2. 1. 2. 6
සයවැන්නෙහි අඤ්ඤතරො යනු එක් අප්රසිද්ධ නම් ඇති බ්රාහ්මණයෙකි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු යෙන යනු ආධාරාථියෙහි කරණ විභක්ති වචනයි. එහෙයින් භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේයයි මෙසේ අර්ත්ථය දතයුතුය. කවර කරුණකින් භාග්යවතුන්වහන්සේ (වෙත) එළඹියයුතුසේක්ද? නොයෙක් ආකාර ගුණ විශේෂයන්ට එළඹීමේ අදහසිනි. රසවත් ගෙඩි අනුභව කිරීමේ අදහසින් පක්ෂීසමූහයා විසින් නිබඳ පලබර මහගසක්මෙන් එළඹියේය, ගියේයයි කියනලද්දේ වෙයි. උපසඞ්කමිත්වා යනු එළඹීමේ අවසානය දැක්වීමයි. නැතහොත් මෙසේ ගියේ එයින් භාග්යවතුන්වහන්සේට සමීපවූ කිට්ටුම තැනකට ගොස් හෝයිද කියනලද්දේවෙයි.
භගවතා සද්ධිං සම්මොදි යනු සුවදුක් ආදිය විමසමින් භාග්යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්යවතුන්වහන්සේ සමඟ පවත්වන ලද සතුටුවීම් ඇත්තේවෙයි. උණු දියෙන් සතුටුවූ සිසිල් දියක් මෙන් ඒකීයබවට ගියේය. භවත් ගෞතමයිනි, ඔබට රුචිය ගෙනදෙනදේ කෙසේද ඔබට යැපීම ගෙනදෙනදේ කෙසේද? භවත්ගෞතමයන්ගේද ගෞතමශ්රාවකයන්ගේද අල්පාබාධබව නීරෝගීබව සැහැල්ලුබව බලය පහසුවිසීම කෙසේද යනාදී කථාවෙන් සතුටුවිය. ප්රීතිප්රමෝද සංඛ්යාතවූ සතුට දැනවීමෙන් සතුටුවිය යුතුබැවින්ද ඒ සතුටුවියයුතු කථාවයි. අර්ත්ථව්යංජනයන්ගේ මිහිරිබැවින් බොහෝ කලක්වුවද සිහිකිරීමට, නිතර පැවැත්වීමට සුදුසුබැවින් සිහිකළයුතුබැවින්ද සාරාණීයවෙයි. අසනුලබන සුවයෙන්ද සම්මොදනීය නම්වෙයි. සිහිකරනුලබන සුවයෙන් සාරාණීය නම්වෙයි. එසේ ව්යංජන පාරිශුද්ධියෙන්ද සම්මොදනීයවෙයි. අර්ත්ථපාරිශුද්ධියෙන් සාරාණීය වෙයි. යන මෙසේ නොයෙක් අයුරින් සම්මොදනීයං කථා සාරාණීයං විතිසාරෙත්වා අවසන්කොට නිමවා යම් අදහසකින් ආයේද එය අසනුකැමැත්තේ එකත්පසෙක හුන්නේය.
එකමනතං යනු සඳහිරු විසමව පෙරළෙයි (විසමං චන්දසුරියා පරිවත්තන්ති) යනාදී තන්හි මෙන් භාවනපුංසක (ක්රියාවිශේෂණ) නිර්දේශයයි. එහෙයින් යම්සේ හුන්නේ එකත්පසෙක හුන්නේවේද එසේ හුන්නේයයි මෙසේ මෙහි අර්ත්ථය දැක්වියයුතුයි. ආධාරාර්ත්ථයෙහා හෝ මේ කර්මවිභක්ති වචනයි. නිසීදි යනු හිඳගත්තේයි. පණ්ඩිතපුරුෂයෝ වනාහි ගරුකළයුතු තැනට එළඹ අසුන පිළිබඳ දක්ෂතාවෙන් එකත්පසෙක හිඳිති. මෙතෙමේද ඔවුන්ගෙන් කෙනෙකි. එහෙයින් එකත්පසෙක හුන්නේය.
කෙසේ හුන්නේ වනාහි එකත්පසෙක හුන්නේවෙයිද? හිඳීමේ දොස් සය වරායි. එය කෙසේදයත්? ඉතාදුර, ඉතාලඟ, උඩුසුළඟ, උස්තැන, ඉතා ඉදිරිය, ඉතාපිටුපස යනුයි. ඉතා දුර හුන් තැනැත්තේ වනාහි ඉදින් කතාකරනු කැමැත්තේවෙයිද උස්හහඬින් කථාකළයුතුවෙයි. ඉතාළඟ හුන් තැනැත්තේ (හඬ) එකට ගැටීම කරයි. උඩුසුළඟෙහි හුන් තැනැත්තේ සිරුරුගඳින් පෙළෙයි. උස් තැනක හුන්නේ අගෞරවය ප්රකාශකරයි. ඉතා ඉදිරියෙන් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ වෙයිද ඇසින් ඇස ගටා දැකියයුතුය. ඉතා පිටුපසින් හුන්නේ ඉදින් දකිනු කැමැත්තේවෙයිද බෙල්ල දිගුකොට දැකියයුතුවෙයි. එහෙයින් මෙතෙමේත් මේ හිඳීමේ දොස් සය අතහැර හුන්නේය. එහෙයින් එකත්පසෙක හුන්නේයයි කියනලදී.
