2. 1. 2. 5
පස්වැන්නෙහි යසමිං භික්‍ඛවෙ අධිකරණෙ යනු විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය කිච්චාධිකරණය යන මේ අධිකරණයෙන් අතුරෙන් යම් අධිකරණයකය. අපෙනනො ච භිකඛු යනු ඇවතට පැමිණි භික්‍ෂුවයි. තසෙම්තං යනු එහි මෙයයි. දීඝත්තාය යනු දිගුකලක් පැවතීම සඳහායි. ඛරත්තාය යනු දාසකොණ්ඩචණඩාලබවින් යන මෙසේ රළුවචන පැවැත්වීම සඳහායි. වාළත්තාය යනු ගල්කැබලිති දඬුමුගුරුවලින් පහරදීම්වශයෙන් රුදුරුබව සඳහායි. භික්‍ඛු ච න ඵාසුකං විහරිස්සන්ති යනු භික්‍ෂුසංඝයා අන්‍යොන්‍යවශයෙන් විවාදයට එළඹි කල්හි උදෙසීම් හෝ විමසීම් ගනු කැමැත්තෝ හෝ ප්‍රධන්වීර්යයෙහි යෙදෙනු කැමැත්තෝ පහසුසේ නොවසත්, භික්‍ෂුසංඝයා උපොෂථ පවාරණයන් සඳහා සිටිකල්හි උදෙසීම් ආදියෙන් ප්‍රයෝජන ඇත්තෝ උද්දෙශාදිය ගැනීමට නොහැකිවෙත්. විපස්සනා වඩන්නවුන්ගේ සිත හටගැනීම එකඟ නොවෙයි. එයින් විශේෂයක් උපදවීමට නොහැකිවෙත්, මෙසේ භික්‍ෂුහුද පහසුසේ නොවසත්, නදීඝත්තාය යනාදියෙහි කියනලද විරුද්ධ ක්‍රමයෙන්ම අර්‍ත්‍ථය දතයුතුය.
ඉධ යන මේ සසුනෙහියි ඉතිපටිසංචික්‍ඛති යනු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂාකරයි. අකුසලං ආපනනො යන මෙහි අකුසලය යන්නෙන් ඇවත අදහස් කරනලදී. ඇවතට පැමිණියේය යන අර්‍ත්‍ථය. කඤචිදෙව දෙසං යනු සියලු ඇවත්ම නොවේ. ඇවතින් කිසියම් කොටසක්, කිසියම් ඇවතක් යන අර්‍ත්‍ථයි. කායෙන යනු මවුපියන් නිසා හටගත් සිරුරෙනි, අනත්තමනො යනු අසතුටු සිතයි. අනත්තමනවාචං යනු අසතුටු වචනයයි. මමෙව යන මාම යන අර්‍ත්‍ථයි. තත්‍ථ යනු ඒ අධිකරණයෙහියි. අච්චයො අච්චගමා යනු වැරද්ද ඉක්මවා මැඩ ගියේය. මෙහි වැරදිකරු මමමය. සුඞ්කදායිකංච භණ්ඩස්මිං යනු යම්සේ අයබදු ගන්නා තැන පරිහරණයකොට ගෙනයනලද භාණ්ඩයෙහි වරද අයබදු දෙන්නා යටපත් කරයි. එහි ඔහු වරදකරු වෙයි. රජවරු හෝ රාජපුරුෂයෝ හෝ නොවෙති යන අර්‍ත්‍ථයි.
මෙය කියනලද්දේ වෙයි. යමෙක් රජවිසින් පිහිටුවනලද අයබදු අයකරන තැන පරිහරණයකොට බඩු ගෙනයයිද ඔහු බඩු සහිත ගැලෙන් ගෙනවුත් රජුට දක්වත්, එහි අයබදු ගන්නා තැන වරදනැත. රජුගේ හෝ රාජපුරුසයන්ගේද නොවේ. පරිහරණයකොට ගිය තැනැත්තාගේම වරදවෙයි. මෙසේම ඒ භික්‍ෂුව යම් ඇවතකට එළඹියේ එහි ඇවතේ වරද නොවේ. චෝදනා කරන්නාගේද නොවේ. කරුණුතුනකින් ඒ භික්‍ෂුවගේම වරදයි. ඔහුට වනාහි ඇවතට අවන් බැවින්ද වරදයි. චෝකයා කෙරෙහි අසතටු සිත ඇති බැවින්ද වරදයි. අසතුටු සිත ඇතත්හුගේ අනුන්ට සැලකිරීමෙන්ද වරදයි. චෝදකයාට වනාහි හෙතෙම ඒ ඇවතට පැමිණි යමෙකු දුටුවේද එහි වරදක් නැත. අසතුටු සිතින් දොස් නැඟීම වනාහි වරදකි. එයද සිහිනොකොට මේ භික්‍ෂුව තමන්ගේම දෝෂය මෙනෙහි කරමින් මෙසේ එහිවරද මගේමය. භාණ්ඩයෙහි අයබුදුගෙවන්නා මෙන් වරදට පිළිපන්නේයයි මෙසේ මෙනෙහිකරයි යන අර්‍ත්‍ථයි. දෙවැනිවාරයෙහි චෝදකයාට නොසතුටු සිත ඇතිබවද නොසතුටු සිතින් චෝදනා කරනලදබවද යන වරද දෙකෙකි. ඔවුන්ගේ වශයෙන් වරද එළඹියේයයි මෙහි යෝජනාව කළයුතුය. මෙහි ඉතිරිය පැහැදිලි අරුත් ඇත්තේමය.
