2. 1. 4. 8
අටවැන්නෙහි චොරා බලවනේතා හොන්ති යනු පාක්‍ෂිකයන්ගෙන් සමන්විතවූ පිරිවරින් යුක්තවූ ධනයෙන් යුක්තවූ නිවාසස්ථානයනගෙන් සමන්විතවූ වාහනයන්ගෙන් යුක්තවූ අය වෙත්. රාජනො තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි රජවරු ඒ සම්පත් නැතිවීමෙන් දුබලවෙත්. අනියාතුං යනු පිටත දනවූ සැරිසරා කැමති කැමති කෙණෙහි ඇතුළු නගරයට පිවිසීමටයි. නිය්‍යාතුං යනු සොරු දනවු කොල්ලකත්. මඩිත්. (ඔවුන්) වළක්වන්නේමුයි පළමු යම්හිහෝ මැදුම්යම්හි හෝ පැසුළුයම්හි නික්මීමට පහසු නොවෙත්. එයින් නැඟිට සොරු මිනිසුන් පෙළා (ධනය) පැහැරගෙන යති. පච්චන්තිමෙ වා ජනපදෙ අනුස්ඤ්ඤාතුං යනු ගමෙහි වාසය කිරීම සඳහා, හේදඩු ඇතිරීම සඳහා, පොකුණු කනවනු සඳහා ශාලාවන් කරවනු සඳහාද පසල් දනව්වෙහි අනුමත කරවීමටද පහසු නොවේ. බ්‍රාහ්මණගහපතිකානං යනු ඇතුළු නුවර වැසි බමුණන්ගේ හා ගැහැවියන්ගේයි. බාහිරානි වා කම්මන්තානි යනු පිටගමෙහි අරමෙහි කෙත් වැඩයි. පාපභික්‍ඛු බලවනේතා හොන්ති යනු පාක්‍ෂිකයන්ගෙන් උසස්වූ කීර්තියෙන් උසස්වූ පින්වත්වූ බොහෝ උපස්ථායක උපස්ථායිකාවන්ගෙන් යුක්තවූ රාජරාජමහාමාත්‍යයන් විසින් ඇසුරුකරනලද්දාවූයි. පෙසලා භික්‍ඛු තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි පියසීලී භික්‍ෂුහු ඒ සැපත් නැතිවීමෙන් දුබලවෙත්. තුණ්භීභූතා තුණභීභූතා සංසමජේක්‍ධ සඤක්‍ධායන්ති යනු නිහඬ වූවෝම සඟමැද හුන්නාහු කිසි එක්වචනයකුදු මුවහැර කීමට නොහැකිවන්නාහු ධ්‍යාන වඩන්නවුන් මෙන් හිඳිත්. තයිදං යනු ඒ මේ කරුණයි. යහපත් පැත්ත කියනලද දෙයට විරුද්ධ අයුරින් දතයුතුය.
2. 1. 4. 9
නවවැන්නෙහි මිච්ඡාපටිපත්තාධිකරණ හෙතු යනු වැරදි පිළිවෙත ඇති කරන හේතුයි. පිළිපදින හේතු යන අරුත්ය. ඤායං ධම්මං කුසලං යනු විදර්‍ශනා සහිත මාර්‍ගයයි. මෙබන්දෙක් විපස්සනා සහගත මාර්‍ගයට එළැඹීමට සම්පාදනය කර ගැනීමට පිරීමට නොහැකිවෙයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ අයුරින් දතයුතුය. මෙම සූත්‍රයෙහිදී විදර්‍ශනාසහගත මාර්‍ගය ප්‍රකාශකරනලදී.
2. 1. 4. 10
දසවැන්නෙහි දුග්ගහිතෙහි යනු අපිළිවෙළින් ගන්නවුන් විසිනි. බ්‍යංජනපතිරූපකෙහි යනු බ්‍යංජනයෙන්ම (ලකුණෙන් පමණක්) ප්‍රතිරූපකයන් විසින්, අකුරු සිතීමෙන් ලබනලද්දවුන් විසින් යනුය. අත්‍ථංච ධම්මංච පටිබාහන්ති යනු මනාව ගන්නාලද සූත්‍රාන්තයන්ගේ අර්‍ත්‍ථකථාවද පෙළද වළහත්. තමන්ගේ වැරදිව නරකට ගන්නාලද සූත්‍රාන්තයනගේම අර්‍ත්‍ථයද පෙළද උත්තරීතරකොට දක්වත්. යහපත් අංශය කියනලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය. මේ සූත්‍රයෙහි සසුනේ වැඩීමද පිරිහීමද කියනලදී.
සතරවෙනි සමචිත්ත වර්‍ගයයි.
