2. 1. 4. 7
සත්වැන්නෙහි ගුන්දාවනෙ යනු එබඳු නම් ඇති වනයෙහියි. උපසඞ්කමි යනු මහාකච්චාන තෙරුන් වහන්සේ වනාහි තමාගේ පියා පමණකුත් සීයා පමණකුත් දැක නොවඳිති නැඟී නොසිටිති අසුනෙන් අරයුම් නොකරතියි අසා එපමණකින් නිගමනයට නොහැක. එළඹ ඔහු පරීක්ෂා කරන්නෙමැයි වළඳනලද උදය ආහාර ඇත්තේ ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවෝ යම් තැනක වෙත්ද එතැනට එළැඹියේය. ජිණේණ යනු ජරාවෙන් දිරිපත්වූයි. වුදේධ යනු වයසින් වැඩුණුයි. මහල්ලකෙ යනු උපතින් මහළුවූයි. අද්ධගතෙ යනු දිගුකලක් ඉක්මවූයි. වයො අනුප්පතේත යනු පැසුළුවියට එළඹුණුයි. තයිදං භො කච්චාන තථෙව යනු පින්වත් කච්චායනය අපවිසින් යමක් අසන ලද්දේද? එය මේ දුටුදෙය හා සම වෙයි. (ඔප්පුවෙයි) එය එසේමය, වෙනසක් නැත. න භි භවං කච්චානො බ්‍රාහමණො යනු මෙය තමා සඳහා කියයි. මේ වනාහි මෙහි අදහසයි: මෙසේ මහළුවූ අප දැක භවත් කච්චායනයන්ගේ වැඳීම් පමණකුදු හුනස්නෙන් නැඟිටීම් පමණකුදු අසුනින් අරයුම් කිරීම් පමණකුදු නැත. යනුයි. න සම්පන්නමෙච යනු නොයුතුය, නොසුදුසුය.
තෙරණුවෝ බමුණාගේ කීම අසා මේ බමුණු තෙමේ මහල්ලන් නොදන්නේමය, තරුනයන් නොදන්නේමය. මහල්ලන්ද තරුණයන්ද විමසන්නේමැයි දේශනය ඉදිරිපත් කරන්නාහු බමුණ ඇත, යනාදිය පැවසූහ. එහි ජානතා යන දතයුතු සියල්ල දන්නාහු විසිනි. පස්සතා යනු එයම අතෙහි තැබූ නෙල්ලි ගෙඩියක් මෙන් දකින්නහු විසිනි. චුද්ධභූමි යනු යම් කරුණකින් වෘද්ධයෙක් නම් වේද ඒ කාරණයයි. දහරභූමි යනු යම් කරුණකින් දහරයෙක් (තරුණයෙක්) නම් වේද ඒ කරුණයි. ආසීතිකො යනු අසූවසක් වියපත්වූයි. නාවුතිකො යනු අනූවසක් වියපත් වූයි. කාමෙ පරිශුඤ්ජති යනු වස්තුකාම ක්ලෙශකාම යන දෙයාකාර කාමයන්හිම සිත් ඇලවීම්වශයෙන් පරිභෝග කරයි. කාමෙ මජ්ක්ධාවසති යන දෙයාකාර කාමයන්හිම ගෙහි ගෙහිමියාමෙන් වසයි. අධිපතිව වසයි. කාමපරියෙසනාය උස්සුකේකා යනු දෙයාකාරවූම කාමයන් සෙවීම සඳහා උත්සුකබවට පැමිණියේවෙයි. බාලො ථෙරොතෙ ව සංඛං ගච්ජති යනු ඒ තෙරණුවෝ බාලයෙකි, මෝඩයෙකියි සැලකිල්ලට ගනියි. මෙය කියනලද්දේය:
‘යම්හෙයකින් යමකුගේ හිස පැසුණේ වේද හෙතෙම එයින් තෙරකෙනෙක් නොවෙති. ඔහුගේ විය මුහුකුරා ගියේය. ඔහුට මෝඩමහල්ලායි කියනුලැබේ.’
