2. 1. 5. 10
දසවැන්නෙහි අධිකරණං යනු සතරාකාරවූ විවාදාධිකරණාදියයි. ආදියන්ති යනු ගනිත්. සඤ්ඤපෙන්ති යනු දන්වත්. න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති යනු දැන්වීම සඳහා නොරැස්වෙති. න ච නිජ්ක්ධාපෙන්ති යනු සලකා නොබලත්. න ච නිජක්ධත්තිං උපගච්ඡන්ති යනු ඔවුනොවුන් සලකා බැලීම සඳහා නොරැස්වෙති. අසඤ්ඤත්තිබලා යනු නොදැන්වීමම ඔවුන්ගේ බලයනුයි අසඤ්ඤත්ති බල නමි. අප්පටිනිස්සග්ගමන්තිනො යනු ‘ඉදින් අපවිසින් ගන්නා ලද අධිකරණය ධාර්මික වන්නේ නම් ගන්නෙමු. ඉදින් අධාර්මික නම් අත්හරින්නෙමු’යි යමෙකුට මෙබඳු අදහසක් වේද ඔවුහු පටිනිස්සග්ගමන්තිනො (අත්හැරීමට කථාකරන්නාහු) නම්වෙත්. මොවුහු වනාහි එසේ මන්ත්රණය නොකරත්නුයි අප්පටිනිස්සග්ගමන්තිනො නම් වෙත්. ථාමසා පරාමස්ස අභිනිවිස්ස යනු දෘෂ්ටි බලයෙන්ද දෘෂ්ටිගැනීමෙන්ද (ඊට) බැස යනුයි. ඉදමෙව සච්චං යනු මේ අපගේ වචනයම සත්යයයි. මොඝමඤ්ඤං යනු අන් අයගේ වචනය නිසරුය, හිස්ය යනුයි. යහපත් අංශය පැහැදිලි අරුත් ඇත්තේමය.
ප්රථම පණ්ණසකය නිමියේයි.
ද්වීතීය පණ්ණාසකය
6. පුග්ගල වර්ගය
2. 2. 6. 1
දෙවෙනි පණ්ණාසකයෙහි පළමුවෙනි සූත්රයෙහි සක්විති රජු සමඟින් ගත් බැවින් ලෝකයාට අනුකම්පාව සඳහාය යන්න නොකියනලදී. මෙහිද සක්විති රජුගේ උපතින් සැප දෙකක් ලැබෙයි. බුදුවරුන්ගේ උපතින් තුනක්ද ලබයි.
2. 2. 6. 2
දෙවෙනි සූත්රයෙහි අච්ඡරියමනුස්සා යනු පුරුදුකළ මිනිස්සුයි. පුදුමසහගත මිනිස්සුයි.
2. 2. 6. 3
තුන්වැන්නෙහි බහුනො ජනස්ස අනුතප්පා හොති යනු මහජනයාට තැවුල් ඇතිකරන්නෙවෙයි. එහි සක්විති රජුගේ මරණයෙන් එක් සක්වළක දෙවිමිනිසුන්ට තැවුල ඇති කරයි. තථාගතයන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් දසදහසක් සක්වළෙහි දෙවිමිනිසුන්ට තැවුල ඇතිකෙරෙයි.
2. 2. 6. 4
සතර වැන්නෙහි ථූපාරහා යනු ස්තූපයට යුතු, සුදුසු අයයි. සක්විති රජුගේ චෛත්යයට සත්කාරකොට සැප දෙකක් ලබත්. බුදුවරුන්ගේ වෛත්යයට සත්කාරකොට සැප තුනකි.
2. 2. 6. 5
පස්වැන්නෙහි බුද්ධා යනු තමන්ගේ ආනුභාවයෙන් සතර සත්යයන් අවබෝධකළ අයයි.
