2. 1. 2. 2
දෙවෙනි සූත්‍රයෙහි සතිසම්බොජක්‍ධංගං භාවෙති යනාදියෙහි මෙය යට නොආ පද වශයෙන් අර්‍ත්‍ථ වර්‍ණනාවයි. විවෙකනිස්සිතං යනු විවේකය ඇසුරුකොට ඇතියි. විවේකය යනු හුදෙකලා වීමයි. මේ විවෙකය, තදඞ්ග වික්‍ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ග වික්‍ඛම්භන සමුචේඡද පටිපස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ගවිවෙකනිශ්‍රිතවූද, සමුච්ඡේද විවෙක නිශ්‍රිතවූද නිස්සරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධංගය වඩයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය. එසේම සතිසම්බොජ්ක්‍ධංග භාවනාවෙහි යෙදුණු යෝගීතෙමේ විදර්‍ශනාක්‍ෂණයෙහි කෘත්‍යවශයෙන් තදඞ්ගවිවේක නිශ්‍රිතවූද අදහස් වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවූද මාර්‍ගකාලයෙහි කෘත්‍ය වශයෙන් සමුච්ඡෙද විවෙක නිශ්‍රිතවූද අරමුණවශයෙන් නිශ්ශරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩයි. පස් ආකර විවේකය ඇසුරු කොටඇති (සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩිතියිද) ඇතැම්හු කියති. ඔවුහු හුදෙක් බලවත් විදර්‍ශනාමාර්‍ග ඵලක්‍ෂණයන්හි පමණක්ම බොජ්ක්‍ධඞ්ගයන් ඔසවා නොක්වති. විදර්‍ශනාධ්‍යාන කසිණධ්‍යාන ආණාපාන සුබ බ්‍රහ්මවිහාර ධ්‍යානයන්හිදීද ඔසවති. (මෙය) අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂෙප නොකරනලදී. එබැවින් ඔවුන්ගේ මතයෙන් මේ ධ්‍යානයන්ගේ ප්‍රවෘත්ති ක්‍ෂණයෙහි යම්සේ විදර්‍ශනාක්‍ෂණයෙහි අදහස්වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවේද එසේ විස්කම්භන විවේක නිශ්‍රිතවේයයි කියනලදී. මෙසේ පටිප්පස්සද්ධිවිවෙක නිශ්‍රිතවූ බොද්ධ්‍යංගයද වඩන්නේයයි කීමටවටී. විරාගනිශ්‍රිතාදීන් කෙරෙහිද මේ ක්‍රමයයි. විරාගාදීහු විවෙකාර්‍ත්‍ථය ඇත්තෝමය.
මෙහි හුදෙක් වොස්සග්ගය (පරිත්‍යාගය) දෙයාකාරය. පරිච්චාගවොස්සග්ගයද පක්‍ඛන්‍දන වොස්සග්ගයද වශයෙනි. එහි පරිච්චාගවොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි තදඞ්ගවශයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි සමුච්ඡේද වශයෙන්ද කෙලෙසුන් දුරුකිරීමයි. පක්‍ඛන්‍දන වොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි එයට නැඹුරුවීම් වහයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි අරමුණු කිරීමෙන්ද නිවන තුළට වැදීමයි. ඒ දෙකම මේ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ අර්‍ත්‍ථවර්‍ණනා ක්‍රමයේදී සුදුසුය. මේ සති සම්බොජ්ක්‍ධඞ්ගය යම්සේ කියනලද ක්‍රමයෙන් කෙලෙසුන් දුරුකරයිද එසේම නිවනටද ඇතුළු වෙයි. වොස්සග්ගපරිනාමිං යන මෙම සියලු වචනයෙන් වොස්සග්ගාර්‍ත්‍ථය (පරිත්‍යාගාර්ථය) යොමුවන, යොමුවූ, පැසෙන පැසුණු යන (ලක්‍ෂණ ඇත) යන මෙය කියනලදී. මේ බොජක්‍ධඞ්ග භාවනාවෙහි යෙදුණු භික්‍ෂුව යම්සේ සතිසම්බොජක්‍ධඞ්ගය කිලෙසපරිච්චාග වොස්සග්ග අර්‍ත්‍ථයද නිබ්බාන පක්‍ඛන්‍දන වොස්සග්ග අර්‍ත්‍ථයද පැසවයිද යම්සේ මුහුකුරා ගියේවේද එසේ එම බොජක්‍ධඞ්ගය වඩයි යන මේ ක්‍රමය සෙසු බොධ්‍යංගයන්හිදවේ.