දහරො යනු තරුණයයි. යුවා යනු යෞවණයෙන් යුක්තවූයේයි. සුසුකාළ කෙසො යනු මනාව කළුවූ කෙස් ඇත්තේයි. භද්දෙන යොබ්බනෙන සමන්නාගතො යන මෙයින් යම් තරුණබවකින් යුක්තවූ තරුනයෙක් වේද ඒ තරුණබවට මනාව ලබනලද්දකැයි දක්වයි. පඨමෙන වයසා යනු තෙතිස් වස තරුණ වයසයි. එයින් යුක්තවූයේ යන අරුත්ය පණ්ඩිතො ථෙරොතෙව සංඛං ගච්ඡති යනු ඒ එබඳුවූ පුද්ගලතෙමේ පණ්ඩිතයෙකැයිද තෙරකෙනෙකැයිද සැලකිල්ලටයයි. මෙයද කියනලදී.
‘යමෙකු කෙරෙහි සත්‍යයද ධර්මයද අහිංසාවද සංයමය සහ දමයද වේද ඒකාන්තයෙන්ම ඒ වැමෑරූ කිළුටු ඇති පණ්ඩිත තෙමේ තෙර කෙනෙකැයි කියනුලැබේ.’
2. 1. 4. 8
අටවැන්නෙහි චොරා බලවනේතා හොන්ති යනු පාක්ෂිකයන්ගෙන් සමන්විතවූ පිරිවරින් යුක්තවූ ධනයෙන් යුක්තවූ නිවාසස්ථානයනගෙන් සමන්විතවූ වාහනයන්ගෙන් යුක්තවූ අය වෙත්. රාජනො තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි රජවරු ඒ සම්පත් නැතිවීමෙන් දුබලවෙත්. අනියාතුං යනු පිටත දනවූ සැරිසරා කැමති කැමති කෙණෙහි ඇතුළු නගරයට පිවිසීමටයි. නිය්‍යාතුං යනු සොරු දනවු කොල්ලකත්. මඩිත්. (ඔවුන්) වළක්වන්නේමුයි පළමු යම්හිහෝ මැදුම්යම්හි හෝ පැසුළුයම්හි නික්මීමට පහසු නොවෙත්. එයින් නැඟිට සොරු මිනිසුන් පෙළා (ධනය) පැහැරගෙන යති. පච්චන්තිමෙ වා ජනපදෙ අනුස්ඤ්ඤාතුං යනු ගමෙහි වාසය කිරීම සඳහා, හේදඩු ඇතිරීම සඳහා, පොකුණු කනවනු සඳහා ශාලාවන් කරවනු සඳහාද පසල් දනව්වෙහි අනුමත කරවීමටද පහසු නොවේ. බ්රාහ්මණගහපතිකානං යනු ඇතුළු නුවර වැසි බමුණන්ගේ හා ගැහැවියන්ගේයි. බාහිරානි වා කම්මන්තානි යනු පිටගමෙහි අරමෙහි කෙත් වැඩයි. පාපභික්ඛු බලවනේතා හොන්ති යනු පාක්ෂිකයන්ගෙන් උසස්වූ කීර්තියෙන් උසස්වූ පින්වත්වූ බොහෝ උපස්ථායක උපස්ථායිකාවන්ගෙන් යුක්තවූ රාජරාජමහාමාත්යයන් විසින් ඇසුරුකරනලද්දාවූයි. පෙසලා භික්ඛු තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි පියසීලී භික්ෂුහු ඒ සැපත් නැතිවීමෙන් දුබලවෙත්. තුණ්භීභූතා තුණභීභූතා සංසමජේක්ධ සඤක්ධායන්ති යනු නිහඬ වූවෝම සඟමැද හුන්නාහු කිසි එක්වචනයකුදු මුවහැර කීමට නොහැකිවන්නාහු ධ්‍යාන වඩන්නවුන් මෙන් හිඳිත්. තයිදං යනු ඒ මේ කරුණයි. යහපත් පැත්ත කියනලද දෙයට විරුද්ධ අයුරින් දතයුතුය.