමති භාණ්ඩයක් දුනකල්හි මට අනර්‍ත්‍ථයක් කෙරෙත්යයි බියෙන් මාරුකොට කැමති දෙයක් දෙන්නා බියෙන් අගතියට යයි නමි. යමෙක් එසේ නොයන්නේද සියල්ලනට සමව ප්‍රාමාණිකවී මැදහත්ව යමක් යමෙකුට පැමිණෙයිද එයම ඔහුට දෙයි. මෙතෙමේ සතරාකාරවූම අගතියට නොයයි නමි. අධිකරණයෙහිදී වනාහි තමන්ට භාරවූවහුගේ ගරු ඇවත ලුහු ඇවතකැයි කියන්නේ ඡන්‍දයෙන් අගතියට යයි නමි. අනිකකුගේ ලුහු ඇවත ගරු ඇවතකැයි කොට කියන්නේ දේවෂයෙන් අගතියට යයි නමි. ඇවතින් නැඟී සිටියවුන් පිළිබඳව සමුච්චයක්‍ඛන්‍ධකය (චුල්ලවග්ගයේ තෙවැනි කොටස) ද නොදන්නේ මුළාවෙන් අගතියට යයිනමි. දොඩමළුවූවහුගේ හෝ රජුන් විසින් පුදනලද්දහුගේ ගරුක ඇවතක්කොට කියන්නාවූ මට මෙතෙම නපුරක් කරන්නේයයි ගරුකවුවද ලුහු ඇවතක්කොටම කියන්නේ බියෙන් අගතියට යයිනමි. යමෙක් වනාහි සියල්ලන්ට සිදුවූ පරිද්දෙන්ම කියයිද මෙතෙම සිවුවැදැරුම් අගති ගමනට නොයයි නමි.
2. 1. 5. 6
සයවැන්නෙහි ඔක්කාචිතවිනීතා යනු නොහික්මුණෝයි. නොපටිපුච්ඡා විනීතා යනු විමස විමසා විනීත නොවුවෝයි. ගම්භීරා යනු සල්ලසූත්‍ර වැනි පෙළ වශයෙන් ගැඹුරු වූයි. ගම්භීරත්‍ථා මහාවේදල්ල සූත්‍රය වැනි අර්‍ත්‍ථ වශයෙන් ගැඹුරුවුයි. ලොකුත්තරා යනු ලෝකෝත්තර අර්ථ ප්‍රකට කරන්නාවූයි. සුඤ්ඤතා පටිසංයුත්තා යනු සඤ්ඤාසංඛාත සංයුත්තය වැනි ශුන්‍යවූ ධම්මාත්‍රයම ප්‍රකාශ කරන්නාවූයි. න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති යනු දැන ගැනීම සඳහා සිත නොඑළවත්. නිදත් හෝ සිත වෙනතකට යොමු වූවාහු හෝ වෙත්. උග්ගභෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතුදේද පුහුණු කළයුතුදේද යනුයි. කවිකතා යනු කවීන් විසින් කරනලදැයි සෙස්ස එහිම පර්‍ය්‍යාය වචනයි. චිත්තක්‍ඛරා යනු විසිතුරුවූ අකුරුයි. සෙස්ස එහිම පර්යාය වචනයි. බාහිරකා යනු සසුනින් පිටත වූවෝයි. සාවකභාසිතා යනු ඔවුනොවුන්ගේ ශ්‍රාවකයන් විසින් කියනලද්දාවූයි. සුස්සුසන්ති යනු අක්‍ෂරවිචිත්‍රත්වය නිසා හෝ ස්වර සම්පත්තිය (මිහිර ස්වර) නිසා සතුටු සිතැතිව අසත්. න චෙච අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති යනු අර්‍ත්‍ථය හෝ අනුසන්‍ධි (ගැලපීම) හෝ මුල අග (ගැලපීම) හෝ නොවිමසත් පටිවිචරන්ති යනු ඇසීම (විමසීම) සඳහා චාරිකාවෙහි නොයත්. ඉදං කථං යනු මේ ව්‍යංජනය කෙසේ නැංවිය යුතුද කුමකට නැංවියයුතුද යනුයි. ඉමස්සක්‍චන්‍ථො යනු මේ ප්‍රකාශයේ අර්‍ත්‍ථය කුමක්ද? අනුසන්‍ධිය කුමක්ද? මුලඅග කුමක්ද යනුයි. අවිවටං යනු වැසුණුයි. නවිවරන්ති යනු නොඅරිත්. අනුත්තානීකතං යනු නොපැහැදිලිවූයි. කඞ්ඛාඨානීයෙසු යනු සැකයට හේතුවූ තැන්හියි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.