2. 1. 2. 6
සයවැන්නෙහි අඤ්ඤතරො යනු එක් අප්‍රසිද්ධ නම් ඇති බ්‍රාහ්මණයෙකි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු යෙන යනු ආධාරාථියෙහි කරණ විභක්ති වචනයි. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේයයි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. කවර කරුණකින් භාග්‍යවතුන්වහන්සේ (වෙත) එළඹියයුතුසේක්ද? නොයෙක් ආකාර ගුණ විශේෂයන්ට එළඹීමේ අදහසිනි. රසවත් ගෙඩි අනුභව කිරීමේ අදහසින් පක්‍ෂීසමූහයා විසින් නිබඳ පලබර මහගසක්මෙන් එළඹියේය, ගියේයයි කියනලද්දේ වෙයි. උපසඞ්කමිත්‍වා යනු එළඹීමේ අවසානය දැක්වීමයි. නැතහොත් මෙසේ ගියේ එයින් භාග්‍යවතුන්වහන්සේට සමීපවූ කිට්ටුම තැනකට ගොස් හෝයිද කියනලද්දේවෙයි.
භගවතා සද්ධිං සම්මොදි යනු සුවදුක් ආදිය විමසමින් භාග්‍යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්‍යවතුන්වහන්සේ ඔහු සමඟ යම්සේද එසේ හෙතෙමේද භාග්‍යවතුන්වහන්සේ සමඟ පවත්වන ලද සතුටුවීම් ඇත්තේවෙයි. උණු දියෙන් සතුටුවූ සිසිල් දියක් මෙන් ඒකීයබවට ගියේය. භවත් ගෞතමයිනි, ඔබට රුචිය ගෙනදෙනදේ කෙසේද ඔබට යැපීම ගෙනදෙනදේ කෙසේද? භවත්ගෞතමයන්ගේද ගෞතමශ්‍රාවකයන්ගේද අල්පාබාධබව නීරෝගීබව සැහැල්ලුබව බලය පහසුවිසීම කෙසේද යනාදී කථාවෙන් සතුටුවිය. ප්‍රීතිප්‍රමෝද සංඛ්‍යාතවූ සතුට දැනවීමෙන් සතුටුවිය යුතුබැවින්ද ඒ සතුටුවියයුතු කථාවයි. අර්‍ත්‍ථව්‍යංජනයන්ගේ මිහිරිබැවින් බොහෝ කලක්වුවද සිහිකිරීමට, නිතර පැවැත්වීමට සුදුසුබැවින් සිහිකළයුතුබැවින්ද සාරාණීයවෙයි. අසනුලබන සුවයෙන්ද සම්මොදනීය නම්වෙයි. සිහිකරනුලබන සුවයෙන් සාරාණීය නම්වෙයි. එසේ ව්‍යංජන පාරිශුද්ධියෙන්ද සම්මොදනීයවෙයි. අර්‍ත්‍ථපාරිශුද්ධියෙන් සාරාණීය වෙයි. යන මෙසේ නොයෙක් අයුරින් සම්මොදනීයං කථා සාරාණීයං විතිසාරෙත්‍වා අවසන්කොට නිමවා යම් අදහසකින් ආයේද එය අසනුකැමැත්තේ එකත්පසෙක හුන්නේය.
එකමනතං යනු සඳහිරු විසමව පෙරළෙයි (විසමං චන්‍දසුරියා පරිවත්තන්ති) යනාදී තන්හි මෙන් භාවනපුංසක (ක්‍රියාවිශේෂණ) නිර්දේශයයි. එහෙයින් යම්සේ හුන්නේ එකත්පසෙක හුන්නේවේද එසේ හුන්නේයයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්වියයුතුයි. ආධාරාර්‍ත්‍ථයෙහා හෝ මේ කර්‍මවිභක්ති වචනයි. නිසීදි යනු හිඳගත්තේයි. පණ්ඩිතපුරුෂයෝ වනාහි ගරුකළයුතු තැනට එළඹ අසුන පිළිබඳ දක්‍ෂතාවෙන් එකත්පසෙක හිඳිති. මෙතෙමේද ඔවුන්ගෙන් කෙනෙකි. එහෙයින් එකත්පසෙක හුන්නේය.
කෙසේ හුන්නේ වනාහි එකත්පසෙක හුන්නේවෙයිද? හිඳීමේ දොස් සය වරායි. එය කෙසේදයත්? ඉතාදුර, ඉතාලඟ, උඩුසුළඟ, උස්තැන, ඉතා ඉදිරිය, ඉතාපිටුපස යනුයි. ඉතා දුර හුන් තැනැත්තේ වනාහි ඉදින් කතාකරනු කැමැත්තේවෙයිද උස්හහඬින් කථාකළයුතුවෙයි. ඉතාළඟ හුන් තැනැත්තේ (හඬ) එකට ගැටීම කරයි. උඩුසුළඟෙහි හුන් තැනැත්තේ සිරුරුගඳින් පෙළෙයි. උස් තැනක හුන්නේ අගෞරවය ප්‍රකාශකරයි. ඉතා ඉදිරියෙන් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ වෙයිද ඇසින් ඇස ගටා දැකියයුතුය. ඉතා පිටුපසින් හුන්නේ ඉදින් දකිනු කැමැත්තේවෙයිද බෙල්ල දිගුකොට දැකියයුතුවෙයි. එහෙයින් මෙතෙමේත් මේ හිඳීමේ දොස් සය අතහැර හුන්නේය. එහෙයින් එකත්පසෙක හුන්නේයයි කියනලදී.