2. 1. 2. 3
තෙවෙනි සූත්‍රයෙහි විචිචේච්ච කාමෙහි යනාදී ධ්‍යාන සතරේ පෙළ අර්‍ත්‍ථයද භාවනාක්‍රමයද යන සියල්ල විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. මෙම සතර ධාන්‍යයන් ඇතැම් භික්‍ෂුහු චිත්තවිවේකය සඳහා වඩාත් ඇතමෙක් විදර්‍ශනාපාදකවීම සඳහාද ඇතමෙක් අභිඥාපාදකවීම සඳහාද ඇතමෙක් නිරෝධපාදකවීම සඳහාද ඇතමෙක් භවවිශෙෂාර්ථය සඳහා ද වඩාත් මෙහි මේවාද විදර්‍ශනාපාදක වූවෝයයි අදහස් කරනලදහ. මේ භික්‍ෂුව මේ ධ්‍යානයන්ට සමවැද සමවතින් නැඟිට සංස්කාරයන් විමසා බලා හේතු ප්‍රත්‍යය පරීක්‍ෂාකොට ප්‍රත්‍යය සහිතවූ නාමරූපයන් නිශ්චයකොට ඉන්‍ද්‍රියබල බෝධ්‍යංගයන් ගලපා රහත්බවට පැමිණෙයි. මෙසේ මේ ධ්‍යානයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලද්දාහුය. මේ බලදෙකෙහිම එතදග්‍රභාවය කියනලද ක්‍රමයෙන්ම දතයුත්තාහුය.
2. 1. 2. 4
සිවුවැන්නෙහි සඞ්ඛිතේතන ච චිත්‍ථාරෙනච යනු සංක්‍ෂිපත ධර්‍මදේශනාව විස්තාරධර්‍මදේශනාව යන ධර්‍මදේශනා දෙකම දක්වනුලබයි. එහි මාතෘකාව උද්දෙශකොට කියනලද දේශනාව සංක්‍ෂිප්ත දේශනා නමි. එම මාතෘකාවම විස්තරවශයෙන් බෙදා කියනලද දේශනාව විස්තාර දේශනා නමි. මාතෘකාව තබාද නොතබාද විස්තරවශයෙන් බෙදා කියනලද්දේ විස්තාර දේශනාමය. ඔවුනතුරෙන් සංක්‍ෂිප්ත දේශනාව නම් මහනුවණැති පුද්ගලයන්ගේ වශයෙන් කියනලද්දේයි. මහපැනවතාට වනාහි විස්තාර දේශනාව දැඩි ප්‍රමාදයක් (අනවශය කල්මැරීමක්) මෙන්වෙයි. මඳපැනවතාට සංක්‍ෂෙපදේශනාව හාවාගේ පැනීමක් මෙන්වෙයි. අගට හෝ කෙළවරට පැමිණීමට නොහැකිවෙයි. සංක්‍ෂෙපදේශනාවද උද්ඝටිතඤඤු පුද්ගලයාගේ වශයෙන් කියනලදී. විස්තාරදේශනාව අනෙක් පුද්ගලයන් තිදෙනාගේ වශයෙනි. සියලුම ත්‍රිපිටකය සංක්‍ෂෙපදේශනා විස්තාර දේශනායයි මෙහිම ප්‍රසිද්ධියට යයි.
2. 1. 2. 5
පස්වැන්නෙහි යසමිං භික්‍ඛවෙ අධිකරණෙ යනු විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය කිච්චාධිකරණය යන මේ අධිකරණයෙන් අතුරෙන් යම් අධිකරණයකය. අපෙනනො ච භිකඛු යනු ඇවතට පැමිණි භික්‍ෂුවයි. තසෙම්තං යනු එහි මෙයයි. දීඝත්තාය යනු දිගුකලක් පැවතීම සඳහායි. ඛරත්තාය යනු දාසකොණ්ඩචණඩාලබවින් යන මෙසේ රළුවචන පැවැත්වීම සඳහායි. වාළත්තාය යනු ගල්කැබලිති දඬුමුගුරුවලින් පහරදීම්වශයෙන් රුදුරුබව සඳහායි. භික්‍ඛු ච න ඵාසුකං විහරිස්සන්ති යනු භික්‍ෂුසංඝයා අන්‍යොන්‍යවශයෙන් විවාදයට එළඹි කල්හි උදෙසීම් හෝ විමසීම් ගනු කැමැත්තෝ හෝ ප්‍රධන්වීර්යයෙහි යෙදෙනු කැමැත්තෝ පහසුසේ නොවසත්, භික්‍ෂුසංඝයා උපොෂථ පවාරණයන් සඳහා සිටිකල්හි උදෙසීම් ආදියෙන් ප්‍රයෝජන ඇත්තෝ උද්දෙශාදිය ගැනීමට නොහැකිවෙත්. විපස්සනා වඩන්නවුන්ගේ සිත හටගැනීම එකඟ නොවෙයි. එයින් විශේෂයක් උපදවීමට නොහැකිවෙත්, මෙසේ භික්‍ෂුහුද පහසුසේ නොවසත්, නදීඝත්තාය යනාදියෙහි කියනලද විරුද්ධ ක්‍රමයෙන්ම අර්‍ත්‍ථය දතයුතුය.