2. 1. 5. 7
සත්වැන්නෙහි ආමිසගරූ යනු සිවුපසය ගරුකොට ගත් ලෝකෝත්තර ධර්‍මය පහත්වශයෙන් ගත් පිරිසයි. සද්ධම්මගරූ යනු නවලොවුතුරා දහම ගරු කොට සිවුපසය ලුහුකොට ගෙන සිටි පිරිසයි. උභතොභාගවිමුතේතා යනු අංශදෙකින්ම මිදුණු තැනැත්තායි. පඤ්ඤා විමුතතො යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශූෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි. කායසක්‍ඛි යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශුෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි. කායසක්‍ඛි යනු ශරීරයෙන් ධ්‍යානස්පර්‍ශය විඳ පසුව නිරොධ සංඛ්‍යාත නිවන පසක්කොට සිටියේයි. දිට්ඨප්පත්තො යනු දෘෂ්ටි අන්තයට පැමිණියි. මේ දෙකම තැන්සයක ලබත්. සද්ධාධිවිමුත්තො යනු අදහමින් (විශ්වාස කරමින්) විමුක්තියට පත්වූයි. මෙයද තැන් සයක ලැබෙයි. ධර්‍මය සිහිකරන්නෙනුයි ධම්මානුසාරී නම් වේ. ශ්‍රද්ධාව සිහිකරන්නේනුයි සද්ධානුසාරී නමි. මේ දෙකම පළමුමාර්‍ගය හා එක්ව පවතින්නේයි. කල්‍යාණධම්මො යනු සුන්දර ධර්‍මයයි. දුස්සීලො පාපධම්මො යනු සිල් නැත්තේ පවිටුදහම් ඇත්තේයි මෙය කෙසේ ගනිත්ද? සියලු දෙනා එකම වැනිවූ විට සිල්වතුන් කෙරෙහි දැඩි ගෞරවයක් වෙතැයි හඟිමින් ගනිති. තෙ තෙන ලාහං ලභන්ති යනු ඒ භික්‍ෂූහු ඇතමුන්ගේ ගුණද ඇතැමුන්ගේ අගුණද කියා සිවුපසය ලබත්. ගථිතා යනු තෘෂ්ණාවෙන් ගැට ගැසුණාවූයි. මුච්ඡිතා යනු තෘෂ්ණා වශයෙන්ම සිහි මුළාවූයි. අජෙක්‍ධාපන්නා යනු අදහසෙහි ගිලී නිමාවට පමුණුවා සිටියෝයි. ආදීනව දස්සවිනො යනු ප්‍රත්‍යවෙක්‍ෂා නොකළ පරිභොගයෙහි ආදීනව නොදක්නාහුයි. අනිස්සරණපඤ්ඤා යනු සිවුපසයෙහි ඡන්‍දරාගය ඉවතට අදින්නාවූ නිස්සරණ ප්‍රඥාවෙන් තොර වූවෝයි. මේ අර්‍ත්‍ථය මෙයයයි නොදන්නාහුයි. පරිභුඤ්ජන්ති යනු ඡන්‍දරාගය ඇත්තෝ වී අනුභව කරති.