මෙහි වනාහි නිවනම සියලු සංඛතධර්‍මයනගෙන් වෙන්වූ බැවින් විවේකයයි. සියල්ලන්ගේ වෙන්වීම බැවින් විරාගයයි. නිරෝධභාවයෙන් නිරෝධයයි කියනලදී. මාර්ගයමද වොස්සග්ගපරිනාමීය. එබැවින් සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩයි. විවේකය අරමුණුකොට පැවතීමෙන් විවෙකනිශ්‍රිතවෙයි. එසේ විරාගය (අරමුණුකොට පැවතීමෙන්) විරාගනිශ්‍රිතවේ. නිරොධ නිශ්‍රිතද වේ. එයද ආර්යමාර්‍ගක්‍ෂණයෙහි පැවතීමෙන් කෙලෙසුන් සහමුලින් විනාශවීමෙන් පරිත්‍යාග භාවයෙන්ද නිබ්බානපක්‍ඛන්‍දන භාවයෙන්ද මුහුකුරාගියේය. පැසුණේය යන මෙම අර්‍ත්‍ථයම දැක්විය යුතුය. සෙසු බොජක්‍ධඞ්ගයන්හි මේ ක්‍රමයයි. මෙසේ මේ බොධ්‍යංග සත ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී. මේ බලදෙකෙහිද ඒතදග්‍රභාවය කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි.
2. 1. 2. 3
තෙවෙනි සූත්‍රයෙහි විචිචේච්ච කාමෙහි යනාදී ධ්‍යාන සතරේ පෙළ අර්‍ත්‍ථයද භාවනාක්‍රමයද යන සියල්ල විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. මෙම සතර ධාන්‍යයන් ඇතැම් භික්‍ෂුහු චිත්තවිවේකය සඳහා වඩාත් ඇතමෙක් විදර්‍ශනාපාදකවීම සඳහාද ඇතමෙක් අභිඥාපාදකවීම සඳහාද ඇතමෙක් නිරෝධපාදකවීම සඳහාද ඇතමෙක් භවවිශෙෂාර්ථය සඳහා ද වඩාත් මෙහි මේවාද විදර්‍ශනාපාදක වූවෝයයි අදහස් කරනලදහ. මේ භික්‍ෂුව මේ ධ්‍යානයන්ට සමවැද සමවතින් නැඟිට සංස්කාරයන් විමසා බලා හේතු ප්‍රත්‍යය පරීක්‍ෂාකොට ප්‍රත්‍යය සහිතවූ නාමරූපයන් නිශ්චයකොට ඉන්‍ද්‍රියබල බෝධ්‍යංගයන් ගලපා රහත්බවට පැමිණෙයි. මෙසේ මේ ධ්‍යානයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලද්දාහුය. මේ බලදෙකෙහිම එතදග්‍රභාවය කියනලද ක්‍රමයෙන්ම දතයුත්තාහුය.
2. 1. 2. 4
සිවුවැන්නෙහි සඞ්ඛිතේතන ච චිත්‍ථාරෙනච යනු සංක්‍ෂිපත ධර්‍මදේශනාව විස්තාරධර්‍මදේශනාව යන ධර්‍මදේශනා දෙකම දක්වනුලබයි. එහි මාතෘකාව උද්දෙශකොට කියනලද දේශනාව සංක්‍ෂිප්ත දේශනා නමි. එම මාතෘකාවම විස්තරවශයෙන් බෙදා කියනලද දේශනාව විස්තාර දේශනා නමි. මාතෘකාව තබාද නොතබාද විස්තරවශයෙන් බෙදා කියනලද්දේ විස්තාර දේශනාමය. ඔවුනතුරෙන් සංක්‍ෂිප්ත දේශනාව නම් මහනුවණැති පුද්ගලයන්ගේ වශයෙන් කියනලද්දේයි. මහපැනවතාට වනාහි විස්තාර දේශනාව දැඩි ප්‍රමාදයක් (අනවශය කල්මැරීමක්) මෙන්වෙයි. මඳපැනවතාට සංක්‍ෂෙපදේශනාව හාවාගේ පැනීමක් මෙන්වෙයි. අගට හෝ කෙළවරට පැමිණීමට නොහැකිවෙයි. සංක්‍ෂෙපදේශනාවද උද්ඝටිතඤඤු පුද්ගලයාගේ වශයෙන් කියනලදී. විස්තාරදේශනාව අනෙක් පුද්ගලයන් තිදෙනාගේ වශයෙනි. සියලුම ත්‍රිපිටකය සංක්‍ෂෙපදේශනා විස්තාර දේශනායයි මෙහිම ප්‍රසිද්ධියට යයි.