ඉධ යන මේ සසුනෙහියි ඉතිපටිසංචික්‍ඛති යනු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂාකරයි. අකුසලං ආපනනො යන මෙහි අකුසලය යන්නෙන් ඇවත අදහස් කරනලදී. ඇවතට පැමිණියේය යන අර්‍ත්‍ථය. කඤචිදෙව දෙසං යනු සියලු ඇවත්ම නොවේ. ඇවතින් කිසියම් කොටසක්, කිසියම් ඇවතක් යන අර්‍ත්‍ථයි. කායෙන යනු මවුපියන් නිසා හටගත් සිරුරෙනි, අනත්තමනො යනු අසතුටු සිතයි. අනත්තමනවාචං යනු අසතුටු වචනයයි. මමෙව යන මාම යන අර්‍ත්‍ථයි. තත්‍ථ යනු ඒ අධිකරණයෙහියි. අච්චයො අච්චගමා යනු වැරද්ද ඉක්මවා මැඩ ගියේය. මෙහි වැරදිකරු මමමය. සුඞ්කදායිකංච භණ්ඩස්මිං යනු යම්සේ අයබදු ගන්නා තැන පරිහරණයකොට ගෙනයනලද භාණ්ඩයෙහි වරද අයබදු දෙන්නා යටපත් කරයි. එහි ඔහු වරදකරු වෙයි. රජවරු හෝ රාජපුරුෂයෝ හෝ නොවෙති යන අර්‍ත්‍ථයි.
මෙය කියනලද්දේ වෙයි. යමෙක් රජවිසින් පිහිටුවනලද අයබදු අයකරන තැන පරිහරණයකොට බඩු ගෙනයයිද ඔහු බඩු සහිත ගැලෙන් ගෙනවුත් රජුට දක්වත්, එහි අයබදු ගන්නා තැන වරදනැත. රජුගේ හෝ රාජපුරුසයන්ගේද නොවේ. පරිහරණයකොට ගිය තැනැත්තාගේම වරදවෙයි. මෙසේම ඒ භික්‍ෂුව යම් ඇවතකට එළඹියේ එහි ඇවතේ වරද නොවේ. චෝදනා කරන්නාගේද නොවේ. කරුණුතුනකින් ඒ භික්‍ෂුවගේම වරදයි. ඔහුට වනාහි ඇවතට අවන් බැවින්ද වරදයි. චෝකයා කෙරෙහි අසතටු සිත ඇති බැවින්ද වරදයි. අසතුටු සිත ඇතත්හුගේ අනුන්ට සැලකිරීමෙන්ද වරදයි. චෝදකයාට වනාහි හෙතෙම ඒ ඇවතට පැමිණි යමෙකු දුටුවේද එහි වරදක් නැත. අසතුටු සිතින් දොස් නැඟීම වනාහි වරදකි. එයද සිහිනොකොට මේ භික්‍ෂුව තමන්ගේම දෝෂය මෙනෙහි කරමින් මෙසේ එහිවරද මගේමය. භාණ්ඩයෙහි අයබුදුගෙවන්නා මෙන් වරදට පිළිපන්නේයයි මෙසේ මෙනෙහිකරයි යන අර්‍ත්‍ථයි. දෙවැනිවාරයෙහි චෝදකයාට නොසතුටු සිත ඇතිබවද නොසතුටු සිතින් චෝදනා කරනලදබවද යන වරද දෙකෙකි. ඔවුන්ගේ වශයෙන් වරද එළඹියේයයි මෙහි යෝජනාව කළයුතුය. මෙහි ඉතිරිය පැහැදිලි අරුත් ඇත්තේමය.