5. පරිස වර්ගය
2. 1. 5. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි උත්තානා යනු ප්‍රකටවූ නොවැසුණු යනුයි. ගම්භීරා යනු සැඟවුණු, වැසුණුයි. උද්ධතා යනු (නොසන්සුන් බවින්) උඩඟුබවින් යුක්තවූයි. උන්නළා යනු නැඟුණු උඩඟුබව ඇතියි. නැඟී සිටි හිස්මානය ඇත්තාහුයයි කියනලද්දේවෙයි. චපලා යනු පාසිවුරු සැරසීම් ආදියෙන් ඇතිවූ චපලබවින් යුක්ත යනුයි. මුඛරා යනු දොඩමලුවූ රළුවචන ඇත්තාවූයි. විකිණ්ණවාචා යනු අසංවර වචන ඇත්තාවූයි. දවසකුදුවුවත් නිසරුවචන කියන්නාවූයි. මුටඨස්සති යනු මුළාවූ සිහි ඇත්තාවූයි. අසම්පජානා යනු නුවණ නැත්තාවූයි. අසමාහිතා සිත එකඟකිරීම් පමණකුදු නොලැබුවාහුයි. පාකතින්‍ද්‍රියා යනු ස්වභාවයෙන්ම පිහිටි විවෘතවූ නොරක්නාලද ඉඳුරන්ගෙන් යුක්තවූවෝයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධලෙසින් දතයුතුය.
2. 1. 5. 2
දෙවැන්නෙහි භණ්ඩනජාතා යනු කොලාහලයක මුල් කොටස භන්ඩනයයි කියනුලැබේ. ඔවුනට එය හටගත්තේනුයි භණ්ඩනජාතානමි. අපි නුඹලාට දඬුවම් දෙවන්නෙමු. බඳවන්නෙමුයි ආදි වචන පැවැත්වීමෙන් හටගත් කලහ ඇත්තෝයි. මෙයවූකලි ගිහියන්විෂයෙහි ක්‍රමයයි. පැවිද්දෝ වනාහි ඇවැත්ඉක්මවීම් පිළිබඳ වචන කියන්නාහු කලහජාතා නම් වෙත්. විවාදාපන්නා යනු විරුද්ධවාදයට පිළිපන්නාහුයි. මුඛසත්තීහි විතුදන්තා යනු ගුණයන් සිඳින අරුතින් නපුරුවචන මුඛසත්තියි කියනුලැබෙයි. ඒ නපුරුවචනයනගේන් විදින්නාහුයි. අනින්නාහුයි. සමග්ගා යනු එකම විනය කර්‍මය එකම උදෙසීම, සමානශික්‍ෂාපද යන මේවා කිරීමෙන් මගියෙන් යුක්තවූයි. පියචක්‍ඛුහි යනු මෛත්‍රී සහගත ඇස්වලිනි.
2. 1. 5. 3
තෙවැන්නෙහි අග්ගවතී යනු උත්තම පුද්ගලබව ඇත්තෝයි. අග්‍රවූ හෙවත් උත්තමවූ පිළිවෙතින් යුක්තවූවෝයි. එයින් වෙනස්වූවෝ අනග්ගවතී නමි. බාහුලිකා යනු සිවුරු ආදිය බොහෝ ඇතිබවට පිළිපන්නෝයි. සසුන ලිහිල්ලෙස ගනිත්නුයි සාථලිකා නමි. ඔක්කමනෙ පුබ්බ්ංගමා යනු මෙහි ඉවත්වයාමේ අරුතින් පංචනීවරණ ඔක්කමනයයි කියනුලැබේ. එහෙයින් පංචනීවරණ පිරීමෙහි පෙරටුවෝයි කියනලද්දේවෙයි. පවිවෙකෙ යනු උපධිචිවෙකයෙහියි, නිවනෙහියි. නික්‍ඛිත්තධුරා යනු ත්‍රිවිධ විවේකයෙහිම ඉවතදැමූ වගකීම් ඇත්තෝ, බහාතැබූ වගකීම් ඇත්තෝයි. නවිරියං ආරභන්ති යනු ද්විවිධ වීර්යයම නොකරත්. අප්පතතස්ස පත්තියා පෙර නොපත් ධ්‍යානවිදර්‍ශනා මාර්‍ගඵල විශේෂයකට පැමිණීම සඳහායි. ඉතිරි පදදෙක එහිම පර්‍ය්‍යාය වචනයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනෙතවාසික ජනයායි. දිට්ටානුගතිං ආපජ්ජති යනු ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරමින් දෘෂ්ටියට, ඔවුන්ගේ පැවැත්ම අනුගතවීමයි. සෙස්ස කියනලද්දට විරුද්ධක්‍රමයෙන්ම දතයුතුයි.