2. 2. 6. 6
සයවැන්නෙහි ඵලන්තියා යනු ශබ්ද කරන්නියෝයි. න සන්තසන්ති යනු බිය නොවෙත්. එහි කෙලෙසුන් දුරුකළ පුද්ගලයා තමන්ගේ සත්කාය දෘෂ්ටිය ප්රහීන කළ බැවින් බිය නොවෙයි. ආජානීය හස්තියා සත්කාය දෘෂ්ටිය බලවත්බැවින් (බිය නොවෙයි)
2. 2. 6. 7
සත්වෙනි අටවෙනි සූත්රයන්හිද මේ ක්රමයමයි. නවවෙනි සූත්රයෙහි කිමපුරිසා යනු කිඳුරෝයි. මානුසි චාචං න භාසන්ති යනු මිනිස් කතා නොකියයි. ධර්මශෝක රජුට එක් කිඳුරකු ගෙනවුත් දැක්වූයේය. රජතෙමේ මොහු කථාකරවන්නැයි කීවේය. කිඳුරා කථා කිරීමට නොකැමතිය. එක් පුරුෂයෙක් මම මොහු කථා කරවන්නෙමැයි මතු මහලින් බස්වා කණු දෙකක් සිටුවා සැළියක් එහි තැබීය. ඒ සැළිය දෙපසින් වැටෙයි. කිඳුරා එය දැක කිම? තවත් එක් කණුවක් සිටුවීමට නොවටීදැයි මෙපමණක්ම කීවේය. යළි පසු කලෙක කිඳුරන් දෙදෙනකු රජුට දැක්වූහ. රජතෙමේ මොවුන් කථාකරවහුයයි කීවේය. ඔවුහු කථා කිරීමට නොකැමති වූහ. රක්පුරුෂයෙක් මම මොවුන් කථාකරවන්නෙමැයි (ඔවුන්) ගෙන අවන්හලක් තුළට ගියේය. එහිදී එකෙක් අඹ ගෙඩියක්ද මසුන්ද දුටුවේය. එකෙක් දිවුල් ගෙඩියක්ද බිලින් ගෙඩියක්ද දුටුවේය. එහිදී පළමු කිඳුරා ‘මිනිස්සු මහාවිෂ කති. කෙසේ නම් සුදුකබර රෝගීහු නොවෙත්දැයි ඇසීය. අනෙක් කිඳුරා කෙසේනම් මේ මිනිස්සු මෙය නිසා කුෂ්ට රෝගීහු නොවෙත්දැයි කීවේය. මෙසේ මිනිස්බස කථා කිරීමට හැකි නමුත් කරුණු දෙකක් දකිමින් කථානොකරති.
2. 2. 6. 10
දසවැන්නෙහි අප්පටිවානො යනු උකටලී නොවූයේයි. පසුබට නොවූයේයි.
2. 2. 6. 11
එකොළොස්වැන්නෙහි අසතං සන්නිවාසං යනු දුදනන්ගේ, අසත්පුරුෂයන්ගේ එක්ව විසීමයි. න වදෙය්ය යනු අවවාදයෙන් හෝ අනුශාසනයෙන් නොකියන්නේයි. නොකියව යන අරුත්ය. ථෙරම්පහං න වදෙය්යං යනු මමද ස්ථවිර භික්ෂුවට අවවාද අනුශාසනාවශයෙන් නොකියන්නෙමි. අභිතානුකම්පී යනු අයහපතක් කැමති වන්නේයි. නො හිතානුකම්පී යනු යහපතක් නොකැමැත්තේයි. නොති තං වදෙය්යං යනු මම ඔබගේ වචනය නොකරන්නෙමැයි ඔහුට කියන්නෙමි යනුයි. විහෙසෙය්යං යනු වචනය (කීදෙය) නොකිරීමෙන් වෙහෙසවන්නෙමි පස්සම්පිස්ස න පටිකරෙය්යං යනු දකිමින්ද දනිමින්ද මම ඔබගේ වචනය නොකරන්නෙමි. මේ ක්රමයෙන් සියලු තන්හි අර්ත්ථය දතයුතුය. යහපත් අංශයෙහි සාධූති නං වදෙය්යං යනු ඔබ විසින් මනාදෙයක් හොඳ දෙයක් මනාව කියනලදැයි ඔහුගේ කීමට සතුටු වෙමින් ඔහුට කියන්නෙමි යන අර්ත්ථයි.