එතදවොච යනු අගාරික පුච්ඡා අනගාරික පුච්ඡාවශයෙන් විචාරීම ද්විවිධය, එහි ස්වාමීනි යහපත කුමක්ද? අහයපත කුමක්දැයි මේ අයුරින් අගාරික පුච්ඡාව ආවේය. ස්වාමීනි මේ පංච උපාදාන ස්කන්ධයෝයි මේ අයුරින් අගාරික පුච්ඡාව ආවේය. ස්වාමීනි මේ පංච උපාදාන ස්කන්ධයේයි මේ අයුරින් අනගාරික පුච්ඡාවයි. මෙතෙමවනාහි තමන්ට සුදුසුවූ අගාරික පුච්ඡාව විචාරන්නේ ගෞතමයන්වහන්ස කවරනම් හේතුවක්ද කවර නම් ප්රත්යයක්ද යන මේ වචනය ඇසීය. එහි හෙතුපච්චයො යන මේ කාරණය යන්නට පර්ය්යාය වචනයි. අධම්මචරියාවිසමචරියාහෙතු යනු අධර්මචර්ය්යාව සංඛ්යාතවූ විෂමචර්යාවට හේතුව ඊට කාරණය ඊට ප්රත්යය යන අර්ත්ථයයි. විෂමවූ චර්යාව හෝ විෂමවූ කර්මයෙහි හැසිරීම විසමචරියායි. අධර්මචර්යාව වූයේත් එයමය විෂමචර්ය්යාව වූයේත් එයමයයි අධම්මචරියා විසමචරියා නමි. මේ අයුරින් හොඳපැත්තෙහිද අර්ත්ථය දතයුතුයි. අර්ත්ථවශයෙන් මෙහි අධම්මචරියා විසමචරියා නම් දස අකුශල කර්මපථයෝයි. ධම්මචරියා, සමචරියා නම් දශකුශල කර්මපථයෝයයි දතයුතුය.
අභික්කන්තං හො ගොතම අභික්කන්තං යනු මෙහි අභික්කන්ත ශබ්දය ඉක්මයාම සොඳුරුබව, මනාරූඇතිබව, අනුව සතුටුවීම යන අර්ත්ථයන්හි දක්නා ලැබේ. ‘අභික්කන්තා භනේත රත්ති නික්ඛනේතා පඨමො යාමො චිරනිසිනේනා භිකඛුසඞ්ඝො’ යනාදියෙහි ඉකුත්වීම් අර්ත්ථයෙහි දක්නාලැබේ. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණිතතරො ච යනාදියෙහි සොඳුරු යන අරුත්හිය.
‘කොමෙ චන්දති පාදානි ඉද්ධියා යසසා ජලං- අභිකකනේතන වණේණන සබ්බා ඔභාසයං දිසා’
යනාදියෙහි මනාරූ ඇති යන අරුත්හිය. ‘අභික්කන්තං භනේත’ යනාදියෙහි සතුටුවීමෙහිය. මෙහිද අනුව සතුටු වීමෙහිම වේ. අනුව සතුටුවීමෙහි යම් අයුරිකින් වේද එහෙයින් මැනවි ගෞතමයිනි මැනවි ගෞතමයිනියි කියනලද්දේ වේයයි දතයුතුය.
බියෙහි තරහවෙහි පැසසීමෙහි ඉක්මණෙහි කුතුහලෙහි අසිරියෙහි සිනහවෙහි සොවෙහි පැහැදීමෙහි නුවණැත්තේ ආමෙණ්ඩිතය (දෙවරක් කීම) කරන්නේය.
මේ ලක්ෂණයෙන්ද මෙහි පැහැදීම්වශයෙන්ද පැසසීම්වශයෙන්ද මෙය දෙවරක් කියනලදැයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යනු ඉතා සිත් ඇදගන්නා, ඉතාහොඳ, ඉතා කැමති ඉතා සොඳුරුයයි කියනලද්දේ වෙයි.
එහි එක් අභික්කන්තං යනු ඉතා සිත් ඇදගන්නා, ඉතාහොඳ, ඉතා කැමති ඉතා සොඳුරුයයි කියනලද්දේවෙයි. එහි එක් අභික්කන්ත ශබ්දයකින් දෙශනයට පසසයි. එක් ශබ්දයකින් තමාගේ පැහැදීම පවසයි. මේ මෙහි අදහසයි. භවත් ගෞතමයන්ගේ යම් මේ ධර්මදේශනයක් වේද භවත් ගෞතමය එය මැනවි. භවත් ගෞතමයන්ගේ දේශනයට පැමිණ මගේ යම් පැහැදීමක් හෝ භාග්යවතුන්වහන්සේගේම වචනයට යම් පැහැදීමක් වේද එය මැනවියි අර්ත්ථදෙකක් සඳහා පසසයි. දොස් නැසීම්වශයෙන් භවත් ගෞතමයන්ගේ වචනය මැනවි. ගුණයන්ට එළඹීම්වශයෙන්ද මැනවි. එසේම සැදැහැ දැනවීම් වශයෙන්ද නුවණ දැනවීම් වශයෙන්ද මැනවි. අර්ත්ථවශයෙන්ද ව්යංජනවශයෙන්ද මැනවි. පැහැදිලි පද ආතිබැවින්ද ගැඹුරු අරුත් ඇතිබැවින්ද මැනවි. කන්කලුබැවින්ද සිත්ගන්නාසුලුබැවින්ද මැනවි. තමන් උසස් නොකිරීමෙන්ද අනුන් පහත් නොකිරීමෙන්ද කුළුණින් සිහිල්බැවින්ද නුවණින් පැහැසරබැවින්ද ඉදිරියට යොමුවීම සිත්කලුබැවින්ද මැඩීමෙහි දක්ෂබැවින්ද අසනුලබන සුවයෙන්ද විමසනුලබන හිතවත් බැවින්ද මැනවි මේ ආදියෙන් යෙදියයුතුය.