2. 1. 2. 7
සත්වෙනි සූත්‍රයෙහි ජානසේසානී යනු ජානුසේසාණි තනතුර නම්වූ එක් තනතුරකි. එය යම් කුලයක් විසින් ලබනලද්දේද එය ජානුසේසාණි කුලයයි කියනුලැබේ. මෙතෙම එම කුලයෙහි උපන් බැවින් රජු සමීපයෙන්ද ලබනලද ජානුසේසාණි සත්කාරය ඇතිබැවින්ද ජාන්සේසාණියි කියනුලැබේ. තෙනුපසඞ්කමි යනු ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ වනාහි පණ්ඩිතයෙකි, ව්යක්තයෙකි, බහුශ්රැතයෙකැයි අසා, ඉදින් හෙතෙම ලිංග විභක්ති කාරක ආදි භෙදය දන්නේද අපවිසින් දන්නාලද දෙයම දන්නේද? දන්නාලද්දම කියන්නේද, නොදන්නාලද දෙයක් කිම කියන්නේදැයි සිතා මානයෙන් උඩඟුව හිස ඔසවා ගෙන මහපිරිවරින් පිරිවරන ලදුයේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට එළැඹියේය. කතත්තා ච බ්‍රාහ්මණ අකතත්තා ච යනු ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා ‘මේ බමුණුතෙමේ මෙහි එන්නේ දැනගනු කැමැත්තේ අර්ත්ථ සොයන්නෙක්වී මෙහි නොආයේය. මානය දැඩිව ගෙන හිස ඔසවාගෙන ආයේය. කිමෙක්ද මොහුට ඇසූ ප්රශ්නයේ අර්ත්ථය දැන ගන්නා ලෙස කීවිට වැඩක්වන්නේද නැතහොත් නොදන්නා ලෙස කීවටදැයි සිතා නොදන්නා ලෙස කීකල්හි වැඩක්වන්නේයයි දැන, බමුණ, කළබැවින්ද නොකළබැවින්දැයි පැවසූසේක.
බමුණා එය අසා ශ්‍රමණ භවත් ගෞතමයෝ කළබැවින්ද නොකළ බැවින්ද නිරයෙහි උපත පවසති. දෙකරුණින්ම එකතැනක උපත ගැන කීබැවින් මෙය දැනගැනීම දුෂ්කරය. මහ අදුරකි. මෙහි මට පිහිටක් නැත. ඉදින් මම මෙපමණකින්ම නිහඬ වන්නේ නම් බමුණන් මැද කියනලක්හිද මට මෙසේ කියන්නහුය. ‘නුම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට මානය දැඩිකොට හිස කෙළින් තබාගෙන ගියෙහිය. එක් වචනයකින්ම නිහඬව කිසිවක් කීමට නොහැකිවිය. මෙතැන්හි කුමක් කියහිද? එබැවින් පරාජය ලදුයේවුවද පැරදුනෙකු මෙන් නොවී යළි දෙව්ලොව ගමන ගැන ප්‍රශ්නයක් විමසන්නෙමැයි සිතා කො පන භො ගොතම යන මේ දෙවැනි ප්‍රහ්නය ඇරඹීය.
මෙසේද ඔහුට අදහසක් විය. මත්තෙහි ප්‍රශ්නයෙන් යට (කලින් ඇසූ) ප්රශ්නය දැන ගන්නෙමි. කලින් ප්රහ්නයෙන් මතු ප්රශ්නය දැන ගන්නෙමි යනුවෙනි. එබැවින්ද මේ ප්රශ්නය ඇසීය. ශාස්තෘන්වහන්සේ පෙර පරිද්දෙන්ම සිතා යම්සේ නොදැන ගනියිද එසේම පවසන සේක් යළිදු බමුණ කළබැවින්ද නොකළබැවින්දැයි වදාළසේක. බමුණා එහිද පිහිටන්නට නොහැක්කේ මෙබඳු පුරුෂයෙකු ලඟට පැමිණ නොදැන යාමට නොවටීයයි ස්වකීය වාදය අතහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ට අනුගතව මගේ යහපත සොයන්නෙමි. දෙව්ලොව ගමන පිරිසුදු කර ගන්නෙමියි සනිටුහන්කොටගෙන ශාස්තෘන්වහන්සේට අයදින්නේ නඛො අහං යනාදිය පැවසීය. ඉක්බිති ඔහුගේ නිහතමානිත්වය දැන ශාස්තෘන්වහන්සේ මත්තෙහි දෙසුම වඩමින් එසේවීනම් බමුණ, යනාදිය පැවසූසේක.
එහි තෙනහි යනු හේතු දැක්වීමයි. යම්යෙකින් සැකෙවින් කියනලද දෙයෙහි අර්ත්ථය නොදන්නේ විස්තර සහිත දෙසුමක් ඉල්වන්නේද එබැවිනි යන අර්‍ත්‍ථයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
2. 1. 2. 8
අටවැන්නෙහි ආයස්මා යන මෙය ප්රියවචනයකි. ආනන්දො යනු ඒ තෙරුන්ගේ නමයි. එකංසෙන යනු ඒකානතයෙනි. අනුචිච්ච යනු විමසායි. විඤක්දූ යනු පන්ඩිතයෝයි. ගරහන්ති යනු නින්දා කරති, නුගුණ කියතියනුයි. මෙහි සෙස්සද නවවැන්නෙහි සියල්ලද පැහැදිලි අරුත් ඇත්තේමය.
2. 1. 2. 10
දසවෙනි සූත්‍රයෙහි දුන්නික්ඛිත්තං ච පදව්යංජනං යනු උපිළිවෙළින් ගන්නාලද පාළි පදයම අ අර්‍ත්‍ථයාගේ ව්‍යංජනය බැවින් ව්‍යංජනයයි කියනුලැබේ. මේ දෙකම පාළියටම නමකි. අත්ථො ච දූන්නීතො යනු පෙරළා උපිළිවෙළින් ගන්නාලද අර්ත්ථකථාවයි. දුන්නික්ඛිත්තස්ස භික්ඛවෙ පදව්යංනස්ස අත්ථොපි දුන්නයො හොති යනු පෙරළා උපිලිවෙළින් ගන්නාලද පාළියේ අර්‍ත්‍ථකථාව නම් වැරදික්රම ඇත්තේය. වැරදි ලෙස ඉදිරිපත්කරලද්දේය. වැරදි විස්තර කථා ඇත්තේනම්වෙයි.
එකොළොස් වැන්නෙහිදී කියනලද ක්‍රමයට විරුද්ධ ක්‍රමයෙන් අර්ත්ථය දතයුතුය.